ත්රස්තවාදයෙන් ආරක්ෂාවීමේ පනත ප්රතිසංස්කරණය කරන්නැයි ක්ෂමා සංවිධානය ඉල්ලයි ශ්රී ලංකා රජය විසින් ඉදිරිපත් කර ඇති රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ඉල්ලා අස්කරගෙන ජාත්යන්තර මානව හිමිකම් නීතියට අනුකූල වන පරිදි එය ප්රතිසංස්කරණය කරන ලෙස ජාත්යන්තර ක්ෂමා සංවිධානය ශ්රී ලංකා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා ඇත. 22 October 2026
විරෝධයේ නිරත භික්ෂූන් වහන්සේට අධිකරණ නියෝගය කියවා දෙයි කොළඹ විහාර මහා දේවී උද්යානයේ සත්යග්රහයක නිරතව සිටි භික්ෂූන් වහන්සේ ඇතුළු ගිහි පිරිසක් එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා පොලිසිය අද (22)රාත්රී අධිකරණ නියෝගයක් රැගෙන පැමිණ නියෝගයේ සඳහන් කාරණා කියවා පැහැදිලි කර දුන්නේය. 22 October 2026
එක්දින ඉතිහාසයේ දෙවැනි ඉහළම හඹායාමේ වාර්තාව ශ්රී ලංකාව නමට පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ එංගලන්ත කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැති තරගයෙන් වාර්තාගත ජයක් අත්කර ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය. 22 October 2026
කොත්මලේ දී කැබ් රථයක් ප්රපාතයට පෙරලී දෙදෙනෙක් මරුට කොත්මලේ, කොටගේපිටිය සිට කඩදොර දක්වා ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් අද සවස 6:00 ට පමණ අඩි 500 ක පමණ ප්රපාතයකට පෙරළීමෙන් කාන්තාවක ඇතුළු දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 22 October 2026
කරුවලගස්වැවදී සැපරියක් පෙරළී දෙකක් මරුට:15ක් රෝහලට කොළඹ සිට පුත්තලම හරහා මන්නාරමට ධාවනය වෙමින් තිබූ අධි සුඛෝපභෝගී මගී බස්රථයක් සාලියවැව පලුගස්සේගම ප්රදේශයේ දි අද සවස 6.00පමණ මාර්ගයෙන් ඉවතට පැන අධිබල විදුලිය රැහැන් කණුවක ගැටි පෙරළීමෙන් කතක ඇතුළු දෙදෙනකු මියගොස් මගීන් 15 දෙනකු තුවාල ලබා ඇතැයි සාලියවැව පොලිසිය කියයි. 22 October 2026
බන්ධනාගාර ගත භික්ෂුවකගේ සිවුරු ගැන බ.කොමසාරිස්ගෙන් කරුනු අසන්නැයි නියෝගයක් සංශෝධිත බන්ධනාගාර නිත්ය නියෝග යටතේ සිරගත වූ පසු භික්ෂුවකට සිවුර පැලදිමෙදි ගත යුතු පියවර පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගෙනි කරුණු විමසා අධිකරණයට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියෝග කළේය. 22 October 2026
දුප්පතා ශක්තිමත් කරන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් කෝටි 10ක් ශ්රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල්වල ජීවනෝපාය මාර්ග ශක්තිමත් කිරීම, රැකියා අවස්ථා පුළුල් කිරීම සහ වැඩිහිටි ජනතාව සඳහා සත්කාරක සේවා වැඩිදියුණු කිරීම ඇතුළු සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්රියාත්මක කිරීමට ඇමෙරිකානු ඩොලර් කෝටි 10ක මූල්ය පහසුකමක් සැපයීමට අනුමැතිය ලබාදුන් බව ආසියානු සංවර්ධන බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කළේය. 22 October 2026
මත පිටුදකින පනත් කෙටුම්පත් දෙක සම්මතයි විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක ( පනත් කෙටුම්පත් අංක 79 සහ 80) පාර්ලිමේන්තුවේදී අද පස්වරැවේ සංශෝධන සහිතව සම්මත විය. 22 October 2026
මහින්දගෙන් නාමල්ට ලිපියක් රෝහල්ගතව ප්රතිකාර ලබන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින සිය පුත් නාමල් රාජපක්ෂ මන්ත්රීවරයාට ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ. 22 October 2026
ඥානසාර හිමි හෙට ඉදිකරණයට ඉදිරිපත් නොකරයි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරගත කර සිටින ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් හෙට (23) අධිකරණයට ඉදිරිපත් නොකරන බව බුද්ධ ශාසන අමාත්යංශය ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්රී කල්යාණී සාමග්රී ධර්ම මහා සංඝ සභාවේ මහා නා හිමියන්ට දැනුම් දී තිබේ. 22 October 2026
ආප්පෙටත් ටැක්ස් ගහලා පන්නිපිටිය ප්රදේශයේ පවත්වාගෙන යන ආපනශාලාවකින් මිලදී ගත් ආප්ප හයකට රුපියල් 138ක බදු මුදලක් අය කර ඇත. 22 October 2026
රියැදුරන්ට අකුසලතා ලකුණු අප්රේල් සිට රියදුරන්ට මෝටර් රථ වැරදි සඳහා අකුසලතා ලකුණු එකතු වන ක්රමය ලබන වසරේ අප්රේල් මස 1 වැනිදා සිට ක්රියාත්මක කරන බව මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල්, විශ්රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ඉදුනිල් ප්රනාන්දු මහතා අද (22) පැවසීය. 22 October 2026
විහාර මහා දේවී විරෝධයට තහනමක් කොළඹ විහාර මහා දේවී උද්යානයේ සත්යග්රහයක නිරතව සිටි භික්ෂූන් වහන්සේ ඇතුළු ගිහි පිරිසක් එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා පොලිසිය අද (22)රාත්රී අධිකරණ නියෝගයක් රැගෙන පැමිණීමත් සමග එහි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය. 22 October 2026
ත්රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහි පෙත්සම්වල තීන්දුව ඉදිරියේදී කතානයකට ත්රස්තවාදයෙන් රාජ්ය බේරා ගැනීමේ පනත් කෙටුම්පත ආණ්ඩුකම ව්යවස්ථාට පටහැනි බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත සම්මත කිරීමට ජනමත විචාරණයක් සහ විශේෂ මන්ත්රී සංඛ්යාවකගේ සම්මත කරන ලෙස ඉල්ලා විවිධ පාර්ශ්වයන් හතළිස් දෙදෙනකු ගොනුකොට තිබූ පෙත්සම් 42ක තීන්දුව ඉදිරි කාලයේදී කථානායකවරයාට යොමු කරන බව ශ්රේෂ්ඨාධිකරණය නිවේදනය කළේය. 22 October 2026
අද සිට අඛණ්ඩ විදුලි සැපයුමක් ලක්විජය විදුලි බලාගාරයේ අංක 02 ජනන යන්ත්රය අද 1:31 සිට මෙගාවොට් 270ක පූර්ණ ජනන ධාරිතාවට ළඟාවීමත් සමඟ විදුලි ඉල්ලුම් කළමනාකරණ ක්රියාමාර්ග ගැනීමේ අවශ්යතාවක් නොමැති බව ජාතික පද්ධති ක්රියාකරු (පෞද්ගලික) සමාගම තහවුරු කරයි. 22 October 2026
පන්මුර් ජලාශයෙන් මළසිරුරක් හමු වෙයි හැටන් පොලිස් වසමට අයත් පන්මුර් වතුයායේ ජලාශයේ පා වෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් (22) දින සොයා ගත් බව හැටන් පොලිසිය පැවසීය. 22 October 2026
අනෝජන් මරණ දඬුවමින් ගැලෙව්වාට බිමල් සෞදියට තුති පුදයි අනෝජන් සිවරාසා මරණ දඬුවමින් ගැලවූවාට සෞදි රජයට ස්තූතිවන්ත වන බව සභානායක අමාත්ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 22 October 2026
ළමා හෘද සැත්කම්වලට විදෙස් වෛද්ය කණ්ඩායමක් මෙරටදී සිදු කිරීමට අපහසු සහ අතිශය සංකීර්ණ හෘද රෝග වලින් පෙළෙන ශ්රී ලාංකික ළමා හෘද රෝගී දරුවන් 13 දෙනෙකු වෙනුවෙන් ’Take Heart Mercy Mission’ විදේශීය විශේෂඥ වෛද්ය කණ්ඩායම විසින් ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ හෘද හා උරස් ශල්ය ඒකකයේදී නොමිලේ හෘද සැත්කම් සිදු කිරීමට පියවර ගෙන ඇත. 22 October 2026
ශ්රී ලංකාව සහ සෞදියේ දමාම්, රියාද් ගුවන්තොට අතර ගුවන් ගමන් ඇරැඹීම තවත් කල් යයි සෞදි අරාබිය තුළ තවදුරටත් මතු වී ඇති යූදමය වාතාවරණය හේතුවෙන් ශ්රී ලංකාව සහ සෞදි අරාබියේ දමාම් සහ රියාද් ගුවන් තොටුපොළ අතර ශ්රී ලන්කන් ගුවන් සේවය පවත්වා ගෙන යනු ලබන ගුවන් ගමන් නොවැම්බර් මස 01 දින දක්වා තාවකාලිකව අත්හිහිටුවීම ශ්රී ලන්කන් ගුවන් සේවයේ තීරණය කර ඇති බව එහි ආයතනික සන්නිවේදන අංශය අද පස්වරුවේ නිවේදනය කළේය.. 22 October 2026
‘‘විවිධ ජාවාරම්කරුවන්ගේ කෝටි 1000ක දේපළ තහනම් කළා‘‘ මත්ද්රව්ය ඇතුලු විවිධ ජාවාරම්කරුවන්ගේ රුපියල් කෝටි 1004ක් වටිනා වත්කම් දේපළ පසුගිය වසර දෙකේදී නිෂ්ක්රිය කර ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 22 October 2026
දිට්වා සල්ලි මිනිසුන්ට ගිහින් නෑ දිට්වා නිසා අවතැන් ජනතාවට වෙන් කළ මුදල් නිසි පරිදි ජනතාව අතරට ගිහින් නැතැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 October 2026
ශිෂ්ය භටයින්ට අතවර කර පහරදුන් කෝප්රල් අත්අඩංගුවට කළුතර පොලිස් විද්යාලයේ ශිෂ්ය භඨ පාඨමාලාව හදාරමින් සිටි සිසුනට ලිංගික අතවර කිරීමට උත්සහ කර පහරදුන් බව කියන හමුදා කෝප්රල් වරයෙකු අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය සදහන් කරයි. 22 October 2026
මාස දෙකට රස පරීක්ෂක වාර්තා 17506ක් අගෝස්තු -සැප්තැම්බර් මාස දෙකට පමණක් රස පරීක්ෂක වාර්තා 17506 ක් නිකුත් කර තිබෙන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 October 2026
අකුරණ අනතුරින් තුවාල ලැබූ තවත් තරුණයෙක් මරු දකියි මහනුවර මාතලේ මාර්ගයේ අකුරණ හතේ කණුව ප්රදේශයේ පසුගිය 19 වැනි දා පෙරවරුවේ සිදු වූ මාරාන්තික රිය අනතුරින් බරපතල තුවාල ලබා මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ගනිමින් සිටි තවත් තරුණයකු මිය ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි. 22 October 2026
නාවුල එළවළු මිල පහළට මහනුවර - යාපනය ඒ නවය මාර්ගය සමීපයේ පිහිටි ප්රධාන උප නගරයක් වන නාඋල නගරයේ එළවළු මිල සිඝ්ර ලෙස පහත බැස ඇත. 22 October 2026
සජිත් බිමල් ගැටී මැතිසබේ උණුසුමක් ’’ඔබතුමා මෙතන ඕන ඕන විදියට කතා කරලා සභාවේ කාලය කා දමන්න ඉඩ දෙන්න බෑ. මොකක්ද මේ විකාරය. ගරු කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා විපක්ෂ නායකතුමාගේ මේ විකාරය නවත්වන්න ’’ යැයි සභානායක අමාත්ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසූවේය 22 October 2026
වයෝවෘද්ධ කතුන්ට ගල්වලින් පහර දුන් සැකකරු අල්ලයි ගාල්ල හබරාදුව ප්රදේශයේ නිවසකදී වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනෙකුගේ හිසට ගල් වලින් පහරදී ඝාතනය කර දේපොළ කොල්ලා කෑ බව කියන සැකකරුවකු අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි. 22 October 2026
දැදුරු ඔයේ වාන් අටම විවෘතයි දැදුරුඔය ජලාදයේ වන් දොරටු 08 ම අද (22) උදෑසන 8.00; වන විට විවෘත කිරීමට කටයුතු කළ බව ජලාශය බාර වාරි ඉංජිනේරු කාර්යාලය කියයි. ඒ හේතුවෙන් මේ වනවිට දැදුරුඔය ජලාශයේ සිට දැදුරුඔයට තත්පරයට ඝණ අඩි 19600 ක විශාල ජල පරිමාවක් මුදාහැරෙමින් පවතී. 22 October 2026
බටුවත්තේ සුසාන භූමියෙන් ගිනිඅවි - උණ්ඩ සොයාගනී විදේශ රටක රටක සැඟව සිටියදී මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුකු වන ලියනගේ මනෝජ් සුරංග නොහොත් බටුවත්තේ චාමර නමැත්තාගෙන් සිදු කළ ප්රශ්න කිරීමේදී බටුවත්ත පොදු සූසාන භූමිය තුළ සඟවා තිබූ විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල ගිනි අවියක් සහ ජීව උණ්ඩ තොගයක් සොයාගත් බව කොළඹ දිසා අපරාධ කොට්ඨාසය සඳහන් කරයි 22 October 2026
ප්රංශය ගිනි ගනිද්දි මැක්රොන් සෞදියේ ජීවන වියදම ඉහළ යෑම සම්බන්ධයෙන් ප්රචණ්ඩ විරෝධතා ප්රංශය කලඹද්දී, ප්රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, සෞදිය ඇතුළු ඇතුළු ගල්ෆ් රටවල සංචාරයක නියැළෙයි. 22 October 2026
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026