සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බවට අද පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී තීරණය කෙරිණි. 26 July 2023
ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි . 18 April 2023
ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. 09 April 2023
මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුදල් තොගයක් සමඟ ගෑන්ඩ්පාස් ස්ටේස්පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි . 07 April 2023
බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ තරගාවලියක් කිලිනොච්චියේ දී පැවැත්විණ. 06 April 2023
ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 05 April 2023
රිය ගසක වැදී රියදුරු මරුට යාපනය කොඩිකාමම් පොලිස් වසමේ මිරුසුවිල් ප්‍රදේශයේ පිහිටි යුදහමුදා කඳවුරක් ආසන්නයේදී අද (27) වෑන් රථයක් අනතුරකට ලක්වීමෙන් එහි රියදුරු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි. 27 March 2023
රිය අනතුරින් තරුණයා මරුට බඩල්කුඹුර පස්සර මාර්ගයේ ධාවනය වු යතුරුපැදියක් අද (21 ) ලොරි රථයක ගැටී සිදුවු අනතුරකින් පුතා මියගොස් පියා බරපතල තුවාල ලබා තිබෙන බව පොලිසිය කියයි. 21 March 2023
‘වනඅලි මිනිස් ගැටුම් කළමණාකරණය‘ කිවුලවාඩියේදී මාතලේ දිස්ත්‍රික්කයේ , ලග්ගල පල්ලේගම වනජීවී කාර්යාලයේ මෙහෙයවීමෙන් වන අලි මිනිස් ගැටුම කළමනාකරණය පිළිබඳව ග්‍රාමිය ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ලග්ගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කිවුලේවාඩිය ගම්මානයේදී පැවැත්විණි. 17 March 2023
පස් කන්දක් කඩා වැටී යක්කලමුල්ල-ගාල්ල පාරේ ගමන් බෑ යක්කලමුල්ල හන්දියේ මහජන බැංකුව අසල පස් කන්දක් අද (16) සවස මහා මාර්ගයට කඩා වැටිම නිසා ගාල්ල යක්කලමුල්ල මාරගයේ වාහන ගමනා ගමනයට සම්පුරණයෙන්ම බාධා පැමිණ තිබේ. 16 March 2023
දුටුගැමුණු ආදි සිසු ක්‍රිකට් අනිද්දා කුරුණෑගල පොතුහැර දුටුගැමුණු මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය ප්‍රථමවරට සංවිධානය කරනු ලබන සුහද ක්‍රිකට් තරගාවලිය අනිද්දා (19) විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 16 March 2023
සෞන්දර්ය ආචාර්යවරුත් පාරට එති සුජාත නොවන ආණ්ඩුවේ ජන පීඩක බදු ප්‍රතිපත්තියට, රාජ්‍ය භිෂණයට සහ නිදහස් අධ්‍යාපනයේ ඇතිකර තිබෙන අර්බුදයට එරෙහිව යන තේමාව යටතේ විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයට අනුබද්ධ සෞන්දර්ය විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමය එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට අද (16) දහවල් උද්ඝෝෂණයක් පැවැත්වීය. 16 March 2023
මියුසියස් විදුහලේ ක්‍රීඩා උළෙලින් කොළඹ මියුසියස් විදුහල් වාර්ෂික නිවාසාන්තර මලල ක්‍රීඩා තරගාවලියේ (2023) සමස්ත ශූරතාව ‘බෙසන්ට්’ නිවාසය දිනාගැනීමට සමත් විය. අනු ශූරතාව ‘ද ආබෲ’ නිවාසයට හිමිවිය. 13 March 2023
විදුලි උපකරණ සොරෙක් මාට්ටු වත්තල විදුලි උපකරණ අලුත්වැඩියා කිරීමේ ආයතනයක ගබඩාවක් බිඳ රුපියල් ලක්ෂ 10 ට අධික වටිනා රූපවාහිණී,ලැප්ටොප් , හා ශිතකරණ ඇතුලු උපකරණ රැසක් සොරාගත් සැකකරුවෙන් අද (10) වත්තල පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. 11 March 2023
විවෘත විශ්වවිද්‍යාල සිසු සිසුවියෝත් පාරට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය නාවල පිහිටි එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක් අද (10) දහවල් පැවැත්වීය. 10 March 2023
මීගොඩ ඉන්ධන පිරවුම්හළක් කොල්ලකාලා ගිනි අවියක් රැගෙන යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් මීගොඩ වටරැක ඉන්ධන පිරවුම්හලේ පොම්පකරු සතුව තිබූ රුපියල් 19000 ක මුදලක් කොල්ලකා පලාගොස් ඇතැයි මීගොඩ පොලිසිය කියයි. 08 March 2023
විදුලි බිලට එරෙහිව පන්දම් පාලියක් මතුගම විදුලි බිල ඉහළ යාම ජනතාවට දරාගත නොහැකි බව පවසමින් ජාතික ජනබලවේගය මගින් සංවිධානය කළ පන්දම් දල්වා කරන ලද විරෝධතාව අද රාත්‍රී මතුගම නගරයේ ඔරලෝසු කණුව අසලදි පවන්වන ලදි 07 March 2023
සෞඛ්‍ය සහයකගේ ක්‍රෙඩිට් කාඩ්පතින් සල්ලි ඇදලා හොරණ මූලික රෝහලට ඇතුළු වූ පුද්ගලයකු සෞඛ්‍ය සේවා කාර්ය සහයක වරයෙකුගේ ක්‍රෙඩිට් කාඩ්පත් දෙකක් සොරාගෙන රුපියල් 12,500 ක මුදලක් ලබාගෙන ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි . 05 March 2023
වැව් තිහක් ප්‍රතිසංස්කරණයට දශක කිහිපයක් තිස්සේ කිසිදු ප්රතිසංස්කරණයකට ලක් නොකර අත්හැර දමන ලද වැව් 30ක් මෙම වසර ඇතුලත යළි ගොඩ නැගීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 300ක් වෙන් කර තිබෙි. 03 March 2023
ත්‍රිරෝද රිය හිටි හැටියේ ගිනි ගනී හොරණ නගරයේ උඩවත්ත ඉන්ධන පිරවුම්හල ආසන්නයේදී ඊයේ (27) ත්‍රිරෝද රථයක් හදිසි ගිනිගැනීමකට ලක්ව තිබුණි. 28 February 2023
දියේ ගිලී තරුණයා මරුට නානුඔය, කිරිමැටිය ප්‍රදේශයේ දිය ඇල්ලක් අසල දිය වළක දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලී මියගොස් ඇතැයි නානුඔය පොලීසිය පවසයි. 27 February 2023
රිය අනතුරින් එකම පවුලේ 4ක් රෝහලට මඩොල්සිම පස්සර මාර්ගයේ අමුනුදෝව ප්‍රදේශයේ දී ඊයේ (25) රාත්‍රි මළගෙදරකට ගොස් එමින් සිටි පිරිසක් රැගත් ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක් තුලට පෙරලීයාමෙන් එකම පවුලේ මව පුතා මුනුබුරකු ඇතුලු සිව්දෙනෙකු තුවාල ලබා මැටිගහතැන්න රෝහලට ඇතුළත් කළ බව මඩොල්සිම පොලිසිය පවසයි . 26 February 2023
ගිනිගත්හේන ලයිම් කාමර පෙළක ගින්නක් ගිනිගත්හේන, අල්ලිවත්තේ වතු ලයිම් කාමර පෙළක අද (21) උදෑසන හටගත් ගින්නකින් ලයිම් නිවාස හතරක් විනාශයට පත්ව ඇතැයි ගිනිගත්හේන පොලීසිය පවසයි. 21 February 2023
අරගලයේ පුරවැසියෝ විරෝධතාවයේ පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ජන අරගලයේ පුරවැසියෝ සංවිධානය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් කොළඹ තුම්මුල්ල එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටදී අද (20) පැවැත්විය 20 February 2023
කොළඹ නගර සභා පැරණි ගොඩනැගිල්ලේ සීනි ගබඩාවක් කොළඹ මහ නගර සභාවේ පැරණි නගර ශාලාව පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති එකක් ලෙස නියම කර තිබුණත් ගොඩනැගිල්ලේ පහළ මාලයේ පෞද්ගලික ව්‍යාපාරිකයන් විසින් ගබඩා කාමර පවත්වාගෙන යන බව වාර්තා වේ. 19 February 2023
අනතුරින් හමුදා සැරයන් මරුට සිමෙන්ති පටවාගෙන ධාවනය වු ලොරි රථයක් කොළඹ රත්නපුර ප්‍රධාන පාරේ කුරුවිට, පැරඩයිස් ප්‍රදේශයේ දී අද (17) පාරෙන් ඉවතට පැන සිදු අනතුරකින් එහි ගමන් ගත් යුද හමුදා සැරයන් වරයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව කුරුවිට පොලීසිය පැවසුවේය. 17 February 2023
කන්ටේනර්-යතුරුපැදි ගැටීමෙන් අයෙක් මරුට පල්ලෙකැලේ යුද හමුදා කඳවුරේ සිට යාපනය දක්වා ධාවනය වූඅඩි 40 ක් දිග යුද හමුදා කන්ටේනර් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිවඅලවතුගොඩ පොලිස් වසමේදී අනතුරට ලක්වීයතුරු පැදි දෙකක ගැටීමෙන් එක් යතුරුපැදිකරුවෙකු මියගොස් තවත් යතුරු පැදි කරුවෙකු බරපතල තුවාල ලබා ඇති බව පොලීසිය කියයි . 16 February 2023
59 මව උස්සා පොළොවේ ගසා මරලා පයාගල ප්‍රදේශයේ පදිංචිව සිටී 59 හැවිරිදි දෙදරු මවක අතින් පයින් පහරදී උස්සා පොලොවේ ගසා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් සොයා පයාගල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. 15 February 2023
කෝටියක මත්කුඩු මිදිගමින් අහුවෙයි කාලයක් තිස්සේ මහා පරිමාණයේ හෙරොයින් ජාවාරමක් කරගෙන ගිය ජාවාරම් කරුවකු කෝටියක් පමණ වටිනා හෙරොයින් තොගයක් සමග මිදිගම පොලිස් වසමෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇති බව මාතර කොට්ඨාස දූෂණ මර්දන අංශය පවසයි 15 February 2023
ජ්‍යෙතිෂ්‍ය වැඩමුළුවක් 12 නයිවලදී ගම්පහ ජ්යෙතිර්විද්ය හා ආයුර්වේද සේවා මණ්ඩලය සහ ශ්‍රී පාලි ජ්‍යෙතිෂ්‍ය සේවාව එක්ව සංව්ධානය කරන ජ්‍යෙතිෂ්‍ය ශාස්ත්‍රීය වැඩමුළුව සහ සහතික පත් ප්රදානය මාර්තු 12 වැනි ඉරුදින ගම්පහ නයිවල හොටෙල් ග්‍රෑන්ඩ් ජනිරු උත්සව ශාලාවේ පැවැත්වේ. 14 February 2023
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025