
ජපානයේ අයිචි නගෝයා හී පැවැති 2026 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් දිනාදුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශේෂ ඇගයීමකට ලක්කිරීමට මෙරට ක්‍රීඩාවේ අංක එකේ ප්‍රවර්ධකයා වන ඩයලොග් ආසිආටා සමාගම ඉකුත් 26 වැනිදා කටයුතු කළේය.
ඒ අනුව ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී අදාළ කාණ්ඩවලින් ශ්‍රී ලංකාවට ගෞරව දිනාදුන් ජනනි ධනංජනා (දුර පැනීම සහ මීටර් 200 රන් සහ රිදී පදක්කම්), ප්‍රදීප් සෝමසිරි (මීටර් 1500 රන් පදක්කම), නුවන් ඉන්දික (මීටර් 100 රිදී පදක්කම), පාලිිත බණ්ඩාර (යගුලිය දැමීම රිදී පදක්කම), ගැලිනා බස්නායක (පිහිනුම් මීටර් 400 නිදහස් ආර රිදී පදක්කම), නවීඩ් රහීම් (පිහිනුම් මීටර් 100 සමනල ආර ලෝකඩ පදක්කම), සමන් සුබසිංහ (මීටර් 400 ලෝකඩ පදක්කම) සහ මොහොමඩ් සහ්රාන් (දුර පැනීම ලෝකඩ පදක්කම) මෙහිදී ඇගයීමට ලක්වූහ.
මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී මෙම ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වූ 21 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට අනුග්‍රහය දැක්වූ අතර එම ආයතනය ඉකුත් වසර 26 පුරා මෙරට පැරා ක්‍රීඩාවට අනුග්‍රහය පිරිනමයි.
ඩයලොග් ආසිආටා පීඑල්සී සමූහ අලෙවි උප සභාපති හර්ෂ සමරනායක මහතා ද මෙම උත්සවයට සහභාගී වූ අතර, එහිදී අදහස් දක්වමින් මෙසේ පැවසීය,“පැරා ක්‍රීඩා සඳහා ඩයලොග් ආයතනයේ වසර 26ක කැපවීම, ආබාධ සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහාය වීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති අතර, ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කර ගැනීමට, තරඟ කිරීමට සහ ජාත්‍යන්තර පිළිගැනීමක් ලබාගැනීමට අවස්ථා නිර්මාණය කිරීමට ද එය උපකාරී වී තිබෙනවා. පැරා ක්‍රීඩාව සඳහා අප ලබාදෙන අඛණ්ඩ අනුග්‍රහය තුළින්, ක්‍රීඩාවේ විවිධත්වය, සමානාත්මතාව හා අන්තර්කරණය ප්‍රවර්ධනය කිරීම සඳහා වන අපගේ කැපවීම මෙන්ම, හැකියාව, අධිෂ්ඨානය සහ අභිලාෂය කිසිවිටෙකත් ශාරීරික අභියෝග මඟින් සීමා නොවිය යුතුය යන අපගේ විශ්වාසය ද මනාව පිළිබිඹු වනවා.”
ඩයලොග් ආසිආටා, ක්‍රිකට්, වොලිබෝල් සහ Esports ජාතික කණ්ඩායම්වල සාඩම්බර අනුග්‍රාහකයා මෙන්ම, ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතාවලියේ ද ප්රමුඛ අනුග්‍රාහකයා වේ. ජාතික පැරාලිම්පික් කමිටුව සඳහා සක්‍රීය අනුග්‍රාහකත්වය පිරි නැමිම තුළින් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික හා ජාත්‍යන්තර ශූරතාවලි සඳහා සහභාගී වීමට හැකියාව සලසමින්, ඩයලොග්, ක්‍රිඩාවේ විවිධත්වය, සමානාත්මතාව හා අන්තර්කරණය ප්‍රවර්ධනය කරයි. තවද, හෙට දිනයේ ශූරයන් බලගැන්වීම සඳහා වන සිය කැපවීමට අනුකූලව ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියට අමතරව පාසල් රග්බි ක්‍රීඩාව බල ගැන්වීමට ඩයලොග් කටයුතු කරනු ලබයි. ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ නිල සන්නිවේදන සහකරු ලෙස 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල කරා යන ශ්‍රී ලංකාවේ ගමනටද ශක්තිය සපයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd