
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රට පුරා රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් 1819 දෙනකුගේ හිගයක් ( පුරප්පාඩු) පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17) පැවසීය.
මේ අනුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ 136 කගේද වෛද්‍යවරුන් 1683 කගේද හිඟයක් පවතින බව ඔහු කීවේය.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනුමත කාර්ය කාර්ය මණ්ඩලය 2903ක් බවත් දැනට සිටින්නේ 2767ක් පමණක් බවත් අමාත්‍යවරයා කීය.
වෛද්‍යවරුන්ගේ අනුමත කාර්ය මණ්ඩලය 23353ක් නමුත් දැනට රාජකාරී කරන වෛද්‍යවරුන් සංඛ්‍යාව 21670ක් බවද ඔහු ප්‍රකාශ කළේය.
මෙයට අමතරව හෙද හෙදියන්ගේ පුරප්පාඩු 2619ක්ද රසායනාගාර කාර්මික පර්යේෂකයන් පුරප්පාඩු 355 ක්ද පවතින බව නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
ඉදිරි වසර තුනට වෛද්‍යවරුන්ගේ පුරප්පාඩු හත්දාහක් හඳුනාගෙන ඇති බවත් මේ පුරප්පාඩු පිරවීමට ඉදිරියේදී අනුමැතිය ලැබෙනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ පුරප්පාඩු සම්පූර්ණ කර ගැනීම සඳහා විශ්‍රාම වයස හැට තුන දක්වා දීර්ඝ කර ඇති බව කී හෙතෙම ආර්ථික අර්බුදය හමුවේ රට හැර ගිය වැඩිම පිරිස විශේෂඥ වෛද්‍යවරුන් බවද සදහන් කළේය.
විදේශ පුහුණුවට ගොස් නැවත රටට නොපැමිණි පිරිස අතර වැඩිපුර සිටින්නේ නිර්වින්දන වෛද්‍යවරුන් බව ඔහු කීය.
ඒ හිඟය ක්‍රමානුකූලව සම්පූර්ණ කර ගැනීමට බලාපොරොත්තු වන බවද ජයතිස්ස මහතා පැවැසීය.
විශේෂඥ වෛද්‍යවරුන් දැන් පිටරටවල රැඳෙනවා අඩු බවත් පිටරට නැවතුණු පිරිසක් නැවත ෙසෘඛ්‍ය සේවයට එක්වීමට ඉල්ලීම් කර ඇති බවත් ඔහු කීය.
ඒ අයට පත්වීම් ලබාදීමට කටයුතු කරන බවද හෙතෙම සදහන් කළේය.
මේ අතර රජයේ රෝහල්වල තිබිය යුතු ජීවිතාරක්ෂක ඖෂධ 13 ම පවතින බව අමාත්‍යවරයා කීය.
තිබිය යුතු අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රමාණය 630ක් බව කී ජයතිස්ස මහතා ඉන් 31 ක පමණක් හිඟයක් පවතින බවද සඳහන් කළේය.
හිඟ ඖෂධ ලබා ගැනීමට විදේශ ආධාර බලාපොරොත්තු වන බවත් ප්‍රාදේශීය මිලදී ගැනීම්ද අරඹා ඇති බවත් ඔහු කීවේය.
දේශීය නිෂ්පාදකයන් මාර්ගයෙන්ද ඖෂධ නිෂ්පාදනය කරවා ගැනීමට කටයුතු කරගෙන යන බව නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
සැපයුම්කරුවන්ගේ ප්රශ්නය අමුද්‍රව්‍යවල ප්රශ්නය සහ ලෝක පරිමාණ නිෂ්පාදකයන්ගේ ප්රශ්නය නිසා මෙම තිස් එකේ හිඟය මතුව ඇති බව ඔහු කීය.
නලින්ද ජයතිස්ස මහතා මෙසේද පැවැසීය.
සෞඛ්‍ය සේවයේ බඳවා ගැනීම්වල බරපතළ ගැටලුවක් පසුගිය කාලයේ තිබුණා. විශේෂයෙන්ම පරිපූරක වෘත්තියට ආදාල වෘත්තියවේදීන් අවුරුදු ගාණක් තිස්සේ බඳවාගෙන තිබුණේ නෑ. සියලුම කාණ්ඩවල උපාධිධාරීන් බඳවාගෙන පුහුණුවීම් කරගෙන යනවා. එම්එල්ටී ෆිෂියෝ විතරක් බඳවා ගන්න ගැටළුවක් තියෙනවා. සමහරු උසාවියට ගිය නිසා හිරවීමක් ඇතිවුණා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:
සංවේදී ප්‍රතිකාර ක්ෂේත්රවල බරපතළ ඖෂධ හිඟයක් තියෙනවා. අරක කරනවා මේක කරනවා කිව්වට ඇත තත්වය ඒකයි. රාජ්‍ය අංශයේත් නෑ. පෞද්ගලික අංශයේත් නෑ. මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව මානව අයිතියක් ලෙස සලකා ආරක්ෂා කරන්න. හරි ක්‍රියාමාර්ග ගන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd