මල් පැළෙන් අන්දන්න ගිහින් කූඩුවේ ලැගලා විදෙස් රටක වැසියන් පිරිසකට ඔවුන්ගේ රටේ දී අපූරු මල් පැළ වර්ගයක් හඳුන්වා දුන් අපේ රටේ පිරිසක් පිළිබඳව අපූරු කතාවක් ඊයේ පෙරේදා අසන්නට ලැබුණේ ගාලු දිසාවේ ගමකිනි. මෙරටින් එම රටට පිරිසක් ගියහ. ඒ විවිධ වෘත්තීන් සඳහා ශ්‍රමිකයන් ලෙසය. ඒ තමන්ගේ නැති බැරිකම දුරු කොට ජීවන තත්ත්වය උසස් කර ගැනීමටය. ඒ සඳහා අවැසි මුදල් ඔවුන් සොයාගෙන ඇත්තේ ඇතැමුන් සිය භාර්යාවන්ගේ කණකර ආභරණ උකස් කොටය. ඉඩකඩම් උකස් කළ අයද මේ අතරය. වාණිජ බැංකුවලින් ණය මුදල් ලබාගෙන ගිය අය ද නැත්තේ 18 February 2026
දිට්වා ආධාර දෙන්න ඇවිත් තිදරු මව අරන් පැනලා ආපදාවට පත්වූ ගම්වැසියන්ට ආධාර උපකාර කිරීමට පැමිණි කණ්ඩායමක අයකු ගමකට ආධාර ලබාදීමෙන් අනතුරුව එම ගමේ පදිංචිව සිටි හතළිස් හය හැවිරිදි තිදරු මවකද හොර රහසේ රැගෙන පලා ගිය පුවතක් දුම්බර කඳුකරය ආසන්නයේ පිහිටි ගම්මානයකින් වාර්තාවිය. 17 February 2026
වැලන්ටයින් සමරන්න මව ගෙදරින් පිටමං කරලා වැලන්ටයින් දිනයේදි (14) ආදරවන්තිය පෙම්වතාගේ නිවස කරා පැමිණීමේදි සිය පෙම්වතා අපවාදවලින් මිදෙන්නට වියපත් රෝගි මව නිවසින් බැහැර කළ පුවතක් ඇතුගල්පුරවරයෙන් අසන්නට ලැබුණි. 16 February 2026
මදුරුවන් පන්නන්න ගිහින් තරු පෙනිලා මදුරු කරදරයෙන් බේරීම සඳහා මිතුරකුගේ උපදෙස් පරිදි මදුරු නාශකයක් තැනූ පුද්ගලයකු එය ක්‍රියාත්මක කිරීමට ගොස් සිදුවූ අලකලංචියක් ගැන අපූරු කතාවක් දකුණේ ප්‍රසිද්ධ සංචාරක පුරවරයකින් පසුගියදා අසන්නට ලැබුණි. 14 February 2026
සූර් මිතුරා තියාගෙන අමාරුවේ වැටිලා නිවසේ දී සෙට් වී කන පැලෙන්න බිව් මිතුරා රුපියල් විසිපන්දහසේ පොලිස් දඩයෙන් බේරාගැනීමට මහ රෑ යතුරුපැදියෙන් යාමට නොදී සිය නිවසේ නතර කරගෙන අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳව අමුතු කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ. 13 February 2026
ආඩපාලි නවත්වන්න ගිහින් අම්බානට ගුටි කාලා විවාහ වී වසර තිහක් තිස්සේ බිරිඳගේ අණසකට යටත්ව සිටි පුද්ගලයකු ඉන් මිදීම සඳහා මිතුරන්ගේ උපදෙස් අනුව කටයුතු කරන්නට ගොස් ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වැනි සීන් එකකට මුහුණ දුන් පුවතක් ගැන දකුණු පළාතේ බත්දුන් ගමකින් පසුගියදා අසන්නට ලැබුණි. 12 February 2026
පෙරේතකමට ඩබල් ගෙවන්න වෙලා මස් කෑමට ඇති පෙරේතකම හේතුවෙන් මස් පීරිසි දෙකකට සහ අමතර බත් පිඟානකට මුදල් ගෙවීමට සිදුවූ පුවතක් කැබිතිගොල්ලෑව නගරයේ හෝටලයකින් අසන්නට ලැබුණි. කතාව සැකෙවින් මෙසේය. 11 February 2026
බිරියානි ඕඩර් කර කැද බොන්න වෙලා මුහුණු පොතේ දැක්වෙන නොම්මරයකට කතාකොට පොට්බිරියානි එකක් ගෙදරට ගෙන්වා ගත් පුද්ගලයකුට සිදුවූ අලකලංචියක් ගැන පුවතක් දකුණු පළාතේ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි. 10 February 2026
මළ ගෙදර පොඩි ‘ෂොට්’ එක ලොකුවී ගෙදරත් අමතක වෙලා මිතුරාගේ බිරියගේ මළ ගෙදරට ගිය පුද්ගලයකු දහවල් කෑමට පෙර පොඩි “ෂොට්” එකක් දාගන්නැයි කියා ලැබුණු බෝතලය අඩියටම හිස්කර ගෙදර එන්නට නොහැකිවී පසුදින පැමිණි පුවතක් ගැන බස්නාහිර පළාතේ නගරයකින් පසුගියදා වාර්තා විය. 09 February 2026
මළගමට අලුත් ඇදුම් අරන් එද්දී නැන්දම්මාට පණ ඇවිත් ඔත්පළව සිටි තම නැන්දම්මා මියගියා යැයි සිතා තම සේවා ස්ථානයෙන් නිවාඩු ලබා මළගමට ඇඳීමට අලුත් ඇඳුම් රැගෙන නිවසට පැමිණි කාන්තාවක පිළිබඳ පුවතක් දකුණෙන් වාර්තා වේ. 07 February 2026
දඩෝරියාගේ කෑම මාරු වී ජංජාලයයි සැපට හදන බලු සුරතලකුට වැය කළ මුදලක් අල්ලපු ගෙදරකට මාරුවීමෙන් නිවෙස් හිමි කත තම ආයතනය දෙවනත් කළ පුවතක් ගල්ගමුව මැතිවරණ කොට්ඨාසයේ රාජ්‍ය ආයතනයකින් අසන්නට ලැබුණි. 07 February 2026
බාරයට ගෙනගිය පඩුර කොන්දොස්තරට පුදලා කහ දියරෙන් සෝදා පිරිසුදු කර සුදු රෙදි පටක ඔතා භාරයක් ගැට ගැසීම සඳහා දේවාලයකට රැගෙන යමින් තිබූ පහේ කාසියක් මාරු කාසි ගැටලුවක් ඇති වී බස් කොන්දොස්තරට දීමට සිදු වූ බව කියන පුවතක් බස්නාහිර පළාතේ ගමක පුද්ගලයකු සිය මිතුරකුට කී කතාවක් පසුගිය දිනක අසන්නට ලැබුණි. 07 February 2026
තරුණියගේ ඇම කා තුට්ටු දෙකටත් තට්ටු කරගෙන ලොකු මුදලක් ගන්න හිතාගෙන කුලී ගමනක් ගිය ත්‍රීරෝද රථ රියදුරකුට හයර් එක නොව අතේ තිබූ මුදලුත් අහිමිවීමේ පුවතක් ගාල්ලට ආසන්න නගරයකින් අසන්නට ලැබේ. 07 February 2026
මළ ගෙදර කෑම කන්න ගිහින් කාඩ් කුඩු කරගෙන රාත්‍රී කාලයේ මළ ගෙදරට ගිය තරුණයන් දෙදෙනකුට ආහාර ගැනීමට ගොස් සිදු වූ අකරතැබ්බයක් ගැන අපූරු කතාවක් දකුණු පළාතේ නගරාසන්න ගමකින් පසුගිය දා වාර්තා විය. 07 February 2026
බිරිදගෙන් කොමිස් ගසා අලි අමාරුවක බිරිඳගෙන් කොමිස් ගසා මාට්ටු වී අලි අමාරුවක වැටුණු සැමියකු පිළිබඳ කතාවක් රූකඩවලට ප්‍රසිද්ධ පුරවරයකින් අසන්නට ලැබේ. මිනිහා ගැට පප්පෙකි. ගැසු ගැට ගැස්සී රැකියාව ද පවා අහිමි කරගත් අයෙකි. ගැටනම් මිනිහාය. මිනිහානම් ගැටය. කෙතරම් ගැට කාරයකු වුවත් ඔහුට මිතුරන්ගෙන් අඩුපාඩුවක් නොවීය. පිනට අඩිපුටි ගැසීමට ගොස් මිතුරන්ට ඇණයක් වූ අවස්ථා නැත්තේ ද නොවේ 07 February 2026
පෙරේතකම “ඇලජික්” වී පොල්කොළ දුම් අල්ලලා “පෙරේතකමට ඇලජික්” මස් කා නිරුවතින් පොල්කොළ දුම් ඇල්ලූ පුද්ගලයකු පිළිබඳ කතාවක් වයඹ පළාතේ එක් කෙළවරක පිහිටි ගොවි ගමකින් පසුගිය දිනක අසන්නට ලැබුණි. අසාත්මිකතාවයක් නිසා මෙම සිද්ධියට අදාළ පුද්ගලයාට කිසියම් සත්ව මස් වර්ගයක් අගුණය. ඔහුට එම මස් කනවා තියා එහි සුවඳවත් විඳින්නට බැරිය. ඒ ඔහු එම මස් කෑවොත් ඇඟ කැසීම, ඇඟපුරා පලු දැමීම මෙන්ම ඔක්කාරය, වමනය දැමීම වැනි සෞඛ්‍ය ගැටලු ඇති කරන නිසාය. 06 February 2026
නැතිවුණු ෆෝනය සාක්කුවෙන් මතුවෙලා හෝටලයක මඟුල් උත්සවයකට සහභාගී වූ රක්වානේ මිතුරන් පිරිසකගෙන් වෙරිමර ගාතේ සිටි අයකු මනමාලිගේ නැගණියගේ අත්බෑගය තුළ තිබූ උසස් තාක්ෂණයෙන් යුත් ජංගම දුරකථනය සොරාගත් බව කියන පුද්ගලයාගේ කලිසමේ සාක්කුවේ තිබියදී නව තාක්ෂණය උපයෝගී කරගනිමින් අල්ලා ගැනීමට හැකි වූ සිද්ධියක් පසුගියදා වාර්තා විය. 05 February 2026
බෝතලේට වහල් වී මඟුලත් තීන්දු කරලා මවුපියන්ගේ දැඩි විරෝධය මැද ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යමින් සිටි තරුණියක හදිසියේම පෙම්වතා සමඟ පැනයාමෙන් පසු ඇය නැවත නිවසට කැඳවාගෙන යාමට මවුපියන් පැමිණෙන අතර එහිදී සිදුවූ සිද්ධියක් පිළිබඳව අපූරු කතාවක් ගාල්ල දිස්ත්‍රික්කයේ එක්තරා ගම්මානයකින් පසුගියදා වාර්තා විය. 04 February 2026
අමුතු ගැටේට රාලහාමි අහුවෙලා උත්සවයක් පැවති රාත්‍රියේ ලොකු හෝටලයක් ආසන්නයේ මග රැක සිට බීමත් රියැදුරන් ඇල්ලීමට ගිය පොලිස් නිලධාරියකුට කවදාවත්ම නොවූ අලි අැබැද්දියකට මුහුණදීමට සිදුවූ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ. 03 February 2026
කසන්න ගිහින් අලි ඇබැද්දියක රෝගයකට පිළියමක් යොදන්නට ගිය තැනැත්තකුගේ ඇඳිවතට ගිනි ඇවිලුනු පුවතක් වාහල්කඩට නුදුරු ගමකින් දැනගන්නට ලැබුණි. එය තේ කඩයකි. තේ මුට්ටිය රත් කිරීම සඳහා ළිපට දැමූ දර යහමින් ඇවිළෙමින් තිබුණි. මෙම තේ කඩයේ මුදලාලි හාමිණේ තරමක් රූමත් තැනැත්තියකි. ඇය කා සමඟත් ඉතා සුහදශීලීව කතාබස් කළාය. ගැහැනු පිරිමි භේදයකින් තොරව ඉතාම සමීපව වාඩිවී සිනහමුසු මුහුණින් අල්ලාප සල්ලාපයේ යෙදීමට ප්‍රිය කරන කාන්තාවකි. 02 February 2026
සූර් පිට බසය මාරු වී දෙලෝ රත්වෙලා නැගෙනහිර පළාතේ අවමංගල්‍ය උත්සවයකට සහාභාගී වීම සඳහා සූර්වෙමින් ගිය නුගේගොඩ ප්‍රදේශයේ ආයතනයක සේවකයන් පිරිසක් අතරමගදී ත්‍රිකුණාමලය බස් එකයැයි සිතා කොළඹ බස් රථයක නැග කිලෝමීටර් පහක පමණ දුරක් ආපස්සට ඒමේ සිද්ධියක් කොළොම්පුරෙන් වාර්තා වේ. සිද්ධිය මෙසේය. 31 January 2026
“සොක්කා” ගෙන් පාඩමක් ඉගෙනගෙන ස්ථාන මාරුවීම් ලබා ආ අලුත් ලොක්කා හමුවීමට පැමිණි සොක්කකු නිසා අලි අමාරුවක වැටුණු කාර්යාල කාර්ය සහායක (පියුන්) කෙනකු පිළිබඳව අපූරු පුවතක් දකුණුලකේ කාර්යාලයකින් අසන්නට ලැබේ. 30 January 2026
මායමට හසුවී මාලෙත් පුදලා ගැහැනුන්ට මායම් හැට හතරක් ඇතැයි කියමනක් තිබුණ ද එවැනි මායම් පෙන්වන ගැහැනු නිතර අපිට මුණ නොගැසුණ ද, ඇත්තටම මායමකින් තම සැමියා රැවැට්ටූ ගැහැනියක පිළිබඳව සිද්ධියක් දකුණු පළාතේ නගරයකින් පසුගිය දා අසන්නට ලැබුණි. 29 January 2026
පොලිසියට කොකා පෙන්වා එළිවෙනකම් ගහක් උඩ ඉඳලා පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් අසල තිබූ ගසකට නැග එළි වනතුරු ගස මුදුනේ රැඳී සිට පසුදින උදේ පොලිසියට ගොස් ඉදිරිපත් වූ පුද්ගලයකු සම්බන්ධ සිද්ධියක් ඊයේ (26) ගොඩකවෙල පොලිසියෙන් වාර්තා වේ. 28 January 2026
කුණු කොල්ලෙට ගිහින් අතින් පුදලා නිවසේ නාන කාමරයක අක්‍රීයවී තිබුණු ජල කරාමයක් මාරුකර, බිඳීගිය කණ්ණාඩිය වෙනුවට අලුත් කණ්ණාඩියක් නොමිලේම සවි කරගන්නට ගිය පුද්ගලයෙකුට සිදුව ඇති අකරතැබ්බයක් ගැන තොරතුරු පසුගියදා දකුණු පළාතේ බත්දුන් ගමකින් අසන්නට ලැබුණි. 27 January 2026
ඩෝප්කාරයෙක් ඇරලවන්න ගිහින් අලි අමාරුවක ඩෝප් කාරයකු රැගෙන ගිය කුලී රථ යතුරු පැදිකරුවකුට සිදුවූ අලි ඇබැද්දියක් පිළිබඳ කතාවක් දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබේ. දැන් දැන් නගරවල අලුත්ම ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක වෙමින් තිබේ. රාත්‍රී කාලයේ කන පැලෙන්න බොන අය පොලිස් දඩයෙන් මිදීම සඳහා අලුතින් ආරම්භ කෙරුණු සේවාවකි. මේ සඳහා භාවිත කරනුයේ යතුරු පැදියකි. 26 January 2026
කාන්තා ඇදුම් රිසිට් එකට බිරිද යකින්නියක් වෙලා නගරයේ කාර්යාලයක රැකියාව කරන සිය සැමියාගේ මුදල් පසුම්බිය තුළ තිබූ කාන්තා ඇඳුම් මිල දී ගත් කුවිතාන්සියක් නිසා යක්ෂාවේෂ වූ බිරිඳක් පිළිබඳව පුවතක් කන්ද උඩරට ප්‍රදේශයෙන් වාර්තා වෙයි . වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. කන්ද උඩරට ප්‍රදේශයේ එක්තරා ගම්මානයක පදිංචි මෙම යුවළ කුඩා දරුවන් දෙදෙනකුගේ මව්පියන්ය. මෑතක සිට සැමියා නිවසට ප්‍රමාද වී පැමිණීමත් බිරිය සමඟ වැඩි කතා බහක් නොමැති වීමත් ටික කලක සිටම බිරිය තුළ සැමියා ගැන යම් සැකයක් මතුව තිබිණ. මෙම සැකය නිසා 24 January 2026
බේත් ගන්න එවපු සල්ලි වලින් පියා අනග රැගුමක අසනීපයකට කඩිනම් ප්‍රතිකාර ගැනීම සඳහා පුතු එවන ලද මුදලක් රැගෙන පියා අනඟ රැඟුමකට ගිය පුවතක් හස්තිශෛලපුරවරයෙන් අසන්නට ලැබුණි. දරු තිදෙනකුගේ පියෙකි. ඔහු මව සමඟ නිවසේ වාසය කරයි. ගොවිතැනින් දිවි සරු කිරීමට වෙර දැරූ පියා කිසිවිටෙක තම දරුවන්ට අගහිඟකම් ඇති වෙන්නටත් අධ්‍යාපන කටයුතු අඩපණ වෙන්නටත් ඉඩ තැබුවේ නැත. එකම දියණිය විවාහ වී වෙනත් පළාතක වාසය කරන අතර අවිවාහක පුත්තු දෙදෙනා පිටත රාජ්‍ය සේවාවල නියැලෙති. තමන් යහමඟට ගෙනෙන්නට වෙහෙස දැරූ පියාටත්, මවටත් දර 24 January 2026
මල් කඩන්නත් විදුලි පහනක් ඉල්ලලා නිවස අසලට පොදු විදුලි පහනක් ලබාදෙන්නැයි ඉල්ලා සිටි පුවතක් නාඋලින් වාර්තා වෙයි . නාඋල ප්‍රාදේශීය සභා සභාපති සුනිල් ශාන්ත (ජා.ජ.බ) මහතාගෙන් නාඋල ප්‍රදේශයේ කාන්තාවක මෙම ඉල්ලීම සිදුකළ බැව් සභාපති සුනිල් ශාන්ත මහතා පසුගිය දා ප්‍රාදේශීය සභා මාසික රැස්වීමේ දී කියා සිටියේය. නාඋල ප්‍රදේශයේ වන අලි ගැවසෙන ස්ථාන මෙන්ම පො 24 January 2026
උදවු කරන්න ගිහින් පොලිස් කූඩුවේ අතර මගදී හමුවුණු මගියාට මාර්ග පහසුකම් සපයන්න ගොස් මතකම හිටින පාඩමක් ඉගෙනගත් අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ. හේ සත්ගුණවත් අයෙකි. නිතරම බලන්නේ කාට හෝ උදව්වක් පදව්වක් කරන්නටය. ගමනක් බිමනක් යකකොටද එය එසේමය. යතුරු පැදියෙන් යතොත් තමා යන මාර්ගයේ ඒ දෙසට පාගමනින් යන අය දුටුවහොත් සිය යතුරුපැදියේ දමාගෙන යාමට ඔහු දෙපාරක් නොසිතන්නේය. ඒ ඔහුගේ හැටිය. ඒ ප්‍රදේශයේ බොහෝ අය එය දනිති. එදා උදේ ඔහු අත්‍යවශ්‍ය කාර්යයකට යතුරුපැදියෙන් යමින් සිටියේය. 24 January 2026
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026