- වාහන කල්බදු ලීසිං සඳහා ලබාදුන් ණය සමස්තයෙන් සියයට 63.8ක්
- රන් ණය සහ උකස් ණය සමස්තයෙන් සියයට 21.4 ක්
- මූල්‍ය සමාගම් සතු වත්කම් රු.බි. 3,215 ක් දක්වා සියයට 41 කින් ඉහළට
මෙරට ක්‍රියාත්මක බැංකු නොවන මූල්‍ය සමාගම් හරහා 2026 වසරේ දෙවැනි කාර්තුව අවසන් වනවිට එනම් පළමු අර්ධය තුළ ලබාදී ඇති සමස්ත ණය අතරින් වැඩිම ප්‍රතිශතය වන සියයට 63.8ක් වාහන ණය, කල්බදු ලීසිං ඇතුළු පහසුකම් සඳහා බව වාර්තා පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ 2026 දෙවැනි කාර්තුව සඳහා වන මූල්‍ය සාධනීය දර්ශක වාර්තාවේ මෙම කරුණු ඇතුළත්ව තිබේ.
ඉන් අනතුරුව රන් ණය සහ උකස් පවතින අතර එය සියයට 21.4 කි. එසේම කාරක ප්‍රාග්ධන සහ ව්‍යාපාරික ණය ලෙස ලබාදිම් සියයට 5.5 කි. පෞද්ගලික ණය සියයට 4.3 ක් ලෙස සටහන්ව තිබේ.
මීට අමතරව අත්පිට මුදල් / තැන්පතු ණය සමස්තයෙන් සියයට 1.5ක් ලෙස සහ නිවාස ණය සියයට 1.2 ක් ලෙස පවතී.
මෙම වාර්තාවට අනුව 2026 දෙවැනි කාර්තුව අවසන් වනවිට මෙම බැංකු නොවන මූල්‍ය සමාගම් සතු වත්කම්වල වටිනාකම රුපියල් බිලියන 3,215 ක් ලෙස සටහන්ව තිබේ. එය 2025 දෙවැනි කාර්තුවේදී පැවැති රුපියල් බිලියන 2,280 ට සාපේක්ෂව සියයට 41 ක වර්ධනයකි.
එහිදී මූලිකවම එම සමාගම් මගින් ලබාදුන් ණය සහ අත්තිකාරම්වල වටිනාකම කැපී පෙනෙන ලෙස ඉහළ යාම ඊට හේතුව බව මහ බැංකුව පවසයි.
ඒ අනුව ණය සහ අත්තිකාරකම් 2025 වසරේ දෙවැනි කාර්තුවේ පැවැති රුපියල් බිලියන 1,745 ක සිට 2026 දෙවැනි කාර්තුව වනවිට රුපියල් බිලියන 2,579ක් දක්වා සියයට 47.8 කින් ඉහළ ගොස් තිබේ.
මේ අතර මූල්‍ය සමාගම් සතුව පවතින දළ අක්‍රිය ණයෙහි වටිනාකමද 2026 දෙවැනි කාර්තුව අවසන් වනවිට රුපියල් බිලියන 135.8ක් බවට පත්ව තිබේ. මෙය 2025 දෙවැනි කාර්තුවේදී පැවැති රුපියල් බිලියන 151.7 ට සාපේක්ෂව සියයට 10.5 ක අඩුවීමකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd