වඩා වැඩි තේරීම් ප්‍රමාණයක්, වඩාත් පුළුල් භාවිතයන් සමඟින්, එකම විශ්වාසනීය නාමයක්... 

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වඩාත් විශ්වාසනීය නාමයක් වන S-lon සමාගම, නව රූෆින් මාදිලි දෙකක් හඳුන්වා දෙමින් සිය S-lon Roofing නිෂ්පාදන පෙළ තවදුරටත් පුළුල් කර තිබේ. ඒ අනුව, වෙනස් වන වෙළෙඳපොළ අවශ්‍යතාවලට ගැළපෙන ලාංකීය ජනතාව තුළ වඩාත්  ජනප්‍රිය බාහිර පෙනුමකින් යුත් නව රූෆින් මාදිලි තුනකින් සමන්විත වන පරිදි, සිය අවශ්‍යතාවන්ට ඔබින නවීන පෙනුමෙන් සහ ආකර්ෂණීය නිමාවෙන් යුත් පුළුල් නිෂ්පාදන පරාසයක් මිළදී ගැනීමට දැන් පාරිභෝගිකයන්ට හිමි වී තිබේ. 

නිවාස, හෝටල්, වාණිජ ගොඩනැගිලි, ගබඩා සහ කාර්මික ස්ථාන ඇතුළු විවිධ ඉදිකිරීම් අවශ්‍යතා සහ ගෘහ නිර්මාණ ශෛලීන්ට ගැළපෙන නවීන සහ ආකර්ෂණීය පෙනුමක් ලබාදීම මෙම නව රූෆින් මාදිලි පෙළ හඳුන්වාදීමේ මූලික අරමුණයි. 

වෙළෙඳපොළ අවශ්‍යතා නිවැරදිව හඳුනාගෙන, නවීන නිෂ්පාදන තාක්ෂණය සහ නව නිෂ්පාදන එළි දැක්වීම සඳහා අඛණ්ඩව ආයෝජනය කරමින් වඩාත් විශ්වසනීය සහ නවීන පන්නයට ගැළපෙන සෙවිලි කිරීමේ විසඳුම් ලබාදීමට S-lon Roofing දක්වන කැපවීම මෙම නව මාදිලි හඳුන්වාදීම තුළින් මනාව පිළිබිඹු වේ. 

එමෙන්ම, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත නව රූෆින් මාදිලිවල ගුණාත්මකභාවය සහ විශ්වාසනීයත්වය සමඟින් ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත රැගෙන යමින්, නව විදේශීය වෙළෙඳපොළ අවස්ථා කරා යොමුවීමට ද S-lon Roofing අඛණ්වඩ කැප වී සිටියි. 

එස්-ලෝන් විශ්වාසය සමඟින් නවීන පෙනුමෙන් යුත් ආකර්ෂණීය නිමාවක්. 

#SLon #SLonRoofing #RoofingSolutions #Innovation #ManufacturingExcellence #MadeInSriLanka #BuildingTrust