
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පසුගිය මාසයකට ආස පැවැති ඩොලර් 100ක සීමාවෙන් පහළට පැමිණීමක් ඊයේ (06) දැකගත හැකි විය. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 98.43ක් දක්වාත්, වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් (WTI) බැරලයක මිල ඩොලර් 87.84ක් දක්වාත් පහත වැටී තිබුණි.
මැදපෙරදිග කලාපයේ ඉන්ධන අපනයනය යළිත් යම් මට්ටමකින් යථා තත්වයට පත්වීම සහ G7 රාජ්‍යන් සිය ඉන්ධන සංචිත නිකුත් කිරීමට පියවර ගැනීමත් මෙලෙස ඊයේ බොරතෙල් මිල පහළ වැටීමට හේතු විය.
මැදපෙරදිග යුද ගැටුම් තත්වය යළි වර්ධනය වූ සැප්තැම්බර් 09 වැනිදා සිට මෙලෙස බොරතෙල් බැරලයක් යළිත් ඩොලර් 100 ඉක්මවිණි. කෙසේ වෙතත් බොරතෙල් නෞකා ප්‍රවාහනය තවදුරටත් ගැටලුවක් වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd