උපුල් වික්‍රමසිංහ

ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් බොහෝ පිරිස් මේ වන විටත් විශාල ණය උගුලකට හසුව සිටින බව ද ඔවුන්ගේ ආරක්ෂාව සැලසීම වෙනුවෙන් කටයුතු කරන බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය 12 වැනිදා අයවැය කතාව අතරතුර පැවසීය.

ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට හසුවූවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ වන විටත් 2026 අංක 9 දරන ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත සම්මත කර ඇති බව ද එහිදී ඔහු සිහිපත් කළේ ය.

එම පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව 2027 වසරේ දී ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පිහිටුවා ව්‍යාපාර ගනුදෙනුකරුවන්ට ආරක්ෂාව සැලසීමට කටයුතු කරන බව ද හේ සඳහන් කළේය.