උපුල් වික්‍රමසිංහ
වසර 2027 හා 2028 දී ඩොලර් මිලියන 6560 ක මුදලක් විදේශ ණය හා පොලී වාරික ගෙවීමට ඇතැයි ද මෙම ණය ගෙවීමට අවශ්‍ය ස්ථාවරත්වයක් ආර්ථිකයේ ගොඩනැගී ඇතැයි ද ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය 12 වැනිදා අයවැය කතාව අතරතුර පැවසීය.
ඒ අනුව විදේශ ණය සේවාකරණය යටතේ 2027 වසරේ දී ඩොලර් මිලියන 2986 ක් ද 2028 දී ඩොලර් මිලියන 3574 ක් ද ගෙවීමට ඇති බව ඔහු කීවේ ය.
වසර 2025 දී ඩොලර් මිලියන 3707 ක් හා 2026 දී ඩොලර් මිලියන 3591 ක් විදේශ ණය වශයෙන් ගෙවා ඇතැයි ද ජනාධිපතිවරයා හෙළි කළේ ය.
මේ අතර 2027 වසර සඳහා ණයගැනීමේ සීමාව රුපියල් ට්‍රිලියන 3.8 කි. රජයේ මධ්‍ය කාලීන ආර්ථික ඉලක්කය සියයට 7 ක් හෝ ඊට ඉහළ තිරසර ආර්ථික වර්ධන වේගයක් කරා ගමන් කිරීම බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.
දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3 ක ප්‍රාථමික අතිරික්තයක් පවත්වා ගෙනයෑම, අයවැය හිඟය සියයට 5ට අඩු මට්ටමක පවත්වා ගෙනයෑම සහ රාජ්‍ය ණය තිරසර මාවතකට යොමු කිරීම රජයේ මූලික මූල්‍ය ඉලක්ක වන බවද ඔහු පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ එම වැඩසටහන සාර්ථකව අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් එය අවසන් කළ පසු නැවත ණය වැඩසටහනකට යෑමේ යෝග්‍යතාව හා එසේ යා යුතු නම් කුමන ආකාරයේ වැඩසටහනකට ඇතුළත් විය යුතුද යන්න සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියෝජ්‍ය මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරනු ලැබ ඇති බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd