
යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා, සංශෝධන සහිතව තමන් ඉදිරිපත් කළ සාම වැඩපිළිවෙළට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැත්ත පළ කරන්නේ නම්, තමන් යළිත් වරක් රුසියන් ජනාධිපති පුටින් මුහුණට මුහුණ හමුවී, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් මෙසේ පැවැසුවේ, ධවල මන්දිරයේ ඕවල් කාර්යලයේදී මාධ්‍යවේදීන් අමතමිනි. රුසියන් ජනාධිපතිවරයා ද තමන් හමුවීමට කැමැත්තෙන් පසුවන බව ද ට්‍රම්ප් එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් හමුවේ අවධාරණය කළේය.
රැසියන් ජනාධිපති පුටින්, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේ රජය, 'නේටෝ' සාමාජිකත්වය අපේක්ෂා කරන නිසාය.
'නේටෝ' හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය යනු ඇමෙරිකාව, කැනඩාව ඇතුළු බටහිර යුරෝපා රටවල් එක් වී, රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමට පිහිටුවාගත් යුද සන්ධානයයි.
සෝවියට් සංගමය පැවැති අවදියේ, යුක්රේනය රුසියාවේ කොටසක් විය. අසල්වැසි යුක්රේනයට 'නේටෝ' සාමාජිකත්වය හිමිවීම යනු රුසියාවේ ජාතික ආරක්ෂාවට දැරි තර්ජනයකි. පුටින්, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ ඒ අනුවය.
ට්‍රම්ප්, සිය දෙවැනි ධුරය ආරම්භ කළේ කඩිනමින් රුසියන් යුක්රේන යුද්ධය නිමා කරන බවට ප්‍රතිඥා දෙමිනි. 2025 වසරේ අගෝස්තු මාසයේ ඇමෙරිකා පාලනය යටතේ පවතින ඇලස්කාවේ, ඇමෙරිකන් හමුදා කඳවුරකදී ට්‍රම්ප් සහ පුටින් අතරේ මුහුණට මුහුණ හමුවක් පැවැත්විණි. ඒ යුක්රේන යුද්ධය සම්බන්ධයෙනි. කෙසේ නමුත්, එම සාකච්ඡා අසාර්ථක විය. ඒ, යුක්රේනයේ කොන්දේසිවලට රුසියාවත්, රුසියාවේ කොන්දේසිවලට යුක්රේනයත් කැමැත්ත පළ නොකළ බැවිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd