ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ රෝහලේ ප්‍රධාන නිලධාරීන් විසින් 2026 ඔක්තෝම්බර් 01 වන දින උපත ලැබූ දරුවන්ගේ දෙමව්පියන්ට සංකේතාත්මකව රු. මිලිනයක ජීවිත රක්ෂණයක් නොමිලේ ප්‍රදානය කරයි.
(වමේ සිට දකුණට) කේ.ජි. පුෂ්පකාන්ති මිය - විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරී - කාසල් වීදිය කාන්තා රෝහල, සුනිල් සේනාදීර මහතා ප්‍රාදේශීය කළමනාකරු - (බස්නාහිර II) (SLIC Life), උපුල් ගමගේ මහතා කලාප ප්‍රධානී (වයඹ සහ බස්නාහිර කලාප) (SLIC Life), ජගත් වෙල්ගම මහතා වැඩ බලන ප්‍රධාන නිලධාරී ව්‍යාපාර (SLIC Life), චමින්ද අතාවුද මහතා - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී Life Technical (SLIC Life), වෛද්‍ය උදේශ් රංග සභාපතිගේ මහතා අධ්‍යක්ෂ - කාසල් වීදිය කාන්තා රෝහල, තුෂාර බණ්ඩාර මහතා - පරිපාලන නිලධාරී - කාසල් වීදිය කාන්තා රෝහල, දයාරත්න පෙරේරා මහතා - ප්‍රධාන නිලධාරී (SLIC Life), වෛද්‍ය කමල් සෙනෙවිරත්න මහතා සහකාර අධ්‍යක්ෂ - කාසල් වීදිය කාන්තා රෝහල, සහ ශ්‍රියානි කුලසිංහ මිය ප්‍රධාන නිලධාරී - මූල්‍ය (SLIC Life)
- SLIC ලයිෆ්, දිවයිනේ සෑම ප්‍රදේශයකම 2026 ඔක්තෝම්බර් 01 වෙනි දා උපත ලැබූ සෑම දරුවෙකුගේම දෙමාපියන් වෙත රුපියල් මිලියනයක ජීවිත රක්ෂණාවරණයක් නොමිලේ පිරිනමයි.
- රක්ෂණයේ වැදගත්කම සියලු දෙනාටම පසක් කර දෙමින් මෙම වැඩසටහන 2026 ඔක්තෝම්බර් 01 වෙනි දින සියලුම රෝහල් ආවරණය වන පරිදි දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.
ලෝක ළමා දිනය 2026 සැමරීම නිමිත්තෙන්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) විසින් 2026 ඔක්තෝබර් 01 වන දින දිවයින පුරා උපත ලබන සෑම දරුවෙකුගේම මව්පියන් වෙත රු. මිලියනයක් වටිනා නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් නැවත වරක් පිරිනමන ලදී. අඛණ්ඩව පස්වන වරටත් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන දිවයින පුරා රෝහල් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරන ලද අතර, අලුත උපන් දරුවන්ගේ මව්පියන්ට මෙම සුවිශේෂී ප්‍රතිලාභය ලබා ගැනීමට අවස්ථාව සැලසිණි.
මෙම වැඩසටහන දිවයින පුරා රෝහල් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරන ලද අතර, අලුත උපන් දරුවන්ගේ මව්පියන්ට මෙම සුවිශේෂී ප්‍රතිලාභය ලබා ගැනීමට අවස්ථාව සැලසිණි. මූල්‍ය ආරක්ෂාව සැලසීමෙන් ඔබ්බට යමින්, දරුවෙකුගේ උපත පවුලක නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරන අතරම, පවුලේ මූල්‍ය අනාගතය සුරක්ෂිත කිරීමද එම ගමනේ වැදගත් අංගයක් බව අවධාරණය කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.
"දරුවෙකුගේ උපත යනු බලාපොරොත්තු, සිහින සහ අභිලාෂයන්ගෙන් පිරුණු නව ගමනක ආරම්භයයි. SLIC Life හි අප විශ්වාස කරන්නේ එම ගමනේ ආරම්භයේ සිටම ආරක්ෂාව ලබාදීම වැදගත් බවයි. මෙම වැඩසටහන හරහා අනාගතය වෙනුවෙන් කල්තියා සැලසුම් කිරීමේ වැදගත්කම මෙන්ම, ජීවිතයේ අනපේක්ෂිත අවස්ථාවන්හිදී පවුල් සුරක්ෂිත කිරීමට ජීවිත රක්ෂණයට ඉටු කළ හැකි කාර්යභාරය පිළිබඳව වැඩි දැනුවත්භාවයක් ඇති කිරීම අපගේ අරමුණයි. අඛණ්ඩව පස්වන වසරටත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරමින්, ශ්‍රී ලාංකික පවුල් වෙත අර්ථවත් ආරක්ෂාවක් ලබාදීමටත්, ඊළඟ පරම්පරාව සඳහා වඩාත් සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීමට දායක වීමටත් අපි කැපවී සිටිනවා," යනුවෙන් SLIC Life හි ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සමීර ධර්මසේන මහතා පැවසීය.
SLIC Life හි සමාජ සත්කාර (CSR) වැඩසටහනක් ලෙස ආරම්භ කරන ලද මෙම ලෝක ළමා දින වැඩ සටහනේ මූලික අරමුණ වූයේ, දරුවන්ගේ ජීවිතයේ වැදගත් අවස්ථාවකදී ඔවුන්ගේ මව්පියන්ට සහාය වෙමින් පවුල්වල මූල්‍ය ආරක්ෂාව ශක්තිමත් කිරීමයි. වසර ගණනාවක් පුරා මෙම වැඩසටහන SLIC Life හි වාර්ෂික සමාජ සත්කාර වැඩසටහන් මාලාවේ වැදගත් අංගයක් බවට පත්ව ඇති අතර, දරුවන්, පවුල් සහ ප්‍රජාවන් වෙනුවෙන් SLIC Life දක්වන පුළුල් කැපවීමද එමගින් පිළිබිඹු කරයි.
දරුවන් සහ ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවන් ශ්‍රී ලංකා ඉන්සුවරන්ස් ලයිෆ් හි විවධ දීර්ඝකාලීන වැඩසටහන් ක්‍රියාත්මක වේ. 2007 වසරේදී ආරම්භ කරන ලද 'පාසල් පිරියත සුරකිෂු වැඩසටහන මගින් මේ වන විට අඩු වරප්‍රසාද සහිත පාසල් 3,365කට අධික සංඛ්‍යාවකට ප්‍රතිලාභ ලබාදී ඇති අතර, පන්ති කාමර ප්‍රතිසංස්කරණය, ජල පහසුකම්, පුස්තකාල සහ ඉගෙනුම් සම්පත් සැපයීම ඇතුළු වැඩසටහන් රැසක් වී යටතේ ක්‍රියාත්මක කර ඇත. 2026 වසරේ මෙම වැඩසටහනේ අදියර නොවැම්බර් මාසයේදී ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, දිවයින පුරා දරුවන්ගේ ඉගෙනුම් පරිසරයන් වැඩිදියුණු කිරීම සඳහා SLIC Life දරන අඛණ්ඩ උත්සාහය එමගින් තවදුරටත් ඉදිරියට ගෙන යනු ඇත.
මීට සමගාමීව, 2014 වසරේදී ආරම්භ කරන ලද 'සුබ පැතුම් ශිෂ්‍යත්ව වැඩසටහන මගින් ජාතික විභාගවලදී විශිෂ්ට දස්කම් දක්වන රක්ෂණ ඔප්පු හිමියන්ගේ දරුවන් වෙත මේ වන විට ශිෂ්‍යත්ව 2,425ක් පිරිනමා ඇති අතර, ඒ සඳහා ලබාදී ඇති මුළු වටිනාකම රු. මිලියන 265කි. අනාගත පරපුරේ අධ්‍යාපනික අභිලාෂයන් සඳහා සහාය ලබාදීම සහ ඔවුන්ට නව අවස්ථා නිර්මාණය කිරීම කෙරෙහි ශ්‍රී ලංකා ඉන්සුරවරන්ස් ලයිෆ් දක්වන අඛණ්ඩ අවධානය මෙම වැඩසටහන මගින් පිළිබිඹු කරයි.
දරුවන් SLIC Life හි වඩාත් සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීමේ කැපවීමේ කේන්ද්‍රස්ථානයක් වන අතර, වාර්ෂික ලෝක ළමා දින වැඩසටහන ඇතුළු පුළුල් සමාජ සත්කාර වැඩසටහන් හරහා රක්ෂණයේ වටිනාකම මූල්‍ය ආරක්ෂාවෙන් ඔබ්බට ගොස් වඩාත් ශක්තිමත් සහ ඔරොත්තු දෙන පවුල් සහ ප්‍රජාවන් ගොඩනැගීමට දායක වන ආකාරය ශ්‍රී ලංකා ඉන්සුරවරන්ස් ලයිෆ් අඛණ්ඩව පෙන්නුම් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd