නිමල කොඩිතුවක්කු
දිවයිනට බලපා ඇති එල්නිනෝ තත්ත්වය අති ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් වීමේ සම්භාවිතාව සියයට අනුවක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අජිත් විජේමාන්න පැවසීය. ඔක්තෝබර් සහ දෙසැම්බර් මාසවලදී අති ප්‍රබල එල්නිනෝ තත්ත්වයකට මෙරට ජනතාවට මුහුණ දීමට සිදුවනු ඇති බවද විජේමාන්න සඳහන් කළේය.
ඔක්තෝබර් සහ දෙසැම්බර් මාසවලදී අති ප්‍රබල එල්නිනො තත්ත්වයකට මෙරට ජනතාවට මුහුණ දීමට සිදුවනු ඇති බවද විජේමාන්න සඳහන් කළේය.
පවතින එල්නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් වර්ෂාපතනය අඩුවීම, ජල මූලාශ්‍ර සිඳී යාම, උෂ්ණත්වය ඉහළ යාම පරිසරයට දැඩි බලපෑමක් එල්විය හැකි බවද ඔහු පැවසීය.
ගෙවුණු වසර හැත්තෑ පහක කාලයේ දී වාර්තා වූ ප්‍රබලතම එල්නිනෝ තත්ත්වය මෙය විය හැකි බවද අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කළේය.
උතුර, උතුරු මැද, නැගෙනහිර පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්කයේ පවතින වැසි රහිත කාලගුණ තත්ත්වය එළඹෙන සැප්තැම්බර් මාසයේද එලෙසම පවතිනු ඇති බවත් ඔහු පැවසීය.
සැප්තැම්බර් අග වනවිට මෙම තත්ත්වය වෙනස් වී වැස්ස තරමක් ලැබෙනු ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.
මෙම ප්‍රබල එල්ලිනෝ තත්ත්වය ලබන වසරේ මුල් කාර්තුව දක්වා යාමේ සම්භාවිතාව සියයට අනූ හතක් බවත් ඔහු සඳහන් කළේය.
ලබන වසරේ පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් දක්වා වැසි අඩුවී අධික උණුසුම් තත්ත්වයක් පවතිනු ඇති බවද ඔහු සඳහන් කළේය.
එල්නිනෝ තත්වයේ බලපෑම මේ වනවිට උතුර, උතුරු මැද, නැගෙනහිර පළාත්වලට සහ බදුල්ල, මොනරාගල, හම්බන්තොට, රත්නපුර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇතැයිද අජිත් විජේමාන්න පැවසීය.
වියළි කාලගුණික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ජලය හා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම, ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටීම සහ ජන ජීවනෝපාය මෙන්ම පාරිසරික බලපෑම් අවම කර ගැනීම සඳහා කල්තියා සූදානම් වන ලෙසද ඔහු සඳහන් කළේය.
මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූවක් නොව ගෝලීය දේශගුණික සංසිද්ධියක් බවත්, මෙම තත්ත්වය සම්බන්ධයෙන් අනියත බියක් අවශ්‍ය නොවන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
එමෙන්ම කෘෂි කර්මාන්තය, ආහාර සුරක්ෂිතතාව, වැවිලි ක්ෂේත්‍රය, ජල කළමනාකරණය සහ බලශක්ති ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
මේ අතර පවතින වියළි කාලගුණය හමුවේ පසුගිය සිකුරාදා (21) වන විට දිස්ත්‍රික්ක 15ක පවුල් 4,229 කට අයත් පුද්ගලයන් 16,607 දෙනකු බලපෑමට ලක්ව සිටි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd