කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
මිය ගිය බිරියගේ හදිසි මරණ පරීක්ෂණයේදී දරු තිදෙනාගේ නම් මොනවා දැයි හදිසි මරණ පරීක්ෂකවරයා විසින් විමසා සිටි අවස්ථාවේ දී තමා නොදන්නා බව පැවසූ අපූරු රාජ්‍ය සේවයේ නියුතු තිදරු පියකු පිළිබඳ පුවතක් රඹුක්කන ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
රඹුක්කන ප්‍රදේශයේ ග්‍රාමයක තරුණ මවක් දරුවන් තිදෙනා රාජ්‍ය සේවයේ නියැළී සිටින සැමියා සමග පදිංචිව සිටියාය. මෙම තරුණ මව ඉකුත්දා හදිසියේ හෘදයාබාධයක් සෑදීමෙන් මිය ගියාය.
පසුව ඇගේ හදිසි මරණ පරීක්ෂණය රෝහලේ දී සිදු කිරීමට හදිසි මරණ පරීක්ෂක පොලිසිය හා සැමියා ද පිරිසක් සමග රෝහලට පැමිණ තිබුණි. හදිසි මරණ පරීක්ෂණය ආරම්භ කළ හදිසි මරණ පරීක්ෂකවරයා පළමුව ඇගේ සැමියාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට සැලසුම් කෙරිණ.
ප්‍රකාශය හදිසි මරණ පරීක්ෂකවරයා විසින් සටහන් කර ගනිමින් සිටිය දී දරු තිදෙනාගේ නම් මොනවා දැයි රාජ්‍ය සේවයේ නියැලී සිටින සැමියාගෙන් හදිසි මරණ පරීක්ෂකවරයා විමසීමක් කෙරිණ. බිම බලා ගත් තිදරු පියා දරුවන් තිදෙනාගේ නම් තමන් නොදන්නා බවත් බිරිය නම් දන්නවා යැයි පැවසීය.
‘දරු තිදෙනාගේ නම් නොදන්නා අපූරු තාත්තා යැයි හදිසි මරණ පරීක්ෂකවරයා සිනාමුසු මුහුණින් පැවසිය. පසුව පොලිසිය තිදරු මවගේ වැඩිමහල් දියණියට දුරකතන ඇමතුමක් ගෙන නම් තුන ලියා ගෙන ඇත. පසුව පොලිසිය දරුවන් තිදෙනාගේ නම් තුන හදිසි මරණ පරීක්ෂකවරයාට ලබා දීමට කටයුතු කර තිබුණි.
එහිදී තිදරු පියා හදිසි මරණ පරීක්ෂකවරයා හමුවේ කියා සිටියේ ” දරුවන් තිදෙනාට නම් තබා ඇත්තේ බිරිය බවත් මට ඔවුන්ගේ නම් අමතක බවත්ය. තමන් හරි හම්බ කර සියලුම දෑ නිවසට ගෙනත් දුන්න ද බිරිද දරුවන් රැක බලාගෙන ඔවුන් සමග ජීවත් වු බව ද පැවසීය.” අද ඉඳලා දරුවන් තිදෙනාගේ නම් මතක තබා ගන්නැයි හදිසි මරණ පරීක්ෂකවරයා රාජ්‍ය සේවයේ නියැළී සිටින තිදරු පියාට පැවසීය. තිදරු පියා බිම බලාගෙන හා යැයි පවසා ඇති බව වාර්තා වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd