හිඟුරාණේ නවරත්න සමරතුංග
කැඩුණු මේස ලාච්චුවක් හදන්නට ගොස් කුලියක් ඉල්ලා සිටීමේදී එය නොලැබී බැණුම් අසා නිවෙසට පැමිණි වඩු කාර්මිකයකුට බිරිඳත් අමනාපව නිවසින් පිටව ගිය බැවින් සිත් තැවුලට පත්ව පොලිසියට පැමිණිලි කළ සිද්ධියක් වෙන්නප්පුව පොලිසියෙන් වාර්තාවේ.
සිද්ධිය මෙසේය. අම්පාරේ පදිංචිව සිටි මෙම වඩුකාර්මිකයා 2008 වසරේදී සිය බිරිඳ සහ දරුවනුත් සමග වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචියට ගොස් සිටි අයෙකි.
2008 වසරේදී බිරිඳගේ පාර්ශ්වයේ ඥාති නිවෙසකින් කැඩුණු මේස ලාච්චුවක් අලුත් වැඩියා කර දුන් ඔහුට වැඩ කුලිය වශයෙන් රුපියල් 500 ක් ගෙවා තිබිණි.
ඒ අනුව එම නිවසේ එවැනිම අල්මාරියක කැඩුණු ලාච්චුවක් අලුත් වැඩියා කිරීමට රුපියල් 100/- නෝට්ටු හතරක් සහ රුපියල් 20/- නෝට්ටු පහක් සමග වැඩකුලිය වඩුමඩුවට එවා තිබුණු බව කියති.
කෙසේ වුවද මේ අනුව ඔහුට එම වැඩේ නිම කිරීමට වරුවක පමණ කාලයක් ගත වූ අතර අලුත් වැඩ කුලිය රුපියල් 2500/- ක් වූ බැවින් ඔහුට ලැබුණු රුපියල් 500/-ට අමතරව රුපියල් දෙදාහක් ඉල්ලා ඔහු එම නිවසට ගිය විට නිවැසියෝ කෝපවී අමනාපව මින් පසු ගේට්ටුවෙන් මෙහාට නොඑන ලෙස බැණ වැදි පලවා හැර ඇති බව කියති.
එම සිද්ධියෙන් පසුව ඥාතීන්ගේ නිවසේ මංගල උත්සවයක්ද පැවැත්වීමට නියමිතව තිබුණත් ඒ සඳහා ඔහුගේ බිරිඳට හෝ දරුවන්ට එම ඥාතීන් ආරාධනය නොකිරීමෙන් බිරිඳ සහ දරුවන් වඩුබාස්ට චෝදනා කර මින් “තමුසේ නිසා අපිට ඥාතීන් තැතිවුණා. මේ ගමේ ඉන්නත් ලැජ්ජයි මගුලට කිව්වෙත් නෑ. ඕන දෙයක් කරගන්නවා අපි මෙ ගෙදරින් යයවා” යැයි කියා ලාච්චු හදපු බාසුන්නැහේට කුලියක් පවුලත් දෙකම නැතිවෙලා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd