අනෝජන්ගේ මරණ දඬුවම අත්හිටුවයි සෞදි අරාබියේදී මරණ දඩුවමට නියමවී සිටි අනෝජන් සිවරසා නැමැති ලාංකික තරුණයාට සෞදි අරාබියේ මහේස්ත්රාත් අධිකරණය විසින් මීට පෙර පනවන ලද මරණ දඬුවම එරට ශ්රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්ය අමාත්ය හා ත්රිකුණාමල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අරුන් හේමචන්ද්රා මහතා පැවසීය. 3 hours ago
ශිරන්තී යළි රිමාන්ඩ් හෘද රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් ජාතික රෝහලේ ප්රතිකාර ලබන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්තී රාජපක්ෂ මහත්මියට ඇප ලබා දෙන්නැයි කළ ඉල්ලීම ප්රතික්ෂේප කළ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා සැකකාරිය ලබන 16 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. 23 hours ago
ශිරන්තිගේ නඩුව සවස 2 තෙක් කල් තබයි කාන්තා හා ළමා සුභ සිද්ධිය වෙනුවෙන් ආරම්භ කළ ’’සිරිලිය සවිය’’ සමාජ සත්කාරක ආයතනයේ මුදල් සාපරාධී සාවද්ය පරිහරණය කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්තී රාජපක්ෂ වික්රමසිංහ මහත්මිය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ විවෘත හෘද සැත්කමකට භාජනය කර ඇති බව ජනාදීපති නීතිඥ අනිද්ද සිල්වා මහතා කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයා හමුවේ කරුණු දක්වමින් අද පැවසීය. 13 October 2026
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් හමුවේ අද(12) පැවසූහ. 12 October 2026
ශිරන්ති ජාතික රෝහලට ‘සිරිලිය සවිය’ ආයතනයේ මුදල් අවභාවිතා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතික රෝහලට අද (12) පෙරවරුවේ ඇතුළත් කළ බව බන්ධනාගාර මාධ්ය ප්රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා පැවසීය. 12 October 2026
මහින්ද රෝහල් ගත කරයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ. 12 October 2026
ආසියාවේ වේගයෙන් සංවර්ධනය වන රටවල් අතරට ලංකාවත් ආසියානු සංවර්ධන බැංකුවේ 2026 සැප්තැම්බර් ආර්ථික ඉදිරි දැක්ම වාර්තාවේ දත්ත පදනම් කරගෙන සකස් කළ ආසියාවේ වේගයෙන් වර්ධනය වන ආර්ථිකයන් 18ක ලැයිස්තුවට ශ්රී ලංකාවද ඇතුළත්ව තිබේ. 12 October 2026
අයවැය සහන ගැන ජනපති කියයි 2027 ජනවාරියේ රාජ්ය සේවකයන්ගේ වැටුප වැඩිවෙන අතර රුපියල් 38000 ක් ගත් ගුරුවරයකුගේ වැටුප රුපියල් 65000කට ආසන්න ප්රමාණයකට වැඩිවෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකවැරටිය ජන රැළියේදී පැවසීය. 11 October 2026
නාමල්ගෙන් ජනපතිට තවත් ලිපියක් ලබන අයවැයෙන් පාසල් දරුවන් සඳහා අත්යවශ්ය භාණ්ඩ වලට බදු සහන ලබාදීමට කටයුතු කරන්නැයි ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යවමින් පවසයි. 11 October 2026
අස්වැසුම හොරා කැවැයි නෝර්වුඩ් ප්රා.ලේ කාර්යාලේ පිරිසක් පිළිගනීයි අස්වැසුම ප්රතිලාභ වංචනික ලෙස තම නමට සහ තම ඥාතීන්ගේ නමට ලබා ගත් නෝර්වුඩ් ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයන් රැසක් විමර්ෂණයක් ආරම්භ කිරිමට ප්රථම ස්වේච්ඡාවෙන් ප්රාදේශීය ලේකම්වරයා හමුවේ වංචාවක් සිදු කළ බවට පිලිගෙන ඇතැයි ප්රාදේශීය ලේකම් කාර්යාලය ආරංචි මාර්ග කියයි. 11 October 2026
කළුතර ව්යාපාරිකයාට වෙඩි තැබූ වෙඩික්කරු අල්ලයි කළුතර නාගොඩ ප්රදේශයේ හෝටලයකදී එහි හෝටල් හිමි කවුරු වෙඩි තබා ඝාතනය ඔහුගේ බිරියට බරපතල තුවාල සිදුකළ ප්රධාන වෙඩික්කරු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 10 October 2026
