IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ගුජරාජා වැසියෙකු ඝාතනය කරයි

බ්‍රසීලයේ ඊසානදිග මරන්හාවෝ ප්‍රාන්තයේදී ස්වදේශික ගුජරාජා වැසියෙකු ඝාතනය කර ඇතැයි එරට ස්වදේශ කටයුතු කාර්යංශය පවසයි.

මොහු සමග ස්වදේශික නොවන පුද්ගලයෙකු ද ඝාතනය කර ඇති අතර ඔවුන් දෙදෙනාගේ සිරුරු අමරාන්තේ නගර සභා ප්‍රදේශයේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබේ.

පොලිසිය පවසන්නේ මොවුන් සාහසික ලෙස ඝාතනය කර ඇති බවයි.

නීති විරෝධී දැව කැපීම් වලින් වනාන්තර ආරක්ෂා කිරීමට ගුජරාජා වැසියන් කැපවී ක්‍රියා කරන අතර මීට දින හයකට පෙර ගුජරාජා සාමාජිකයන් දෙදෙනකු ද නොවැම්බර් මස මුලදී ගුජරාජා නායකයෙකු ද ඝාතනය කරනු ලැබීය.

මෙලෙස ඝාතනය කරනු ලැබූයේ නීති විරෝධී දැව කැපීම් වලින් වනාන්තරය ආරක්ෂා කරගන්නා කණ්ඩායමක නායකයෙකි.

බ්‍රසීලයේ ආදිවාසී අයිතිවාසිකම් ආරක්ෂා කරන කණ්ඩායමක සම්බන්ධීකාරවරිය වන සෝනියා ගුජරාජා පවසන්නේ මෑතකදී සිදුවූ මෙම ඝාතන වෛරය හේතුවෙන් සිදුවූ අපරාධ බවයි.

ජනාධිපති බොල්සනාරෝගේ නව ආණ්ඩුවේ පළමු වසර තුළ බ්‍රසීලයේ වන විනාශය තියුණු ලෙස ඉහල ගොස් ඇති බව වාර්තා වේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

ගුජරාජා වැසියෙකු ඝාතනය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 707 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site