කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
රැකියාවක් නොමැතිව සිටි තරුණයකු හෝටලයක අත්උදව්වට ඇවිත් පළමු දිනයේදීම බිත්තර පහක් කෑවයි හෝටල් හිමිකරු සවස තරුණයා එළවා දමා ඇතැයි කියන අපූරු පුවතක් මාවනැල්ල නගරයෙන් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
මාවනැල්ල ප්‍රදේශයේ ගමක 24 හැවිරිදි තරුණයකු කුලී වැඩක්වත් නොමැතිව මවුපියන් සමග දුකසේ ජීවත් වෙමින් සිට තිබේ. තරුණයාගේ පවුල ගැන සිතූ අසල්වැසියකු තරුණයාට අනුකම්පා කර මාවනැල්ල නගරයේ හිතවතකුගේ හෝටලයක අත්උදව්කරුවකු ලෙස රැකියාවට යාමට කැමති දැයි තරුණයාගෙන් මීට දින කිහිපයකට ඉහත දී විමසීමක් කර තිබේ.
තුන් වේල හොඳට කාලා බීලා හොඳ වැටුපක් ගන්න පුළුවන් යැයි අසල්වැසියා තරුණයා හමුවේ පැවසීය. අසල්වැසියාගේ පැහැදිලි කිරීමට තරුණයා හෝටලයේ රැකියාවට යාමට කැමැත්ත ප්‍රකාශ කෙරිණ.
මීට දින කිහිපයකට ඉහත දී අසල්වැසියා සිය යතුරු පැදියෙන් රැකියාවට යන ගමන් තරුණයා ද යතුරු පැදියේ නංවාගෙන හෝටලයට රැගෙන ගොස් හිතවත් හෝටලයේ හිමිකරුට භාර දී තිබේ. හෝටලයේ හිමිකරු තරුණයාගේ මූණ දිහා බලා අනුකම්පා කර වේල් තුනටම තමන්ට කැමති ඕනෑ දෙයක් කාලා දිනකට රුපියල් 1300 ක වැටුපක් දීමට හැකි බව හෝටල් හිමියා තරුණයා හමුවේ පැවසීය.
කරන වැඩ අනුව ඉදිරියේ දී තව වැටුප ඉහළ දමන බවත් හෝටල් හිමියා තරුණයා හමුවේ පැවසීය. හෝටල් හිමිකරුගේ නීතිරීතිවලට තරුණයා එකඟතාවයක් ප්‍රකාශ කර ඇත. මෙම හෝටලයේ හැම තැනටම සී.සී.ටී.වී කැමරා ද සවි කර තිබේ.
හෝටලයේ හිමිකරු තරුණයා පළමු දිනයේ කුස්සියේ ගොස් වැඩක් කරන ලෙස යොමු කර තිබේ. ප්‍රධාන කෝකියා තම්බා තිබුණු බිත්තර ගොඩක පොතු ගැලවීමට තරුණයා යොමු කෙරිණ. පොතු ගලවන අතරේ තරුණයා වටපිට බල බලා බිත්තර ගෙඩි තුනක් කා තිබේ.
දවල් කෑමට කුකුළු මස් කැබැල්ලක් සමග බිත්තර ද තරුණයා කා තිබේ. සවස බිත්තර ආප්පයක් ද තරුණයා කා තිබේ.
සවස තරුණයා නිවස බලා යාමට සූදානම් වූ අවස්ථාවේ දී හෝටල් හිමියා තරුණයාගෙන් උදේ ඉඳලා බිත්තර කීයක් කෑවා ද යන්න පිළිබඳ විමසීමක් කර තිබේ. දවල්ට කෑම කන කොට එකයි හවස බිත්තර ආප්පයක් කෑ බවත් තරුණයා පැවසීය. උදේ තම්බා තිබුණු බිත්තර පොතු ගලවන කොට කීයක් ගිල්ලා ද හෝටල් හිමිකරු තරුණයාගෙන් විමසීය. එකක්වත් නෑ තරුණයා බිම බලාගෙන උත්තර දුන්නේය.
කැමරා දර්ශන තරුණයාට හෝටල් හිමිකරු පෙන්විය. දර්ශන බලා තරුණයා යළිත් බිම බලා ගත්තේය.
අද බිත්තරයක් රුපියල් 50යි කොල්ලෝ. බිත්තර පහට රුපියල් 250 යි. එකක් දෙකක් කෑවට කමක් නෑ. උඹ ඇවිල්ලා තියෙන්නේම කන්න. හෙට වැඩට එන්න එපා යැයි පවසා හෝටල් හිමිකරු තරුණයා පන්නා දමා ඇතැයි වාර්තා වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd