කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි
රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හරිත මාවත ’’ ඔස්සේ පිට කර ගෙන යද්දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීහු විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.