ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කැලිෆෝනියාවේ රැන්චෝ පැලෝස් වර්ඩස්හි පිහිටි සිය ගොල්ෆ් ක්‍රීඩාංගණයට යද්දී, ගොල්ෆ් ක්‍රීඩාංගණය ආසන්නයේ සැක කටයුතු අයුරින් හැසිරුණු පුද්ගලයකු  ජනපති ආරක්ෂක අංශය හෙවත් සීක්‍රට් සර්විස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුණි.

අත්අඩංගුවට ගැණුනේ 38 හැවිරිදි ජීනීන් ජෝන් ටේලේ නමැත්තා බව පවසයි. ජනපති ආරක්ෂක අංශය, ජීනීන් ජෝන් ටේලේ පොලිසියට බාර දුන් බවත් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදු කළ බවත් පැවැසෙයි.

ජෝන් ටේලේ නමැති සැකකරු ගොල්ෆ් පිටිය පුරා සැරිසරිමින් ඡායාරූප සහ වීඩියෝ ලබාගනිමින් ආරක්ෂක සැලසුම් නිරීක්ෂණය කරන ආකාරයෙන් හැසිරී ඇති බව ද පැවැසෙයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ජෝන් ටේලේ සතුව පිස්තෝලයක් සහ උණ්ඩ තිබුණු බව ද පොලිසිය පවසා ඇත.