නිමල කොඩිතුවක්කු 


2027 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් පෙළපොත්/ මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර) ප්‍රසම්පාදනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.

2027 වර්ෂයේදී පාසල් දරුවන් වෙත නොමිලේ බෙදා හැරීමට අවශ්‍ය 1, 2 සහ 6 යන ශේණිවල මොඩියුල ද ඇතුළත්ව පාසල් පෙළපොත්/ මොඩියුල වර්ග 421 ක් මුද්‍රණය කිරීම සඳහා මුද්‍රණායතන තෝරා ගැනීම පිණිස අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රම වේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත. 

ඒ සඳහා ලංසු 31ක් ඉදිරිපත් කරනු ලැබ තිබේ. එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලද නිර්දේශ මත පදනම්ව, අදාළ පෙළ පොත්/ මොඩියුල වර්ග 421 ක් මුද්‍රණය කිරීමේ කොන්ත්‍රාත්තු රුපියල් මිලියන 1,614 මුදලකට ලබාදීමට වූ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.