හිනාවෙන්න ගිහින් අලි අමාරුවක සැමියා බිරියගේ සිනාවට තහංචි දැමූ පුවතක් යාපහුව අඩවියෙන් අසන්නට ලැබුණි. ඇය වෙළද සලක් පවත්වාගෙන යන හිමිකරුවකුගේ බිරියකි. 21 hours ago
වැටේ රණ්ඩුවට “වේවැල් කසායක්” මෙය සබරගමුව පළාතේ රත්නපුරට නොදුරු එක්තරා ප්‍රදේශයක සිදුවූ අපුරු සිදුවීමකි. ඔවුන් අයියා මලෝය. දෙදෙනාම විවාහ වී දරුමල්ලෝ හදාගෙන සිටිති. එක කුස උපන් සහෝදරයන් වුවත් පැල ඉනිවැටට නිතරම සණ්ඩු සරුවල්ය. 25 September 2026
සීයාගේ සාත්තුවට ඇවිත් මුනුපුරා සැප නින්දේ සාත්තුවට නතර කළ මුනුපුරා සැප නින්දේ සිටිද්දී ලෙඩ සීයා ඇඳ ළඟ හිඳ ඔහුට සාත්තු කළ සිද්ධියක් අම්පාරේ ප්‍රාදේශීය ග්‍රාමීය රෝහලකින් වාර්තාවේ. සිද්ධිය මෙසේය. අසනීපයක් හේතුවෙන් 08 දා රාත්‍රී දහයට පමණ එම ප්‍රාදේශීය රෝහලට සීයා කෙනකු ඇතුළත් කර සිටි අතර, ඔහුට සාත්තු කිරීමට වයස අවුරුදු 17 පමණ මුනුපුරකු ළඟ නතර කර තිබිණි. සීයා ඇතුළත් කර සිටියේ හදිසි ප්‍රතිකාර ඒකකයට බව කියති. 24 September 2026
බලු හුටපටේට කෙහෙවළු පටලවාගෙන නිවසේ ඇති දැඩි කරන බලු පැටියාගේ බත් ටික කා යමින් සිටි අල්ලපු නිවසේ බල්ලාට දමා ගැසූ ගලක් මාළු ටැංකියක වැදී බිඳී මාළු ටික මිදුලේ උඩ පැන පැන නටද්දී ඔවුන් බේරා ගැනීම පසෙකලා අල්ලපු නිවැසියන් සමග ගේමක් ඉල්ලා ඇතැයි කියන වයෝවෘද්ධ මවක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 23 September 2026
මනාලියගේ රූ සපුව වැඩියි කියා මනාලයාගෙන් දෑවැදි ඉල්ලලා මංගල සභාවකදී තම ඥාති දියණිය රූසපුවෙන් යුක්ත හෙයින් ඇයට මොහු නොගැළපෙන නිසා මනමාලයාගේ පාර්ශ්වයෙන් සැලකිය යුතු දෑවැද්දක් ලැබෙන්නේ නම් මේ මංගල්‍යයට තමන්ලා කැමති යැයි මත්වතුරෙන් මත්වූ මනමාලියගේ පාර්ශ්වයේ ඥාතියකු කළ කතාවක් හේතුවෙන් එම යුවළගේ අනාගත අපේක්ෂා සුන්නද්දූලිවී යන්නට ගොස් එම පාර්ශ්ව දෙකේ බුද්ධිමතුන්ගේ මැදිහත් වීමෙන් එය නැවත යථා තත්වයට පත්වූ පුවතක් මිණිපුර ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තාවිය. 21 September 2026
පෙම්වතා හීනෙන් මිතුරියගේ අත ඇල්ලුවැයි පෙමට තිත තියලා පෙම්වතා තමන්ගේ හොඳම මිතුරියගේ අතින් අල්ලාගෙන අල්ලාප සල්ලාපයේ යෙදෙමින් තුරුළු වී මල්වත්තක ගමන් කරන අයුරු සිහිනයෙන් දැකීමෙන් බලවත් සේ සිත්තැවුලට පත් තරුණියක පසු දිනම එම සම්බන්ධයට තිත තැබූ පුවතක් හසලක ප්‍රදේශයෙන් වාර්තා විය. දුම්බර කඳුපාමුල පිහිටි එක්තරා නගරයකට නුදුරු ගමක පදිංචි පෞද්ගලික ආයතනයක සේවය කරනු ලබන ඇය 24 හැවිරිදි වියේ පසුවෙන රූමත් තරුණියකි. ඔහුද 26 හැවිරිදි වියේ පසුවෙන පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනු ලබන තරුණයෙකි. බස් නැවතුමකදී අහඹු ලෙස 19 September 2026
තුවා පාර්සලයෙන් මුදලාලිට වළං මුට්ටි ප්‍රහාරයක් සනීපාරක්ෂක තුවා පැකට්ටුවකින් අසනීප වාර්තා කරන්නට රෝහල් ගත වූ පුවතක් කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පිටිසරබද ගමක වෙළඳසලකින් අසන්නට ලැබුණි. අප කියන සිල්ලර බඩු කඩේ මුදලාලි වනාහි මැදිවිය ඉක්මවා ගිය අඹු දරුවන් සිටින තැනැත්තකු වුවද, බවලත් උදවිය දකින විට ”ඇඟ පත කසන” ගතියක් ඔහුට තිබෙන බව මුදලාලි හාමිනේ හොඳ හැටි දැන සිටියාය. ඒ නිසාම ඕ තොමෝ තම ස්වාමිපුරුෂයාගේ ගමන්මල්ල නොසිතූ මොහොතක හිටිගමන් විමර්ශනයට ලක් කළ අවස්ථා ඕනෑ තරම් ඇත . එක දවසක් මනමාල මුදලාලි ඉතාම ඕන 19 September 2026
මුදලාලි නෝනාට කොළේ වසා සල්ලිවලට ගේමක් කුඩ්ඩෙකු වෙළඳසලකට සිදු කළ අපූරු සොරකමක් පිළිබඳව කතාවක් ගාලු දිසාවේ බල මාළුවලට ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ. පාසලක් ආසන්නයේ පිහිටි පොඩි වෙළඳසලකි. එය පවත්වාගෙන ගියේ කාන්තාවකි. ඒ ගේදොර වැඩකරන අතරතුරය. කවදාවත්ම සොරකමක් සිදු නොවූ නිසාම ඇය මේ වෙළඳසලේ ඉදිරිපස දොර විවෘත කර නිවස තුළට ගියාය. මේ වෙළඳසල දැමූ දා සිට එය එසේමය. දොර ඇර තිබුණත් කිසිම කෙනෙක් වෙළඳසල තුළට නොපැමිණියහ. වෙළඳසල් හිමිකාරිය එහි නොපෙනෙන්න සිටි සෑම අවස්ථාවකදීම මෙයට එන සෑම කෙනාම කළේ ව 19 September 2026
ෆෝන් සිහියෙන් කොන්දොස්තර යැයි සිතා යාචකයාට සල්ලි දීලා බස් රථයේ ගමන් කිරීම සඳහා ටිකට් පතක් ලබාගැනීමට තිබූ රුපියල් සීයක මුදල යාචකයකුට දී බස් රථයේ ගමන් කිරීම සඳහා වෙනත් අයකුගෙන් මුදල් යදින්නට සිදු වූ පුද්ගලයකු පිළිබඳ සිදුවීමක් කන්ද උඩරට ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා වෙයි. වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය. ඔහු කන්ද උඩරට ප්‍රදේශයේ එක්තරා ගම්මානයක පදිංචි මැදි වියේ පුද්ගලයෙකි. ඔහු තම ගම්මානය ආසන්නයේ පිහිටි කුඩා නගරයට පැමිණියේ නිවසට අවශ්‍ය බඩු මුට්ටු ගෙන යාමටයි. නගරයට පැමිණ අවශ්‍ය බඩුභාණ්ඩ ලබා ග 19 September 2026
පේනයෙන් බිරිද එපා කළ කපුවාට රෙදි ගැලවෙන්න අමතලා සෙත් සාන්තියක් කර ගැනීමකට දේවාලයකට ගොස් කපුවකුගෙන් පේනයක් අසා තම බිරිය අහිමි වූ අයකු කපුවාට ඇඳිවත ඔසවා දේවාලය ඉදිරියේදී බැණ වැදුණු සිද්ධියක් අකුරු දෙක තුනකින් හඳුන්වන ගමකින් වාර්තා වේ. මෙම දේවාලයේ කපුවා බොහෝ දෙනා ගේ ප්‍රශ්න ගැටලුවලට දෙවියන් ලවා ආශිර්වාද කරමින් සහන ලබාදුන් බව කියති. අණවින කපමින් ශාන්ති කර්ම කිරීම ඇතුළු සේවා ලබාදෙන බැවින් එක්තරා පුද්ගලයකු තමන්ට සෙත් ශාන්තියක් කර ගැනීමට එහි ගොස් ඇත. මෙම ශාන්තිය කරගැනීමට ඔහු අදහස් කළේ තමාටත් තම 19 September 2026
බොරු පෙමට රැවටී සැබෑ පෙම හබක් පෙම්වතා සොයා පෙම්සුව විඳින්නට ගිය පෙම්වතිය අන් අයකුගේ ඇසුරේ සිට පැමිණ ඇති බව දැනගත් යුවළගේ සැබෑ පෙම හබක් වූ පුවතක් කහල්ල පල්ලේකැලේ රක්ෂිත අභය භූමිය අවට වයඹ හා රජරටට මායිම්ව පිහිටි ගැමි ගමකින් අසන්නට ලැබුණි. නිරන්තරයෙන් වන අලි ගැවසෙන ගැමි පෙදෙසකි. එය එසේ වුවත් දිවි පරදුවට තබා ගොවිතැනින් දිවි අරගලයට මුහුණ දෙන්නට ගොවීහු වෙර දරති. මේ අතර ගමේ තරුණ තරුණියෝ රැසක් ඇඟලුම් සේවාවල නියැලෙති. ඒ සඳහා පිටත සිට සේවාවලට රැගෙන යාමට බස් රථ ගමට ළඟා වෙති. එලෙස එහ 19 September 2026
ගෙම්බාට උම්මා දෙන්න ගිහින් ’’ සුරංගනාවිය ’’ අමාරුවේ වැටිලා සුරංගනා කතාවක තිබූ සිද්ධියක් අත්හදා බලන්නට ගිය ගැමි තරුණියකට රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමටත් ඒ නිසාවෙන් ඇයට “සුරංගනා විය” නමින් නමක් ද පට බැඳි ඇති පුවතක් දුම්බර කඳුකර ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තාවිය. 18 September 2026
හොරේ පත්තු වී අලි අමාරුවක නෝනාට බොරුවක් ගොතා වෙනත් නෝනා කෙනකු ළඟට ගොස් අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ. ඔහුගේ රාජකාරිය නගරයේය. පෞද්ගලික ආයතනයකය. ක්ෂේත්‍ර රාජකාරීවලටද යයි. දින දෙක තුන පිට යන අවස්ථාද නැත්තේද නොවේ. 17 September 2026
ලයිසන් ගන්න දතේ කහට “පරහට” හිටලා රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා පවත්වනු ලබන ලිඛිත පරීක්ෂණයට “දතේ කහට” නිසා පෙනී සිටීමට නොහැකි වූ තරුණයකු පිළිබඳ කතාවක් කැබිතිගොල්ලෑව ප්‍රදේශයෙන් දැන ගැනීමට ලැබුණි. ඔහු වයස අවුරුදු 18 ඉක්මවූවා පමණි. රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීමට ප්‍රදේශයේ රියැදුරු පුහුණු පාසලකට ගොස් අවශ්‍ය මූලික කටයුතු සිදු කළේය. ඒ අනුව මුලින්ම වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීමට ඔහුට සිදුවිය. ඔහු වෛද්‍ය පරීක්ෂණයෙන් සමත් විය. ඊළඟ අදියර ඇත්තේ රියැදුරු පුහුණුව සඳහා මූලික සුදුසුකමක් ල 16 September 2026
භූතයා සෙරෙප්පු කුට්ටමෙන් අහුවෙලා පිරිමින් නැති නිවාසවල ජනෙල්වලින් එබිකම් කරමින් හොල්මන් කරන භුතයා පාවහන් යුවළකින් හෙළි කර ගැනීමට ගැමියන්ට හැකිවු පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. එම ගම්මානයේ බොහෝ ගෘහමූලිකයෝ කන්නයේ අස්වනු නෙළීමෙන් පසු විවිධ දෛනික කුලී වැඩ සඳහා කොළඹ හෝ වෙනත් ඈත දුර ප්‍රදේශවල රැකියාවන් සඳහා පිටත්ව යති. ඔවුන් එසේ ගිය පසු නිවාසවල තනිවන්නේ බිරින්දෑවරුන් සහ කුඩා දුවා දරුවන්ය. 15 September 2026
ගෙරවිල්ලෙන් දෙපැත්තකට වෙලා ගෙරවිල්ලට වඩා තනිව මිය යාම සැප යැයි සිතා අඹු සැමි යුවළක් දෙපසට වී නින්දට ගිය පුවතක් යාපහු අඩවියෙන් අසන්නට ලැබුණි. මැදිවිය ඉක්මවා ඇති අඹු සැමි යුවළකි. දෙදෙනාම රාජ්‍ය සේවකයෝය. දරුවන්ද පිටත රැකියාවල නියැලෙන නිසා අඹු සැමි යුවළ පමණක් නිවසේ වාසය කරති. 14 September 2026
චූන්“ එක වැඩිවී චූන් පාන් මිස් වෙලා රෑ කෑමට පාන් ගැනීමට ගිය අයකුට ‘‘චූන්” එක වැඩි වී ‘‘චූන් පාන්” වාහනය මඟ හැරී එදින රාත්‍රිය බඩගින්නේම නිදා ගැනීමට සිදුවූ පුවතක් කැබිතිගොල්ලෑව අවට ගමකින් අසන්නට ලැබුණි. එය මෙසේය. 12 September 2026
නින්දෙන් අවදිවී බසයේ ජරමරයක් ඔහු රජයේ ප්‍රධානම කාර්යාලයක අංශ ප්‍රධානියෙකි. කාර්යාලයේ හැමදෙනාගේම ආදරය දිනා සිටි ඔහු මැදි වයසට ආසන්නව සිටියේය. ඔහුට කාර්යාලයෙන් ප්‍රවාහන පහසුකම් සපයා නොතිබූ නිසා දිනපතා සේවයට පැමිණියේ පොදු ප්‍රවාහන සේවයේය. ඒ අතරින්ද වැඩිපුරම ගියේ බස් රථයේය. 11 September 2026
කොළය “මිසින්“ කවියා වාෂ්ප වෙලා කවියකු සහ කථිකයකු ලෙස නමක් දිනා සිටි පුද්ගලයකුගේ සායම සේදී ගිය පුවතක් කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ගමක අවමඟුල් උත්සවයක දී අසන්නට ලැබිණි. සිද්ධිය මෙසේය. 10 September 2026
ගේ දැක පෙම්වතියට පෙම්වතා එපා වෙලා සිය පෙම්වතාගේ නිවහන කුඩා එකක් බව දැනගත් පසු පෙම්වතා අතහැර දැමූ පෙම්වතියක පිළිබඳ පුවතක් මිණිපුර ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා විය. විසිහත් හැවිරිදි වියේ පසු වූ පෞද්ගලික ආයතනයක රැකියාවක නිරත ඔහු දිනක් බස් රථයක ගමන් ගනිමින් සිටින අතරේ ඔහුගේ අසුනේ කොනක වාඩිවි සිටි යුවතියක සමඟ කළ කතාබහෙන් අනතුරුව ඇයගේ ජංගම දුරකතන අංකය ලබාගැනීමට අමතක නොකළේය. 09 September 2026
බල්ලා පන්නන්න ගිහින් පටිරෝල් දඩාවතේ ගිය වල් බල්ලා කාලයකින් නිවසට පැමිණිදාම රැකියාවට ගොස් පැමිණ ගෙහිමියකු වැටුණු අලි අමාරුවක පිළිබඳ අපූරු කතාවක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ. ගෙහිමියා මෙරට නමක් ගත් පෞද්ගලික ආයතනයක විධායකයෙකි. පදිංචිය අම්බලන්ගොඩය. ඔහු රැකියාව කළේ අම්බලන්ගොඩ සිට කිලෝමීටර් දෙතුන් සියයක් දුර පළාතකය. ඒ එම ආයතනයේ පළාත් භාර ලොක්කා ලෙසය. දුර වැඩි නිසා රැකියාවට යාම් ඊම් දවස ගානේ නොවීය. ඔහු එන්නේ සතියකට දෙකකට පසුවය. 08 September 2026
කතකගෙන් බේරෙන්න සරමත් උස්සගෙන දුවලා ගැහැනු ගැටයකට හසුවීමට ගිය පුද්ගලයකුට තමාගේ ත්‍රිරෝද රථය මහා වනාන්තරයක් මැද දමා කිලෝමීටර් දෙකකට වැඩි දුරක් පයින් ඒමට සිදුවූ පුවතක් කැබිතිගොල්ලෑව ප්‍රසිද්ධ දිය උල්පතකට ආසන්න ප්‍රදේශයේදී දැනගන්නට තිබේ. කතාව මෙසේය. 07 September 2026
බිරිය අන්දන්න ගිහින් මදුරුවන් තළ තළා එලියේ ලැගලා දොස්තරලා වැඩ වර්ජනය කියා බිරියට අන්දන්න ගිය සැමියාට බිරිය අපූරු දඬුවමක් ලබා දෙමින් ඔහුට ගෙට ඇතුළුවීම වර්ජනය කළ පුවතක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිව් වැනි රාජධානි බල ප්‍රදේශයට අයත් අවට ගමකින් අසන්නට ලැබුණි. ඔහු විවාහක මැදිවියේ පසුවෙන අයෙකි. මාස දෙකකට වරක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ පැවැත්වෙන හෘද රෝග ඒකකයට සහභාගි වී කාලයක සිට ප්‍රතිකාර ගන්නා අයෙකි. මුලින් මුලින් අසනීප තත්වය උග්‍ර අතට හැරී වරින් වර රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගත් නිසා ඔහුගේ තනි නොතනියට 05 September 2026
වියන් බදින්න සාරි ගේන්න කීවාම ගවුම් අරන් ඇවිත් වියන් බඳින්නට සාරි කීපයක් ගෙනත් දෙන්නැයි කී විට ගවුම් හතරක් බෑගයක දාගෙන පැමිණි තරුණියක පිළිබඳ සිද්ධියක් සින්නවූ වත්තක් ඇති ගම් ප්‍රදේශයකින් වාර්තා වේ. එම සිද්ධිය මෙසේය. මනමාල විසේ ඉහට ගැසූ එම තරුණියට කරන කියන දේ නිතර අමතක වීමේ ගතියක් තිබුණු බව කියති. කිසියම් බඩුවක් ගෙන එන්නට කඬේකට ගියත් එය අමතක වී නිවසට පැමිණ නැවත ආපසු ගොස් එය රැගෙන එන්නට සිදුවූ වාර අනන්තය. මේ සියල්ලට එක් හේතුවක් වී ඇත්තේ මෑතක සිට ඇය ‘‘ස්මාට් වර්ගයේ” ජංගම දුරකථනයකට ඇබ්බැහි ව 05 September 2026
සැමියාගේ බයිට් එකෙන් බිරිද ගාන කපාගෙන මහ රෑ සැමියා ඇතුළු කට්ටියට බයිට් හැදීම නතර කොට අතටත් ගනුදෙනුවක් එන අපූරු උපායක් යෙදූ කතක පිළිබඳ අලුත් කතාවක් අලුත්වලින් අසන්නට ලැබේ. සැමියා රෑට රෑට සෙට් වීමට පටන් ගත්තේ කාලයක සිටමය. ඔහු සෙට් වූවේ තනිවම නම් නොවේ. සමකාලීනයන් සමගය. ඔවුහු බෝතල් ගෙන එති. ඔහු කරන්නේ තැන සම්පාදනය කිරීම පමණි. ස්ථානය ඔහුගේ දෙමහල් නිවසේ උඩු මහලේය. බෝතල් රැගෙන එන මිතුරන් බයිට් රැගෙන ඒමට මිල මුදල් දෙන්නේ ඔහුටය. ඔහු ඒ සඳහා කැඳවනුයේ බිරිඳය. බිරිඳ රාත්‍රියේ නගර මධ්‍යයට ගොස් 05 September 2026
භූතයා කිබුල් තඩියෙක් වෙලා මෙම නිවැසියන්ගේ ජීවනෝපාය වූයේ කුකුළු පාලනයයි. කුකුළු කුඩු නිවස පිටුපස ඉඳිකර තිබෙන හෙයින් කුඩු කර ඇති කුකුලන්ගේ හඬත් අවට කුරුල්ලන්ගේ හඬත් මෙම නිවසේ අයට දැනුනේ මහත් සතුටකි. කුඩා දිය කඩිති සහිත මෙම ජලජ කලාපයේ තැන තැන ජලජ ශාක එහෙ මෙහෙ විසිරි තිබීම ගැන නිවැසියෝ විපරම් කර බලන්නට වූහ. මෙසේ එක් දිනක් ගෙහිමියා රාත්‍රී රැක්මේ සිටින ජලාශය පිහිටි පැත්තේ සිට කිසියම් දෙයක් තම නිවසට දෙසට ගමන් කරන අයුරු දුටු නිවැසියා තරමක් බිය වන්නට විය. හිතාගන්න බැරි විදියට එ 05 September 2026
යක්ශයා පාන්නන්න ඈවිත් තිදරු මවත් අරන් මාරු වෙලා කාන්තාවකට වැළදී තිබු අමනුෂ්‍ය දෝෂයක් සුව කිරීමට පැමිණි කට්ටඩියකු එම රෝගය සුවකර හොර රහසේ ඇය රැගෙන පලා ගිය පුද්ගලයකු පිළිබඳ සිද්ධියක් හසලක ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා විය. ඇය තිස් දෙහැවිරිදි රුවැති තිදරු මවකි. වසරක පමණ කාලයක සිට ඇයට කිසියම් රෝගයක් වැළදී තිබු අතර එම රෝගයට ප්‍රදේශයේ දේශීය හා බටහිර ෙවෙද්‍ය ප්‍රතිකාර කළත් සුව නොවුණි. ඇයට වැලදී ඇත්තේ අමනුෂ්‍ය දෝෂයක් යැයි නෑ හිතවතුන් පැවසු නිසා ඒ සම්බන්ධයෙන්ද ප්‍රදේශයේ තිබු දේවාල කරා ගොස් කටයුතු කි 05 September 2026
බල්ලා පන්නන්න ගිහින් ෆෝනයත් කුඩු කරගෙන අල්ලපු ගෙදර වල් බල්ලා තම ගෙමිදුලේ මළපහ කරමින් සිටිනු දැක කෝපයට පත් ගෙහිමියකු වහාම ක්‍රියාත්මක වී බල්ලා ඉලක්ක කර තම අත තිබූ වටිනා ජංගම දුරකතනයෙන් ප්‍රහාරයක් එල්ල කිරීමට ගොස් ‘‘නාගත්’’ බව කියන පුවතක් පසුගිය දා නවගත්තේගම ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි. මෙම කතාවට අනුව තාප්ප වැට කඩොළු කිසිවක් නැති අදාළ ගෙමිදුල ලස්සනට පිළිවෙළකට තියා ගැනීමට කාර්මිකයකු වූ තරුණ ගෙහිමියා මෙන්ම ඔහුගේ බිරිය නිරන්තරව මහත් වෙහෙසක් ගනියි. එය කොතෙක්ද යත් ජලය හිඟ නියං කාලයේදීද දුර බැ 05 September 2026
මිනී කාක්කාගෙන් කෑම අරන් අලි අමාරුවක සිය මවගේ අවමඟුල දා දේහය තැන්පත් කොට තිබූ අවමංගල උත්සව ශාලා හිමිගෙන් කෑම ඇණවුම් කොට අලි අමාරුවක වැටුණු උසස් හමුදා නිලධාරියකු පිළිබඳව අපූරු කතාවක් ගාලු දිසාවේ ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ. 04 September 2026
නමක් පැටලී සල්ලි පුදලා සරසවි වරම් ලැබූ දියණියකට කියා වෙනත් කතකට මුදල් පරිත්‍යාගයෙන් උපකාර කළ පුවතක් යාපහුව අඩවියෙන් අසන්නට ලැබෙයි. යාපහුවේ අවට පදිංචි නඩයක් පවුලේ අය කැටුව පිටස්තර පෙදෙසක වන්දනාවේ ගියහ. එහිදී වන්දනාවේ පැමිණ සිටි වෙනත් පිරිසක් ඔවුනට මුණ ගැසුනහ. ‘‘ඔයාල කොහේද දැකල පුරුදුයි” එහි සිටි එකකු ඇසුවේය. 03 September 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026