
වමේ සිට: සමරු ඵලකය නිරාවරණය කිරීමේ අවස්ථාවට එක් වූ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් (සංවර්ධන) ඒ. බී. එම්. අෂ්රෆ්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන ආයතනික නිලධාරී අසංග ප්‍රියදර්ශන, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම, ගරු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න, තල්දූව බෞද්ධ මහා විද්‍යාලයේ විදුහල්පති වී. සංජීව සිසිරකුමාර, දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්සිරි වීරසිංහ සහ දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ උප සභාපති නන්දන සීමාවිතාරණ යන මහත්වරුන් ඡායාරූපයට පෙනී සිටි අයුරු.
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් රට යළි නගා සිටුවීමේ රජයේ වැඩපිළවලට සහය දක්වමින්, මෙරට අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්රය නංවාලීම උදෙසා ලබාදෙන රුපියල් මිලියන 420ක දායකත්වය යටතේ, තල්දූව බෞද්ධ මහා විද්‍යාලයේ අති නවීන ඩිජිටල් මෙවලම්වලින් අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාරය ඉදිකර සිසු අයිතියට පත් කරමින්, දිවයින පුරා ඩිජිටල් අධ්‍යාපනය ශක්තිමත් කරන පුළුල් වැඩපිළිවෙලක සමාරම්භය සාර්ථකව සනිටුහන් තබන ලදී. එමෙන්ම, තෝරා ගත් රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවා පහසුකම් සංස්කරණය කිරීමද ඇතුළත් මෙම පුළුල් වැඩසටහන යටතේ, හලාවත මහ රෝහලේ සහ කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිසංස්කරණය කටයුතු අවසන් කර එම පහසුකම් සාර්ථකව ජනතා අයිතියට පත් කරන ලද අතර, තවත් රෝහල් කිහිපයකම එවැනි අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විටත් සිදුකෙරෙමින් පවතී.
සිසුන්ට නවීන පරිගණක පහසුකම් සහ ඩිජිටල් ඉගෙනුම් සම්පත් පහසුවෙන් ලබාගැනීමේ හැකියාව සලසන මෙම වැඩ පිළිවෙළ යටතේ පහසුකම් ලබන මුල්ම පාසල ලෙසින්, කෑගල්ල/ දෙහිඕවිට/ තල්දූව බෞද්ධ මහා විද්‍යාලයේ සිසු සිසුවියන් වෙනුවෙන් ඉදිකරන ලද, ඩිජිටල් පහසුකම්වලින් අංග සම්පූර්ණ මෙම පරිගණක විද්‍යාගාරය, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, 2026 ඔක්තෝබර් 27 වැනිදා නිල වශයෙන් සිසු අයිතියට පත් කරන ලදී. රට පුරා පාසල් සිසු සිසුවියන් සඳහා ඩිජිටල් අධ්‍යාපනික පහසුකම් හා මෙවලම් හරහා පහසුවෙන් අධ්‍යාපනය හැදෑරීමට ඇති අවස්ථා පුළුල් කරමින්, මෙරට ඩිජිටල් පරතරය අවම කිරීමේ අරමුණෙන් තෝරාගත් පාසල් 20 ක මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.
පාසල්වලට පරිගණක විද්යාාගාර ලබාදීමට අමතරව, එම වැඩපිළිවෙළ යටතේ ඩිජිටල් අධ්‍යාපනික පහසුකම් නංවන සියලු පාසල්වලට, වසර දෙකක කාලයක් සඳහා නොමිලේ බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතාවද ඩයලොග් පිරිනමයි. ඒ අනුව, පාසල් සිසු සිසුවියන්ටත්, ගුරුවරුන්ටත්, අඛණ්ඩ සම්බන්ධතාව තුළින් බලගැන්වෙන තාක්ෂණික පරිසරයක, අතිනවීන ඩිජිටල් මෙවලම්වලින් උපරිම ඵල ප්රායෝජන අත්විඳිමින්, ඉගෙනීමටත් ඉගැන්වීමටත් හැකි වේ.

තල්දූව බෞද්ධ මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද තොරතුරු තාක්ෂණ විද්‍යාගාරය ආරාධිතයින් විසින් නිරීක්ෂණය කරන අවස්ථාව.
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම උළෙලට, කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ පූජ්‍ය සූරියවැව ධම්මපාල හිමියන් සහ දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්සිරි වීරසිංහ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් ඒ. බී. එම්. අෂ්රොෆ්, තල්දූව බෞද්ධ විද්‍යාලයේ විදුහල්පති වී. සංජීව සිසිරකුමාර යන මහත්වරුන්ද, ඩයලොග් ආසිආටා පීඑල්සී නියෝජනය කරමින්, එහි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා සහ සමූහ ප්‍රධාන ආයතනික නිලධාරී අසංග ප්‍රියදර්ශන මහතාද එක්ව සිටියහ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා මෙලෙස සඳහන් කළේය. "ශ්‍රී ලංකාව ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වුණු අනාගතයක් කරා යන ගමනේදී, ඩිජිටල් අධ්‍යාපන හැකියාව පුළුල් කිරීම ප්‍රධාන ජාතික ප්‍රමුඛතාවක්. සෑම සිසුවෙකුටම තාක්ෂණික පහසුකම් සමඟින් අධ්‍යාපනය හැදෑරීමටත්, ඩිජිටල් ආර්ථිකයට ඵලදායක ලෙස දායකවීමට අවශ්‍ය කුසලතා වර්ධනය කරගැනීමටත් අවස්ථාව තිබිය යුතුයි. රට පුරා ඩිජිටල් අධ්‍යාපන යටිතල පහසුකම් ශක්තිමත් කරමින්, සිසුන්ට වැඩි අවස්ථාවන් උදාකර දීම සඳහා මෙලෙස රජය හා සහයෝගිතාවන් පවත්වා ගනිමින්, ඩයලොග් ආයතනය ලබාදෙන සහය අපි ඉතා අගය කරනවා.”
ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා අදහස් දැක්වූයේ මෙලෙසිනි. "අපේ රටේ අනාගතය තීරණය වන්නේ වත්මන් තරුණ පරපුර වෙනුවෙන් අප ගොඩනඟන අවස්ථාවන් මතයි. තාක්ෂණය සහ ඩිජිටල් ඉගෙනුම් පහසුකම් පුළුල් කිරීම තුළින්, වැඩි සිසුන් පිරිසකට තමන්ගේ හැකියාවන් හඳුනාගෙන, අනාගත අවස්ථා සඳහා සූදානම් වීමට සහයවීම, අපේ අරමුණයි. මෙම වැඩපිළිවෙළ තුළින් සිදුකෙරෙන්නේ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් ලබාදීම පමණක් නොවෙයි. මෙය, දැනුම ලබාගැනීමේ ක්‍රම පුළුල් කරමින්, නව අවස්ථා උදා කිරීමක් වගේම, රටේ ඕනෑම පළාතක සිසුවකුට ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතයට දායක විය හැකි බව තහවුරු කිරීමක්.”
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ රට යළි යථා තත්ත්වයට පත් කිරීමේ රජයේ වැඩපිළිවෙළට ලබාදෙන රුපියල් මිලියන 420ක දායකත්වය යටතේ දිවයින පුරා තෝරාගත් රෝහල් හා පාසල්වල අත්‍යවශ්‍ය යටිතල පහසුකම් නංවන ඩයලොග්, ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික ක්ෂේත්රය වෙනුවෙන් පිරිනමන දීර්ඝ කාලීන කැපවීමට අනුකූලව, ඩිජිටල් යටිතල පහසුකම්, ජාල සම්බන්ධතා සහ අධ්‍යාපනය ඒකාබද්ධ කරමින්, සන්නිවේදනයේ ප්රතිලාභ සැමට සමීප කිරීමේ අරමුණෙන් මෙම ඩිජිටල් අධ්‍යාපනික සත්කාරය දියත් කරයි. ඒ අනුව, මෙරට ඩිජිටල් යටිතල පහසුකම් ශක්තිමත් කරන මෙම සත්කාරයෙන්, ඩිජිටල් මෙවලම් භාවිතයෙන් සිසු කුසලතා ඔප් නංවමින්, ඔවුන්ට වේගයෙන් දියුණුවන ඩිජිටල් ලෝකයේ අවස්ථාවන් උදාකරදීම අපේක්ෂාවයි. එම උදාරතර දැක්ම පෙරදැරිව කටයුතු කරන ඩයලොග්, සන්නිවේදනය තුළින් ශ්‍රී ලාංකීය සිසු ජීවිත සවිබල ගැන්වීමේ මෙහෙවර උදෙසා අඛණ්ඩව කැප වී සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd