
ශ්රී ලංකාවේ ප්රමුඛතම රැකියා සෙවීමේ ඩිජිටල් වේදිකාවක් වන ikmanJOBS ආයතනය, සිය ඉතිහාසයේ විශාලතම නව සහ වැඩිදියුණු කළ පහසුකම් පසුගියදා නිල වශයෙන් හඳුන්වා දෙන ලදී. මෙමඟින් සේවකයන් බඳවා ගන්නා ආයතනවලට මෙන්ම රැකියා අපේක්ෂිතයන්ට ද උපරිම පහසුව සැලසෙන අයුරින් අලුත්ම සහ වැඩි දියුණු කළ විශේෂාංග හඳුන්වා දීමට ඔවුන් කටයුතු කර ඇත.
මෙම නව යාවත්කාලීන කිරීම් හරහා, සුදුසුකම් ලත් සේවකයන් ආකර්ෂණය කරගැනීමේ සිට ඔවුන් අවසාන වශයෙන් ආයතනයට බඳවා ගැනීම දක්වා වූ සමස්ත බඳවා ගැනීමේ ක්රියාවලියම ඉතාමත් ශක්තිමත් සහ ක්රමවත් ක්රියාවලියක් බවට පත් කර ඇත.
සේවකයන් බඳවා ගන්නා ආයතනවලට දැන් තමන්ගේ පුරප්පාඩු සඳහා අයදුම් කරන අපේක්ෂකයන්ට අයදුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේදීම තමන්ගේ CV එක upload කිරීම අනිවාර්ය කිරීම කළ හැකිය. එසේම මේ තුළින් සේවකයන් බඳවා ගන්නන්ට මුල සිටම අයදුම්කරු පිළිබඳ වඩාත් සම්පූර්ණ සහ ගුණාත්මක තොරතුරු සමූහයක් එකවර ලබාගැනීමට අවස්ථාව උදා වේ. මීට අමතරව රැකියා අවස්ථාවට අදාළව වෘත්තීයමය ප්රශ්න 7ක් (Screening Questions) දක්වා ඇතුළත් කිරීමට ආයතනවලට මේ හරහා අවස්ථාව හිමිවන බැවින්, මූලික වටයේදීම සුදුසුකම් ලත් අයදුම්කරුවන් පමණක් වෙන්කර හඳුනාගැනීම වඩාත් පහසු වේ.
සේවකයන් බඳවා ගන්නා ආයතන සතු කළමනාකරණ අත්දැකීම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වැඩි දියුණු කරන ලද අති නවීන Application Tracking System (ATS) නිල වශයෙන් හඳුන්වා දීමද මෙහිදී සිදු විය. සෑම රැකියා අයදුම්පතක්ම වෙන වෙනම කළමනාකරණය කරමින් කාලය නාස්ති කරනවා වෙනුවට, අපේක්ෂකයන් එකම මධ්යගත පද්ධතියක් යටතට ගැනීමට මේ තුළින් හැකියාව ලැබෙන අතර මූලික සුදුසුකම් පරීක්ෂා කිරීමේ සිට අවසාන සම්මුඛ පරීක්ෂණ දක්වා අයදුම්කරුවන් ඉදිරියට යන ආකාරය ඉතාම පැහැදිලිව සංවිධානය කිරීමට සහ ඔවුන්ගේ ප්රගතිය දැනගැනීමට ද මේ තුළින් වෘත්තීයමය මඟ පෙන්වීමක් හිමිවේ.
තවද සේවකයන් බඳවා ගන්නා ආයතන සහ රැකියා අපේක්ෂිතයන් අතර පවතින සන්නිවේදනය තව දුරටත් වේගවත් කිරීම සඳහා අලුත්ම SMS පහසුකම් නිල වශයෙන් ඇතුළත් කිරීමද මේ යටතේ සිදු වේ. රැකියා අපේක්ෂිතයන්ට තොරතුරු ලැබීමේ වේගය ඉහළ යන මේ ක්රමය බඳවා ගැනීමේ ක්රියාවලියේදී ආයතන සහ අපේක්ෂකයන් අතර පවතින සම්බන්ධීකරණය ක්රමවත් සහ කාර්යක්ෂම කිරීමටද උපකාරී වේ.
තවද, රැකියා දැන්වීම් හරහා ලැබෙන අයදුම්පත් වලට අමතරව, සේවකයන් බඳවා ගන්නන් වෙත වඩාත් ගැලපෙන සහ දැනට සක්රීය මට්ටමේ පවතින රැකියා අපේක්ෂකයන්ගේ තොරතුරු ලබාදීම සඳහා ikmanJOBS ආයතනය සිය අයදුම්කරුවන්ගේ profile database එක යාවත්කාලීන ඇත. මේ තුළින් රැකියා දැන්වීමක් දමා අයදුම්පත් ලැබෙන තෙක් බලා සිටීමේ සාම්ප්රදායික ක්රමවේදයෙන් මිදී, තමන්ට අවශ්ය සුදුසුකම් ලත් සේවකයන් ikmanJOBS profile database එක හරහා සොයා ගැනීමේ හැකියාව බඳවා ගන්නන් වෙත හිමිවේ.
සමස්තයක් ලෙස ගත් කල, අන්තර්ජාලය ඔස්සේ සේවකයන් බඳවා ගැනීමේදී ආයතන මුහුණ දෙන ප්රායෝගික අභියෝග රැසකට ස්ථාවර විසඳුම් ලබාදීම වෙනුවෙන් මෙම නව තාක්ෂණික විශේෂාංග සියල්ල එකිනෙකට ඒකාබද්ධ කර නිර්මාණය කර ඇත. විශාල අයදුම්පත් ප්රමාණයක් අතින් පරීක්ෂා කරමින් කාලය නාස්ති කිරීමේ බාධාව මින් සම්පූර්ණයෙන්ම ඉවත් වේ.
මෙම නව සහ වැඩි දියුණු කළ පහසුකම් විදේශීය රැකියා (Overseas Jobs) සඳහා ද ලබා දෙමින් ජාත්යන්තර රැකියා අවස්ථාවන් ikmanJOBS සමඟ වඩාත් පුළුල් ලෙස ඒකාබද්ධ කර ඇත. ඒ අනුව විදෙස් රැකියා අවස්ථා පළ කිරීමේදී අදාළ රට නිවැරදිව සඳහන් කිරීමට, ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE License Number) බලපත්ර අංකය ඇතුළත් කිරීමට සහ රැකියා විස්තර කෙරෙන රැකියා දැන්වීමක් upload කිරීමට සේව්යයන්ට අවස්ථාව හිමිවේ. එමෙන්ම, ඔවුන්ට ikmanJOBS profile database එක හරහා විදේශ රැකියා සඳහා වඩාත් සුදුසු දේශීය අපේක්ෂකයන් තෝරා ගැනීමේ හැකියාවද මේ සමඟ උදා වීම විශේෂත්වයකි.
ikman Jobs හි සුවිශේෂිතම යාවත්කාලින කිරීමක් ලෙස, රැකියා අපේක්ෂා කරන අයදුම්කරුවන් වෙනුවෙන් ikman Jobs හි ඔවුන්ගේම Profile එකක් නිර්මාණය කරගත හැකි අතර, එම Profile එක ඔවුන්ටම යාවත්කාලින (Update) කරගැනීමටත් තමන්ගේ Profile එකේ සම්පුර්ණ කළ ප්රතිශතය (Profile Completion %) ද දැනගැනීමේ හැකියාව ද දැන් අයදුම්කරුවන් ලැබේ. ඒ අනුව ඔවුන්ට තමන්ගේ යාවත්කාලින කරණ ලද CV එක Upload කරමින් සහ තමන්ගේ Profile එක නිසි පරිදි සකසා ගැනීම හරහා ඉතා ඉක්මනින් ඔවුන්ගේ රැකියා අවශ්යතා සම්පුර්ණ කරගැනීමට මෙමගින් හැකියාව සැලසෙනු ඇත.
රැකියා අපේක්ෂිතයන් වෙනුවෙන්, මෙම නව වෙනස්කම් සිදුකර ඇත්තේ දේශීය මෙන්ම විදේශීය රැකියා අවස්ථාවන් සඳහා අයදුම් කිරීමේදී වඩාත් පැහැදිලි සහ ක්රමවත් ඩිජිටල් අත්දැකීමක් උදාකර දීම වෙනුවෙනි. CV upload කිරීම සහ වඩාත් ගැළපෙන ප්රශ්නවලට පිළිතුරු දීම හරහා, තමන් අදාළ තනතුර සඳහා කෙතරම් දුරට සුදුසුද යන්න බඳවා ගන්නා ආයතනය වෙත බඳවා ගැනීමේ මූලික වටයේදී ම ඉතාමත් පැහැදිලිව ඔප්පු කර පෙන්වීමට අපේක්ෂකයන්ට මෙහිදී අවස්ථාව හිමිවේ.
සමස්තයක් ලෙස ගත් කල, මෙම නව යාවත්කාලීන කිරීම් මඟින් ikmanJOBS සේවා පරාසය විශාල ලෙස ඉහළ යන අතර, සේවකයන් බඳවා ගන්නා ආයතන සතු අත්දැකීම රැකියා අවස්ථා පළ කිරීමේ සීමාවන්ගෙන් ඔබ්බට රැගෙන යනු ලබයි.
ශ්රී ලංකාවේ සමස්ත රැකියා වෙළෙඳපොළ ශීඝ්රයෙන් අන්තර්ජාලය වෙත යොමුවන වත්මන් වටපිටාව තුළ මෙම නවතම හඳුන්වාදීම හරහා දේශීය සේවකයන් බඳවා ගන්නා මෙන්ම රැකියා අපේක්ෂිතයන් වෙනුවෙන් ද ප්රායෝගික ඩිජිටල් මෙවලම් අඛණ්ඩව සංවර්ධනය කිරීම සඳහා ikmanJOBS සතු කැපවීම මනාව පිළිබිඹු වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd