මත් වතුර බී වෙළඳසලකට ඇතුළු වූ අයකුට වුණ අකරතැබ්බක් දිග හැරෙන්නේ ඇතුගල්පුර ප්‍රදේශයෙනි. වයස පනහක පමණ වූ මොහු නිතරම මත් වූ ගමන්ය. නිතරම කසිප්පු පෙරණ තැන්වලට යනවා විනා වෙළඳසල්වලට යනවා අඩුය. ඇඳුමක් ගන්නට යනවා හැර මොහු නිවසට උවමනා බඩු ගන්නට වෙළඳසල්වලට නොයන නිසා ඒ සියලුම කටයුතු පැවරුනේ බිරිඳටයි.
දිනක් ඇඳුමක් ගන්නට අවශ්‍ය වී සූර්පිට ගොඩ වූයේ නගරයේ සුපිරි රෙදිපිළි වෙළඳසලකටය. අද මොකද මේ ලස්සන නෝනෙකුයි මහත්තයෙකුයි ඉස්සරහට වෙලා බලාගෙන ඉන්නෙ. අපිව පිළිගන්නවත්ද මන්ද? ඇතුළට ගිහිල්ලා මට හොඳ කලිසම් රෙද්දක් තෝරල දෙනවද? නොසෙල්වී තිබෙන ඉටි රූපය දෙස බලමින් කියන්නට විය. මොකද බොලේ මේ කිසිම කතාවක් හිනාවක් නැතුව ඉන්නෙ? ගල් ගිලලාද මන්ද?
එසේ කියමින් පිරිමි රූපය තල්ලු කළේය. එවිට ඉටි රූපය බිම පතිත විය. මෙය දුටු වෙළඳසල් සේවකයන් වහා පැමිණ පාරිභෝගිකයාට ගුටි බැට දුන්නේ වෙරි හිඳෙන්නටය.
පිස්සුද කඩේ තියෙන බඩු පෙරළන්න තමුන්ගෙ බූදලයක් කියල හිතුවද? සේවකයන් එසේ පවසන විට බිම වැටුණ යාළුවාගේ ද මුව විවර විය.
කවුද දන්නෙ මහත්තයො පඹයො කඩේ විකුණන විත්තිය. පඹයෙක් බව මම නොදැනයි එහෙම කළේ. දැන් ඉතින් නැගිටල යනවා. වෙරි හිඳුනම එනවා. සේවකයෙක් පවසන විට මේ අලකලංචිය දැක ගැනීමට පිරිස වටවිය. සිද්ධිය දැනගත් අය සිනාසෙන්නට වූ අතර බීපු අය විතරක් නොවෙයි අපිත් රැවටෙනව මේ රූපවලට. සිනාහඬ අතරින් උගත් යැයි සිතිය හැකි මහත්මයෙක් පැවසුවේය.
මේ සිද්ධිය ගම පුරාම පැතිරුන අතර අපේ යාළුවා මහමග යනවිට කවුරු හෝ රෙදි කඩේ පඹයෝ දැක්කෙ නැද්ද යැයි කීවොත් හොඳ හරුප ටිකක් අසාගන්නට හැකිය.
නිකදළුපොත කරුණාදාස සපුතන්ත්‍රි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd