මෙලොව සිහියක් නැතිව රූමත් කතක සමග ඕනෑවට වඩා කතාබස් කරමින් සිටි මාළු වෙළෙන්දකුට කාක්කන් අපූරු පාඩමක් ඉගැන් වූ සිද්ධියක් සමන්තුර නගරයේ දී ඉකුත්දා උදෑසන දැක ගත හැකි විය. 
එම සිද්ධිය මෙසේය. 
මාළු පෙට්ටියක් පාපැදියක බැඳගත් සංචාරක මාළු වෙළෙන්දෙක් සමන්තුර නගරයේ ප්‍රධාන වීදිය ඔස්සේ මාළු අලෙවි කරමින් පැමිණියේය.  
ඔහු නතර වූයේ කඩේකින් එළියට පැමිණි කාන්තාවක මාළු මිලදී ගැනීමට සූදානම් වූ බැවිනි. 


රූමත් තරුණ කාන්තාවක වූ ඇය සමග  සංචාරක මාළු වෙළෙන්ඳා බොහෝ වේලාවක් ප්‍රසිද්ධියේ කතාබස් කරමින් සිට අවසානයේ කිසියම් ප්‍රමාණයක් මාළු වෙළෙන්දා කිරා දුන් පසු ඇය කඩය තුළට ගියාය. 
ඉන් අනතුරුව මුදල් රැගෙන එනතුරු මාළු වෙළෙන්ඳා මඟ බලා සිටිද්දී  මුදල් ගෙවීම සඳහා ඇය ඔහු කඩය තුළට කැඳවා ගත් අතර නැවතත් කතාවට පැටලී විනාඩි පහළවක් පමණ ගතවිය. 
ඉන් පසුව කඩය තුළ රැඳී සිටි ඔහු එළියට බැස බලනවිට මාළු පෙට්ටියෙන් අඩක් පමණ කාක්කන් කා දමා  තිබුණි. 
මෙය දුටු මාළු වෙළෙන්ඳා කෝපයට පත්ව කාක්කන්ට ශාප කළේය. කුතුහලයෙන් යුතුව 
සිද්ධිය දුටුපිරිසක් ‘‘හොද වැඩේ ගෑනුත් එක්ක කතාවට ගියාම මෙලොව සිහියක් නෑ.!”‍ කියමින් උස් හඬින් සිනාසුණහ.  

හිඟු‍රාණ නවරත්න සමරතුංග