2026 ආර්ථික විද්යා නොබෙල් ත්යාගය මෙම 2026 වසරේ ආර්ථික විද්යාව සඳහා වන නොබෙල් ත්යාගය විද්යාඥයින් දෙදෙනකු අතර බෙදී ගියේය. ඒ, ඇමරිකාවේ ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්යාලයේ රොබට් ඊ. හෝල් සහ කොලොම්බියා විශ්වවිද්යාලයේ මයිකල් වුඩ්ෆෝර්ඩ් අතරේය. 1 hour ago
දිනකට කසල ටොන් 9000ක්, එකතු කරන්නේ අඩක් පමණයි ශ්රී ලංකාවේ දිනකට කසළ ටොන් 9,000කට ආසන්න ප්රමාණයක් ජනනය වුව ද ඉන් එකතු කරනු ලබන්නේ අඩක් පමණ බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පසුගිය දා අනාවරණය කළේය. 1 hour ago
ආණ්ඩුව විවේචනය කළ සරසවි සිසුවා අත්අඩංගුවට ජනාධිපතිවරයාට අග්රාමාත්යවරියට සහ රජය විවේචනය කරමින් වෛරී සහගත ප්රකාශ සිය මුහුණු පොතේ ගිණුම ඔස්සේ ප්රචාරය කර කඩාකප්පල්කාරී ක්රියාවක් සිදුකිරීමට තැත් කළේ යැයි කියමින් විශ්ව විද්යාල සිසුවෙක් කොබෙයිගනේ පොලිසිය විසින්සැ කපිට අත්අඩංගුවට ගනු ලැබීය. 2 hours ago
කුණු කන්ද ක්රීඩාංගනයක් වෙයි නාවින්න ක්රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු වල වත්මන් තත්ත්වය පිළිබඳ නිරීක්ෂණය සඳහා තරුණ කටයුතු හා ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා එහි ගියේය. 2 hours ago
සමස්ථ ණයෙන් සියයට 24ක් උකස් ණය මෙරට බලපත්රලාභී වාණිජ බැංකු සහ මූල්ය ආයතන පුද්ගලික අංශයට ලබාදී ඇති සමස්ත ණයෙන් සියයට 24.9 ක් එසේත් නැතිනම් හතරෙන් එකක් වාහන සහ රන් භාණ්ඩ ඇපකර මත ලබාදුන් ණය බව ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වර්තාවක සඳහන් වේ. 3 hours ago
භික්ෂූ චීවරය ගැලවිය යුත්තේ බෞද්ධ විනය නීති වලට අනුවයි භික්ෂුන් වහන්සේලාගේ චීවරය ගැලවීම කිසිසේත් උසාවියට සම්බන්ධ කාර්යයක් නොවේ යැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මාධ්ය හමුවකදී පැවසීය. එය කළ යුත්තේ බුද්ධ ධර්මයේ ගැබ්වෙලා තිබෙන විනය රීති වලට අනුකූලව බව කී පීරිස් මහතා භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් වන නීති සහ රීති පැහැදිලිව බුද්ධ ශාසනයේ දක්වා තිබෙන බව සඳහන් කළේය. 3 hours ago
සජබෙ-මහා නා හිමි සම්පූර්ණ කතා බහ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් හමුවේ අද (12) පැවසූහ. 10 hours ago
චාමර සම්පත් ලබන 23 තෙක් රිමාන්ඩ් පොස්පේට් අපනයන බලපත්ර ලබාදීම සිදු වූයේ යැයි කියන අක්රමිකතාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දිසානායක ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා නියෝගය නිකුත් කළේය. 15 hours ago
ජනපතිගෙන් පෞද්ගලික තෙල් සමාගම් වලට සැර කතාවක් පෞද්ගලික තෙල් සමාගම් සමග එළැඹ ඇති පැරණි ගිවිසුම් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉබ්බාගමුවේදී පැවසීය. 16 hours ago
රාජ්ය පාලන කාරක සභාව රැස් කරන්නැයි සජිත් ඉල්ලයි දඬුවමකට යටත්ව බන්ධනාගාර ගත කර ඇති පූජ්ය පක්ෂය සම්බන්ධයෙන් පිළිපැදිය යුතු පිළිවෙත් සාකච්ඡා කිරීම සඳහා රාජ්ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වහාම රැස්කරන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා කථානායක මගින් එම කාරක සභාවේ සභාපති වෙත ලිපියක් යොමුකොට ඇත. 16 hours ago
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් හමුවේ අද(12) පැවසූහ. 18 hours ago
හිටපු නියෝජ්ය ඇමති අශෝක අබේසිංහ සජබ හැර යයි හිටපු නියෝජ්ය අමාත්යවරයකුවූ අශෝක අබේසිංහ මහතා සමගි ජන බලවේගයේ දැරූ සියලුම තනතුරුවලින් අද (12) ඉල්ලා අස්විය. 18 hours ago
රස වාර්තා හිරගෙදර රැදවියන් 4000කින් අඩු කරයි රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීම කඩිනම් කිරීම හේතුවෙන් පසුගිය මාස කිහිපයේදී බන්ධනාගාර ගත රැඳවියන්ගේ සංඛ්යාව හාර දහසකින් අඩුවී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 18 hours ago
SLS නැති හෙල්මට් පාරිභෝගික අධිකාරිය භාරයට එස්.එල්. එස් ලාංඡනය නොමැති හෙල්මට්වලට එරෙහිව ජූලි සහ ඔක්තෝබර් මාසවලදී දිවයින පුරා සිදුකළ විශේෂ වැටලීම් 182කදී හෙල්මට් 758කට අධික ප්රමාණයක් සිය භාරයට ගෙන නීතිය ක්රියාත්මක කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 18 hours ago
ඥානසාර හිමිට නිදහස පතා පා ගමන අද වරකාපොළට සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් පතා මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට වාරියපොළ සුමංගල හිමි පිළිරුව අසලින් ආමරභ කළ පාද යාත්රාවේ තෙවන දිනය වූ අද පාද යාත්රාව කෑගල්ල නගරයෙන් ආරම්භ වී වරකාපොල නගරය දක්වා පැමිණියහ. 18 hours ago
ලබන අයවැයෙන් නිවාස ආධාර ඉහලට ලබන අයවැයෙන් නිවාස ආධාර මුදල් ඉහළ නැංවීමට සාකච්ඡා කරමින් සිටින බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්ය අමාත්ය රුවන් සෙනරත් මහතා පැවැසීය. 18 hours ago
යතුරුපැදිකරුවකුට පහර දුන් නාවලපිටිය නගර සභා සභාපති අත්අඩංගුවට යතුරුපැදි අනතුරකින් පසුව යතුරුපැදිකරුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය නගර සභාවේ සභාපති, ඔහුගේ පුත්රයා, බෑනා සහ යතුරුපැදි අනතුර සිදු කල නාවලපිටිය ඉඹුල්පිටිය වතුයායේ සහකාර වතු අධිකාරිවරයාව නාවලපිටිය පොලිසිය මගින් අද (12) අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූහ. 19 hours ago
ශිරන්ති ජාතික රෝහලට ‘සිරිලිය සවිය’ ආයතනයේ මුදල් අවභාවිතා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතික රෝහලට අද (12) පෙරවරුවේ ඇතුළත් කළ බව බන්ධනාගාර මාධ්ය ප්රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා පැවසීය. 19 hours ago
ඉන්දියාවේ ප්රධාන විපක්ෂයත් වීදි බසී ඡන්දදායකයන් මිලියන 130 ක් ඡන්ද හිමි නාමලේඛනවලින් ඉවත් කිරීමට කටයුතු කිරීමේ සිද්ධිය මුල්කොට ගනිමින්, ඉන්දීය ප්රධාන මැතිවරණ කොමසාරිස් ගයානේෂ් කුමාර්ට සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි බල කරන, ‘කැරපොතු ජනතා පක්ෂ’ ක්රියාකාරීන් ආරම්භ කළ විරෝධතාවට ඉන්දියාවේ ප්රධාන විපක්ෂය වන ‘කොංග්රස්’ පක්ෂය ප්රමුඛ ‘ඉන්දියා’ විපක්ෂ සන්ධානය ද එක් වී සිටී. 19 hours ago
පාර්ලිමේන්තුවේ අලුත් භාෂා පරිවර්තන ඒකකය විවෘත කරයි පාර්ලිමේන්තුවේ අභිනව භාෂා පරිවර්තන ඒකකය පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය අතින් විවෘත කෙරිණි. 19 hours ago
චාමර සම්පත් අත්අඩංගුවට හිටපු අමාත්ය හා පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 20 hours ago
මහින්ද රෝහල් ගත කලත් මානසිකව වැටිලා නෑ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රෝහල් ගත කර තිබෙන නමුත් එතුමා මානසිකව වැටී නැතැයි රාජපක්ෂ මහතාගේ මාධ්ය ප්රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පැවසීය. 21 hours ago
අවුරුදු දෙකට කුඩු කිලෝ 3511ක් අත්අඩංගුවට ගතවූ වසර දෙකට හෙරොයින් කිලෝ 3511 අත්අඩංගුවට ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. 21 hours ago
චාමර සම්පත් අල්ලස් කොමිසමට පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා ප්රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ ඇත. 22 hours ago
ශිරන්තිගේ පෙත්සම නිෂ්ප්රභා කරයි පිළිකාරෝගයෙන් පෙළෙන ළමයින් ස්කෑන් කිරීම සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලට සී.ටී. ස්කෑන් යන්ත්රයක් මිලදී ගැනීමට යැයි පවසමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් ලක්ෂ 100ක මුදලක් ලබාගෙන වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වූ ශිරන්ති රාජපක්ෂ ගොනු කළ අපේක්ෂිත ඇප අයැදුම්පත්රය මාලිගාකන්ද මහේස්ත්රාත් ජනිතා පෙරේරා මහත්මිය නිෂ්ප්රභ කළාය. 22 hours ago
චන්දිම වීරක්කොඩි අල්ලස් කොමිසමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කරනු ලබන විමර්ශනයකට අදාළව සාක්ෂි කරුවකු ලෙස ප්රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්ය චන්දිම වීරක්කොඩි මහතා අල්ලස් කොමිසමට පැමිණ ඇත. 23 hours ago
රුසියා-යුක්රේන බලශක්ති සටන් විරාමයක් - ට්රම්ප් රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද ගැටුම් හමුවේ, බලශක්ති යටිතල පහසුකම් වෙත ප්රහාර එල්ල කිරීම වහාම ක්රියාත්මක වන පරිදි අත්හිටුවීමේ ‘බලශක්ති විරාමයකට’ දෙපාර්ශ්වයම එකඟ වූ බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසයි. 23 hours ago
මහින්ද රෝහල් ගත කරයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ. 23 hours ago
සෞදි ගුවන්තොටුපොළවලට භාවිතයෙන් වළකින්න සෞදියේ ගුවන්තොටුපොළ භාවිතා කිරීමෙන් වැළකින්නැයි යේමනයේ ප්රචණ්ඩ ක්රියා සිදු කරන ෂියා මුස්ලිම් හූති සටන්කාමීන්, විදේශිකයන් ඇතුළු සියලු ගුවන් මගීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. 23 hours ago
කයිබර් පක්තුන්ක්වා ප්රාන්තයට හදිසි තත්ත්වයක් පාකිස්තානයේ වයඹදිග කයිබර් පක්තුන්ක්වා ප්රාන්තයට හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කිරීමට පාකිස්තාන මධ්යම රජයේ බලධාරීන් පියවර ගෙන ඇත. 12 October 2026
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්යාපන නවීකරණ ව්යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026