සුජිත් හේවාජුලිගේ
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහි විශ්වාසභංග යෝජනාව අලුත්කර අයවැය විවාදයෙන් පසු ජනවාරියේ දී නැවත බාරදීමට විපක්ෂය බලාපොරොත්තු වෙයි.
මේ අනුව පසුගියදා බාරදුන් විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කෙරුණු චෝදනා පනහට අමතරව තවත් චෝදනා දහයක් අලුතෙන් එකතුකර චෝදනා හැටක නව විශ්වාසභංගයක් ලෙස එය බාරදීමට නියමිතය.
කථානායකවරයාට එරෙහිව බාරදුන් විශ්වාසභංග යෝජනාව එහි අධිකරණ කටයුතුවලට බලපාන කරුණු කිහිපයක් (SUB JUDICE) ඇතැයි සඳහන් කරමින් ආණ්ඩු පක්ෂය විවාදයට ගැනීම ප්‍රතික්ෂේප කළේය.
එහෙත් විපක්ෂය පවසන්නේ අධිකරණ කටයුතුවලට බලපාන එවැනි කරුණු කිසිවක් එහි අඩංගු නොවන බවයි.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව චෝදනා 50ක් ඇතුළත් විශ්වාසභංග යෝජනාවක් - විපක්ෂයේ මන්ත්‍රීවරුන් 44 දෙනකුගේ අත්සනින් යුතුව ඉකුත් ඔක්තෝබර් 09 වැනිදා පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත බාරදෙනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd