වයඹ දිග සිරියාවේ ගැටුම්වලින් 150,000 ක් අවතැන් වයඹ දිග සිරියාවේ ඉඞ්ලිබ් ප්‍රදේශයේ ගැටුම් උත්සන්න වීම හේතුවෙන් පසුගිය සතියක කාලයේදී 150,000කට වැඩි පිරිසක් අවතැන් වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (7) නිවේදනය කළේය. 07 May 2019
සිරියානු හමුදා - ජිහාද්වාදීන් ගැටුම්වලින් 43 ක් මරුට සිරියාවේ වයඹ දිග ප්‍රදේශයේදී සිරියානු රජයේ හමුදා සහ ජිහාද්වාදීන් අතර ඇති වූ ගැටුම්වලින් සටන්කාමීන් 43 දෙනකු මියගොස් ඇතැයි මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වූ සිරියානු සංවිධානය සඳහන් කළේය. 07 May 2019
සුඩානයේ ලැව් ගින්නකින් 33 ක් මියයති සුඩානයේ දකුණු දිග ඇතිවූ ලැව්ගින්නක් හේතුවෙන් 33 දෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 07 May 2019
රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනාට නිදහස මියන්මාරයේදී අත්අඩංගුවට ගෙන සිරගත කරන ලද රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනා දින 500කට පසු අද (07) යැන්ගොන් අධිකරණයේදී නිදහස් කර ඇත. 07 May 2019
මෙක්සිකෝවේ ගුවන් අනතුරකින් 13 ක් මරුට මෙක්සිකොවේ උතුරුදිග කඳුකර ප්‍රදේශයේදී කුඩා ගුවන්යානාවක් අනතුරට පත්වීමෙන් එහි ගමන්ගත් 13දෙනාම මියගොස් ඇතැයි වාර්තා වේ. 07 May 2019
නයිජීරියාවේ ඉන්ධන බවුසරයක් පුපුරා 55 ක් මරුට නයිජිරියාවේ අගනුවර වන නියාමේ නගරයේ වීදියක ගමන්ගත් ඉන්ධන පිරවූ රථයක් පිපිරීමෙන් 55දෙනකු මියගොස් ඇත. 07 May 2019
මේගන්ට - හැරී කුමරුට කුමාරයෙක් සසෙක්ස්හි ආදිපාදවරිය වන මේගන් මාකෙල් ආර්යාව අද (6) පුතකුට උපත දුන් බව ඇයගේ ස්වාමි පුරුෂයා වන බ්‍රිතාන්‍යයේ හැරී කුමරු නිවේදනය කළේය. 06 May 2019
හදිසියේ ගොඩබැස්ස වු රැසියානු යානයක් ගිනිගෙන 41 ක් මරුට රුසියාවේ මොස්කව් නුවර ශර්මටියෙවෝ ගුවන්තොටුපලේදී හදිසි ගොඩබැස්වීමක් සිදු කිරීමට ගිය ගුවන්යානයක් ගිනිගැනීම හේතුවෙන් 41දෙනකු පමණ මියගොස් ඇත. 06 May 2019
ෆානි බංගලාදේශයටත් ඇතුළු වෙයි ඉන්දියාවේ ඹඩිෂා ප්‍රාන්තයට මහත් විනාශයක් සිදුකළ ෆානි සුළි කුණාටුව මේ වනවිට බංගලාදේශයට ඇතුළුවී ඇති අතර සිදුවූ අනතුරු හේතුවෙන් හතර දෙනකු මියගොස් 30දෙනකුට පමණ තුවාල සිදුවී ඇතැයි වාර්තා වේ. 04 May 2019
බෝට්ටුවක් පෙරළී 9 ක් මරුට තුර්කියට වයඔ දිගින් වෙරළ ආසන්නයේදී සරණාගතයින් රැගත් බෝට්ටුවක් පෙරළී යෑමෙන් නවදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 03 May 2019
කොංගෝවේ ඉබෝලා වසංගතයෙන් 1000 කට අධික පිරිසක් මියයති කොංගෝවේ මාරාන්තික ඉබෝලා වසංගතය හේතුවෙන් පසුගිය මාස නවයක කාලය තුල 1000ක් පමණ මියගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 03 May 2019
ෆානි සුළි කුණාටුවෙන් ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයට බරපතල හානි ෆානි සුළි කුණාටුවෙන් අද(03) ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයේ තිදෙනෙකු මියගොස් බොහෝ දේපල හානි සිදුවී ඇතැයි වාර්තා වේ. 03 May 2019
ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානයේ නායකයා ගෝලීය ත්රස්තවාදීන්ගේ ලැයිස්තුවට පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායමක් වන ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානයේ නායක මසූද් අෂාර් ගෝලීය ත්රස්තවාදීන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (1) පියවර ගත්තේය. 01 May 2019
ප්‍රංශයේ මැයි රැළි වලට කඳුළු ගෑස් ප්‍රහාර ප්‍රංශයේ පැරිස් නුවර මැයිදින පෙලපාලිවල කලහකාරීව හැසිරුණු පිරිස් වෙත ප්‍රංශ පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත. 01 May 2019
අසාන්ජේට සති 50 ක සිරදඬුවමක් ඇප කොන්දේසි කඩකිරීම හේතුවෙන් විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජේට බ්‍රිතාන්‍ය අධිකරණය මගින් සති 50ක සිර දඬුවමක් නියම කර ඇතැයි වාර්තා වේ. 01 May 2019
බිම්බෝම්බ ප්‍රහාරයකින් ඉන්දීය පොලිස් නිලධාරීහු 15 ක් මියයති ඉන්දියාවේ බටහිර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බිම් බෝම්බ දෙකක් පිපිරීමෙන් පොලිස් නිලධාරීන් 15 දෙනකු මියගොස් ඇත. 01 May 2019
ෆානි සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ ඊසානදිග පිරිස් ඉවත් කරති ෆානි සුළි කුණාටුව ඉදිරි පැය 48 ඇතුළත ඉන්දියාවේ ඊසානදිග වෙරළ තීරයෙන් ඇතුළු වීමට නියමිත බවට කාලගුණ අංශ අනතුරු අඟවා ඇති හෙයින් ඔඩිශා ප්‍රාන්තයේ දහස් ගණන් පිරිස් ඉවත් කරමින් පවතින බව වාර්තා වේ. 01 May 2019
බර්කිනා ෆාසෝහි පල්ලියක වෙඩිතැබීමකින් 6 ක් මරුට බර්කිනා ෆාසෝහි පොතෙස්තන්ත්‍ර පල්ලියක සිදුකරන ලද වෙඩිතැබීමකින් හයදෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. 29 April 2019
ඉන්දුනීසියාවේ ගංවතුර හේතුවෙන් 29ක් මරුට ඉන්දුනීසියාවේ ගංවතුර හා නායයෑම් හේතුවෙන් 29 දෙනකු මියගොස් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. 29 April 2019
කාන්තාවන් හත්දෙනකු හා දැරියන් ඝාතනය කරලා මේවනවිට අත්අඩංගුවේ පසුවන 35 හැවිරිදි හමුදා නිලධාරියෙකු විසින් ඝාතනය කළ කාන්තාවන් කිහිපදෙනකුගේ සිරුරු සොයා සයිප්‍රස් පොලිසිය සෝදිස මෙහෙයුම් ආරම්භ කර ඇත. 26 April 2019
කෙනත් සුළි කුණාටුවෙන් මොසැම්බික් දේශයට දැඩි හානි මොසැම්බික් රාජ්‍යයේ උතුරුදිග ප්‍රදේශ හරහා හමා යන කෙනත් සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට තිදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 26 April 2019
2017 සිරියානු ප්‍රහාරයකින් 1600 ක් මියගිහින් 2017 වර්ෂයේදී සිරියාවේ රක්ඛා නගරයෙන් ඉස්ලාම් ත්‍රස්ත කණ්ඩායම පලවා හැරීමට සිදුකරන ලද ගුවන් හා කාලතුවක්කු ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් 1600කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි එහි ක්‍රියාකාරී සංවිධාන පවසයි. 25 April 2019
දකුණු අප්‍රිකාවේ ගංවතුර හේතුවෙන් 51ක් මරුට දකුණු අප්‍රිකාවේ වෙරළබඩ කවාසුළු-නටාල් ප්‍රදේශයේ ඇතිවූ ගංවතුර හේතුවෙන් 51දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 24 April 2019
චීනයේ රසායනික කම්හලක පිපිරීමකින් තිදෙනක් මියයති චිනයේ අභ්‍යන්තර මොන්ගෝලියා කළාපයේ රසායනික කම්හලක සිදුවු පිපිරීමකින් තිදෙනකු මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 24 April 2019
උතුරු කොරියානු ජනපති රුසියාවේ සංචාරයක උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මහතා සංචාරය සඳහා රුසියාවට ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 24 April 2019
මියන්මාරයේ පතලක නායයෑමකින් පතල්කරුවෝ 54ක් මරුට මියන්මාරයේ උතුරුදිග කචින් පළාතේ ජේඩ් පතලක සිදුවූ නායයෑමකින් පතල්කරුවන් 54දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 24 April 2019
නයිජීරියාවේදී පැහැරගත් දෙදෙනෙක් ඝාතනය කෙරේ නයිජීරියාවේ උතුරුදිග කඩුනා නගරයේදී කප්පම්කරුවන් පිරිසක් විසින් පැහැරගත් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක සහ නයිජීරියානු ජාතිකයෙකු මරාදමා ඇතැයි වාර්තා වේ. 22 April 2019
කොළොම්බියාවේ නායයෑම්වලින් 17ක් මරුට කොළොම්බියාවේ නිරිත දිග ප්‍රදේශවල සිදුවූ නායයෑම් හේතුවෙන් 17දෙනකු මියගොස් පස්දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 22 April 2019
අයිඑස් ත්‍රස්ත ප්‍රහාර නිසා සිරියානු -ඒකාබද්ධ හමුදා සෙබලුන් 35ක් මරුට සිරියාවේ මධ්‍යම ප්‍රදේශයේදී අයිඑස් ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් සිරියානු සහ ඒකාබද්ධ හමුදා සෙබලුන් 35දෙනකු මියගොස් ඇතැයි යුධ නිරීක්ෂක මානව හිමිකම් කණ්ඩායම් පවසයි. 20 April 2019
මෙක්සිකෝවේ අවන්හලක වෙඩි තැබීමකින් 13ක් මරුට මෙක්සිකෝවේ ගල්ෆ් වෙරළබඩ කළාපයට අයත් වැරකෲස්හි අවන්හලක සිදුකල වෙඩි තැබීමකින් 13දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 20 April 2019
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026