බලංගොඩ වයි.ඒ.එස්.වීරවංශ.
මෙය බලංගොඩ ප්‍රදේශයේ එක්තරා ගමක සිදුවු අපුරු කතා පුවතකි ..
මෙම නිවසේ පදිංචිව සිටියේ අයියා මලෝ දෙදෙනෙකි. දෙදෙනාම අවිවාහකය. මල්ලී රෝගියෙකි. දෙදෙනාම වැඩිදුර අධ්‍යාපනයක් ලබා තිබුණේ නැත. එහෙත් අයියාට කියවන්න ලියන්න හැකියාව තිබිණි. ඔහු කිසියම් කුලියක් මලියක් කර මල්ලීටද කන්න බොන්න දුන්නේය.
ටික කලක් ගතවිය මල්ලී හදිසියේ මිය ගියේය. අයියා මේ පිළිබඳව අදාළ වසමේ ග්‍රාම නිලධාරී වරයාට දැන්වුවේය. ග්‍රාම නිලධාරි වරයා නිවසට පැමිණ විස්තර අසා මරණ පරීක්ෂණය පැවැත්විය.
නම මොකක්ද......? අයියා නම කීවේය. ඉන්පසු ග්‍රාම නිලධාරි වරයා නිවසින් පිටවිය.
අයියා මල්ලීගේ අවසන් කටයුතු සිදුකර මාසයකට පමණ පසුව මරණ සහතිකය ගන්න අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියේය. අවශ්‍ය අයඳුම්පත පුරවාදි එය ලැබෙන තුරු බංකුවක වාඩිවි සිටියේය.
කාර්යාලයේ සේවය කරන නිලධාරිනියක විසින් නම අඩ ගසා මරණ සහතිකය දුන්නාය.
”දෙයියෝ සාක්කි” මේකෙ මල්ලිගෙ නම වෙනුවට ලියලා තියෙන්නේ මගේ නම අයියාට කියැවිණි.
ඔහු වහාම මේ පිළිබඳව ප්‍රාදේශිය ලේකම් වරයාට දැන්වීය..
ටිකක් වාඩිවෙලා ඉන්න මම ග්‍රාම සේවක මහත්තයාට එන්න කියන්නම් ප්‍රාදේශීය ලේකම් වරයා කාරුණිකව කිවේය..
ටික වේලාවකින් ග්‍රාම නිලධාරි වරයා පැමිණියේය. මොකක්ද....? මේ මරණ සහතිකේ ලියලා තියෙන්නේ මැරුණ මිනිහගෙ නම නොවෙයි ජීවත් වෙලා ඉන්න මනුස්සයාගෙ නමනෙ ලියලා තියෙන්නේ ප්‍රාදේශීය ලේකම් වරයා ටිකක් සැරෙන් ග්‍රාම නිලධාරි වරයාගෙන් ඇසුවේය.
ඔහුට කට උත්තර නැතිවිය. ග්‍රාම නිලධාරිවරයා මරණ පරීක්ෂණයේදී නම මොකක්ද කියා ඇසුවිට අයියා කියා ඇත්තේ තමාගේ නමය.
දෙදෙනාටම පොට වැරදි තිබිණි. ප්‍රාදේශීය ලේකම්වරයා ග්‍රාම නිලධාරි වරයාට තදින් අවවාද කළේය. වහාම මෙය නිවැරදි කරන ලෙසට නියෝග කෙරිනි.
ග්‍රාම නිලධාරි වරයා කාර්යාලයෙන් පිටවුයේ ”දෙවියන්ට පිං දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd