
Nestlé Professional Sri Lanka ආයතනය, ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංගමය සමඟ එක්ව සංවිධානය කරනු ලබන 2026 Nestlé Golden Chef’s Hat තරඟාවලියේ කලාපීය තරඟ වටයන් පසුගියදා නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය. ඒ අනුව එහි කොළඹ සහ මීගමුව කලාපීය තරඟ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ඉතාමත් සාර්ථක ලෙස පැවැත්විණ.
දිවයින පුරා සියලු කලාපයන් ආවරණය කරමින් පවත්වනු ලබන මෙම සූපවේදී තරඟාවලියේ මූලික අරමුණ වන්නේ, ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය හා සම්බන්ධ තරුණ සූපවේදී දක්ෂතා හඳුනා ගනිමින් ඒවා ඔප්නැංවීම සහ සංවර්ධනය කිරීමයි. මේ තුළින් මෙරට සංචාරක හා හෝටල් ක්ෂේත්‍රයේ උන්නතියට මෙන්ම, අනාගත සූපවේදීන් සවිබල ගැන්වීම සඳහා Nestlé Professional Sri Lanka ආයතනය අඛණ්ඩ දායකත්වය ලබා දීමට සමත්ව සිටියි.
මෙම වසරේ සමස්ත කලාපීය තරඟාවලිය යටතේ දිවයින පුරා කලාපීය තරඟ 9ක් පැවැත්වීමට නියමිත ය. ඒ අනුව පසුගියදා කොළඹ සහ මීගමුව තරඟ වටයන් පැවැත්වීමත් සමඟ එහි ආරම්භය සනිටුහන් විය. මෙම කලාප දෙක නියෝජනය කරමින් මෙරට ප්‍රමුඛ පෙළේ හෝටල් සහ සංචාරක ආයතන රැසක සූපවේදී කණ්ඩායම් ඉතාමත් තරඟකාරී අයුරින් සිය දක්ෂතා සහ නිර්මාණශීලිත්වය ප්‍රදර්ශනය කළහ. අවසානයේදී එක් එක් කලාපයෙන් ඉහළම දක්ෂතා දැක්වූ විශිෂ්ටතම කණ්ඩායම් තුන බැගින් අවසන් මහා තරඟය සඳහා තෝරා ගන්නා ලදී.
මෙවර තරඟාවලියේ විශේෂත්වයක් වන්නේ ඒ සඳහා Nestlé Green Spatula සම්මානය අලුතින් හඳුන්වා දී තිබීමයි. තිරසාර සූපවේදී පුරුදු ඇගයීම් අරමුණු කොටගත් මෙම සම්මානය ලෝක සූපවේදීන්ගේ සංගමය සමඟ එක්ව නිර්මාණය කරන ලද ගෝලීය ඇගයීමට ලෙසද පෙන්වා දිය හැකිය. ප්‍රථම වතාවට මෙම තරඟාවලියට ඇතුළත් කරන ලද මෙම සම්මානය මඟින් ආහාර අපතේ යාම අවම කිරීම, වගකීම් සහගත ලෙස ද්‍රව්‍ය සපුරා ගැනීම සහ පරිසර හිතකාමී මුළුතැන්ගෙයි ක්‍රමවේදයන් අනුගමනය කරමින් තිරසාරභාවය වෙනුවෙන් ඉහළ කැපවීමක් දක්වන සූපවේදීන් සහ සූපවේදී කණ්ඩායම් ඇගයීමට ලක් කිරීමට නියමිතය. මෙම සම්මානය තුලින් නැවත නැවතත් පිළිබිඹු වන්නේ දේශීය හා ගෝලීය වශයෙන් වඩාත් තිරසාර ආහාර පද්ධතීන් සඳහා සහාය දැක්වීමට නෙස්ලේ ආයතනය සතු පුළුල් කැපවීම යි.
2026 Nestlé Golden Chef’s Hat තරඟාවලියේ කලාපීය වටයන් ජූලි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා දිවයින පුරා පැවැත්වෙන අතර ඉන් තේරී පත්වන තරඟකරුවන් නොවැම්බර් මාසයේදී පැවැත්වෙන අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබනු ඇත.
කොළඹ කලාපය
Nestlé Professional Green Spatula සම්මානය - Bellagio Colombo
සූපවේදී ආර්. දේවදාසන්
සූපවේදී ටී.ඩී.කේ. කුමාර
ප්‍රථම ස්ථානය - ITC Ranadeepa
සූපවේදී තිරිණි හිරන්‍යා
සූපවේදී කවිඳු ගයාශාන්
දෙවන ස්ථානය - Cinnamon Grand
සූපවේදී දිල්හාන් කරුණාතිලක
සූපවේදී නටාෂා ඩේවින්
තෙවන ස්ථානය - Galleface Hotel
සූපවේදී වීරම්මා දිනේෂ්
සූපවේදී කේ.ජී.ඒ. ඔමෙත්
මීගමුව කලාපය
Nestlé Professional Green Spatula සම්මානය - Sri Lankan Catering
සූපවේදී යූ.ඒ.එස්. ශ්‍රීලාල්
සූපවේදී අයි.ඒ.ටී. රන්සන
ප්‍රථම ස්ථානය - Sri Lankan Catering
සූපවේදී යූ.ඒ.එස්. ශ්‍රීලාල්
සූපවේදී අයි.ඒ.ටී. රන්සන
දෙවන ස්ථානය - Goldi Sands Hotel
සූපවේදී එච්.ඒ. ගීතික ජයසිංහ
සූපවේදී ඩබ්.සී. සුරාජ් ප්‍රනාන්දු
තෙවන ස්ථානය - Earls Regent Negombo
සූපවේදී ජී.කේ.ජේ.එම්. කීර්තිසිරි
සූපවේදී ඩී.ඩී. කාවින්දි දලුගමගේ
නෙස්ලේ ලංකා සමාගම, සියලු දෙනාගේම ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ආහාර පාන සැකසීමේ හැකියාව ඔවුන් වෙත ලබා දීමේ පරමාර්ථය පෙරදැරි කරගනිමින්, ඉහළම ගුණාත්මකභාවයෙන් යුත් රසවත් මෙන්ම පෝෂණීය නිෂ්පාදන හරහා ශ්‍රී ලාංකීය ජන ජීවිත පෝෂණය කිරීමට අඛණ්ඩව කටයුතු කරයි. එහි ව්‍යාපාරික අංශය වන Nestlé Professional Sri Lanka ආයතනය, මෙරට සූපවේද ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් සැමවිටම පෙරමුණ ගෙන කටයුතු කරයි. ඒ අනුව ආහාර සැපයුම් ක්ෂේත්‍රයේ වෘත්තිකයන් මුහුණ දෙන ව්‍යාපාරික අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා මෙන්ම ඔවුන්ගේ ව්‍යාපාරික වර්ධනය උදෙසා අවශ්‍ය වන විසඳුම් ලබාදීමට ද නෙස්ලේ ලංකා සමාගම අඛණ්ඩව කැපවී සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd