වෙඩි වැඳුනු ඇත් පැටවා බේරාගැනීමේ මෙහෙයුමක්
බදින තුවක්කුවකින් වෙඩි වැදී ජීවිතයත්, මරණයත් අතර හේරත්ගම වනජීවි කලාපයට අයත් නිකවැව, තිබ්බටුවැව ඉස්මත්තේ සිටි ඇත් පැටවාට සැත්කමක් සිදු කිරීම සදහා යුධ, නාවික, ගුවන් හමුදාවේ පශු වෛද්‍යවරුන් හා නිලධාරින් ඊයේ (16) සවස වන විට එම ස්ථානයට ලගා වී කඩිනම් ප්‍රතිකාර කිරීමට පියවර ගත්හ.