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි. 09 October 2026
තනි තනි පුද්ගලයන් වෙනුවෙන් නියෝග දෙන්න සූදානම් නෑ රටේ නීති තිබියදී, තනි තනි පුද්ගලයන් වෙනුවෙන් නියෝග ලබා දීමට තමන් සූදානම් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ත්රෙයිකායික මහා සංඝරත්නය සමඟ ජනාධිපති කාර්යාලයේ අද (8)පැවති සාකච්ඡාවේදී පැවසීය. 08 October 2026
ජනපති-ත්රෛනිකායික මහා සංඝරත්නය හමුවක් කැඳවයි ත්රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා නියෝජනය කරන මහා සංඝරත්නය හා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (8)පැවැත්වේ. 08 October 2026
ශිරන්ති රිමාන්ඩ් - ප්රදීප්ට ඇප කාන්තා හා ළමා සුභ සිද්ධිය වෙනුවෙන් ආරම්භ කළ ’’සිරිලිය සවිය’’ සමාජ සත්කාරක ආයතනයේ මුදල් සාපරාධී සාවද්ය පරිහරණය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්තී රාජපක්ෂ වික්රමසිංහ මහත්මිය ලබන 13 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් දර්ශිමා ප්රේමරත්න මහත්මිය අද (07) නියෝග කළාය. 07 October 2026
ශිරන්ති - ප්රදීප් අධිකරණයට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති බිරිය ශිරන්ති රාජපක්ෂ සහ හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වූ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්රදීප් කාරියවසම් මීට සුළු වේලාවකට පෙර අධිකරණයට රැගෙන ආවේය. 07 October 2026
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති අත්අඩංගුවට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්රදීප් කාරියවසම් මහතා අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි. 07 October 2026
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 07 October 2026
මුදල් විශුද්ධිකරණය නවතන්න ජනපති සාකච්ඡාවක් කැඳවයි මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ (AML/CFT) ජාත්යන්තර අනුකූලතා පරීක්ෂා කිරීමට අදාළව ශ්රී ලංකාව මුහුණ දෙන තෙවන අන්යෝන්ය ඇගයීම සඳහා වූ පූර්ව සූදානම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 07 October 2026
ශිරන්ති රාජපක්ෂ දිවයිනට ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිය සිංගප්පූරු සංචාරය නිමා කර ඊයේ රාත්රී දිවයිනට පැමිණියාය. 06 October 2026
ඥානසාර හිමිට ජම්පරය අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වැරැදිකරුවීමෙන් පසු වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සාමාන්ය සිරකරුවකු ලෙස ජම්පරය අන්දවා ඇති බව බන්ධානාගාර මාධ්ය ප්රකාශක බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම්) සේනක පල්ලේතැන්න මහතා ලංකාදීපයට පැවැසීය. 05 October 2026
ඥානසාර හිමිට පැනවූ දඬුවම් ක්රියාත්මක කරන්නැයි නියෝගයක් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු වී සිර දඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ අපහාස සම්බන්ධයෙන් අභියාචනාධිකරණය මගින් නියම කර ඇති සිර දඬුවම්වල ඉතිරි කාලය ගෙවීම සඳහා ඒ හිමියන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට භාර දෙන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය. 05 October 2026
පාර හාදා දින දෙකයි කඩිගමුවේදී ගලක් කඩා වැටී දුම්රියක් පිලි පනී දිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානියට පත් ව මාස 10 කට අධික කාලයක් නැවතී තිබූ රඹුක්කන පේරාදෙණිය දුම්රිය ගමන් යළි සක්රිය වී දින දෙකකට පසු දුම්රියක් පීලිපැනීම නිසා එම මාර්ගයේ දුම්රිය ගමන්වලට බාධා එල්ලවී ඇත. 05 October 2026
කතානායකගේ ඉල්ලීමක් පැහැර හැරි මැතිසබා පරිපාලන අධ්යක්ෂිකාවගෙන් නිදහසට කරුණු අසයි නව රාත්රී පූජා උත්සවයක් සංවිධානය කරන ලෙසට කතානායකවරයා කළ ඉල්ලීමක් පැහැර හරින ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නිදහසට කරුණු දක්වන ලෙස පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් නීතිඥ හංස අබේරත්න මහතා එහි පරිපාලන අධ්යක්ෂිකා කාන්ති පීරිස් මහත්මියට දැනුම්දී ඇත. 05 October 2026
අත්අඩංගුවට පත් ඥානසාර හිමි අධිකරණයට තිනියාවල ප්රදේශයේදී අත්අඩංගුවට ගත් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (04) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 04 October 2026
විවෘත වරෙන්තු ලබා සිටි ඥානසාර හිමි අත්අඩංගුවට අභියාචනාධිකරණයෙන් හා මහාධිකරණයෙන් විවෘත වරෙන්තු ලැබ සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පිටිගල තවලම පාරේ ලෙනගිරි ආරණ්ය සේනාසනයේ වැඩ සිටියදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි 03 October 2026
ලංකා මුහුදු සීමාවේ ඇති ඉරාන නැව්වලට උදව් කළොත් සම්බාධක මෙරට විශේෂ ආර්ථික කලාපයේ නැංගුරම්ලා තිබෙන ඉරාන නෞකාවලට ඉන්ධන සහ සැපයුම් ලබා දුන් නෞකාවලට සේවය සපයන සමාගම්වල ලංකාවේ නෞකා දෙකක් දෙවැනි වටයේ සම්බාධක හේතුවෙන් අසාදුලේඛනගතවී ඇතැයි ආරංචි මාර්ග අද (02) ප්රකාශ කළේය. 02 October 2026
සලේට ප්රතිකාර කළ වෛද්යවරුන් දහයකට නොතිසි පාස්කු ඉරිදා එල්ල කළ මාගෙන මැරෙන ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්රශ්න කරන රාජ්ය බුද්ධි සේවයේ හිටපු ප්රධානී සුරේෂ් සලේ මහතා පරීක්ෂා කර ඔහු සම්බන්ධයෙන් වාර්තා ඉදිරිපත් කළ ජාතික රෝහලේ අධ්යක්ෂකවරයාට සහ වෛද්ය මණ්ඩලයේ සාමාජිකයන් වශයෙන් කටයුතු කළ වෛද්යවරුන් දසදෙනාට ලබන 06 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් කොටුව මහෙස්ත්රාත්වරයා නොතිසි නිකුත් කළේය. 02 October 2026
ශ්රී ලංකාව සහ සිනොපෙක් සමාගම පසුගිය ජූනි වන තෙක් එකඟතාවයකට ඇවැත් නෑ මෙරට විශාලතම සෘජු විදෙස් ආයෝජන ව්යාපෘතිය වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7ක සිනොපෙක් තෙල් පිරිපහදු ව්යාපෘතිය සම්බන්ධයෙන් ශ්රී ලංකාවට සහ සිනොපෙක් සමාගමට පසුගිය ජූනි මාසය අවසන් වනවිටත් එකඟතාවයකට එළැඹීමට නොහැකි වී ඇතැයි ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව නිකුත් කළ මෙරට ආයෝජන තත්වය පිළිබඳව නවතම වාර්තාවේ සඳහන් වේ. 02 October 2026
අහුංගල්ලේදී වෙඩි කෑ ලොකු පැටීගේ මල්ලී පොඩි පැටී මරුට අහුන්ගල්ල වැලිකන්ද ප්රදේශයේදී අද සන්ධ්යා කාලයේ සිදුවූ වෙඩි තැබීමෙන් පාතාල නායක අහුන්ගල්ලේ ලොකු පැටීගේ මල්ලී මිය ගිය බව අහුන්ගල්ල පොලීසිය තහවුරු කරයි. 01 October 2026
වැස්ස නුවරඑළිය පාසල් කටයුතු වලටත් දැඩි බලපෑමක් නුවරඑළියට ඇද හැළෙන තද වර්ෂාව හේතුවෙන් හෙට (25) දින නුවරඑළිය අධ්යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන පාසල් 6ක සිසුන්ට නිවාඩු ලබාදුන් බව නුවරඑළීය කලාප අධ්යාපන අධ්යක්ෂ ඩී.එම්.එස්.බී. දිසානායක මහ.. 24 September 2026