හසලක සුනිල් ඒකනායක
දරුවන් දෙදෙනකු සිය මවගේ ශරීරයේ හොර රහසේ ටැටුවක් (ස්ටිකර් පච්චයක්) අලවා එය අහඹු ලෙස පියා දැක කලබලයට පත්ව මවට බැණ වැදී පහර දී වෙන්නට ගිය මහා ගැටුමක් එම දරුවන්ගේම මැදිහත් වීමෙන් සමතයකට පත් වූ බව කියන පුවතක් දුම්බර කඳුකරය ආසන්නයේ පිහිටි ගම්මානයකින් වාර්තා විය.
ගොවි තැන් බතින් දිවි සරු කරගන්නා තිස් තුන් හැවිරිදි දෙදරු පියකු වන ඔහු මෙදින සිය කුඹුරට ගොස් නිවසට පැමිණියේ මල්පැණි බිඳක් ද තොල ගෑමෙන් අනතුරුව සවස පහට පමණය. මොහු නිවසට එන විට බිරිඳ නිවසේ මිදුලේ කිසියම් කටයුත්තක නිරත වී සිටියාය. රැගෙන ආ උදැල්ල ඇතුළු වෙනත් දෑ බිරිඳ අත තබන විට බිරිඳගේ වම් අතේ ඉහළ බාහුවේ යමක් තිබෙනවා දැක ඒ කුමක් දැයි ඇයගෙන් අසා ඔහු ද එය සෝදිසි කර ඇත.
එහිදී ඔහුට දැක ගැනීමට හැකිව ඇත්තේ බිරිඳගේ අතේ ටැටුවක් තිබෙන බවයි. එයින් පුදුමයටත් කෝපයටත් පත් ඔහු නගරයේ ටැටුකාරයකු වෙත ගොස් මෙවැනි නොහොබිනා වැඩක් කර ගත්තේ මන්දැයි ද මෙය තමන්ටත් දරුවන්ටත් ඥාති පරපුරටත් කළ නිගාවක් බවත් කියමින් ඇයට බැණ වැදීමට පටන්ගෙන තිබේ. මෙවැනි ටැටුවක් තමන්ගේ ශරීරයේ කොටා නොගත් බවත් මෙය විය හැකි දෙයක් නොවන බවත් ඇය පවසා තිබේ.
මෙම ටැටු කතාව දෙදෙනා අතර උග‍්‍ර වී ගුටි බැට හුවමාරුවක් දක්වා දිර්ඝ වෙන තත්වයකට නිර්මාණය වෙමින් පැවතුණි. මෙම සිද්ධිය අසලට වී බලා සිටි එකොළොස් හැවිරිදි පිරිමි දරුවා සහ දහතුන් හැවිරිදි දියණිය එම ස්ථානයට වහා දිව විත් ඔවුන් සිනාසෙන්නට පටන්ගෙන තිබේ. ඔවුන් සිනා සෙන්නේ මන්දැයි පියා විමසිමේදී ඔවුන් දෙදෙනා කළ විහිළුව පිළිබඳ කතාව පවසා තිබේ.
දරුවන් දෙදෙනා මෙදින පාසල නිමවී නිවස බලා එන අතරේ අතරමඟ කඩයකින් ටොපි කීපයක් මිලදී ගෙන තිබේ. එම ටොපිවල තිබු ටැටු ස්ටිකර හොර රහසේ මවගේත් පියාගේත් ශරීරයේ තවරමු යැයි කියා අක්ක මලෝ කතිකා කරගෙන නිවසට පැමිණ තිබේ. නිවසට පැමිණ පොත් බෑග් ගලවා තැබීමටත් පෙර මව කරා ගොස් ඇය වැලඳ ගෙන පිරිමි දරුවා අත තිබු ටැටු ස්ටිකරය ඇයගේ වම් අතේ ඉහළ කොටසේ තවරා ඇත්තේ මවට නොදැනෙන්නටය.
මව සහ පියා රැවටීමට ඇල වූ මෙම ටැටු ස්ටිකරය ගුටි බැට හුවමාරුවක් දක්වා දුර දිග යැයි කියා තමන් නොසිතු බවත් කළ එම ක්‍රියාවට තමන් දෙදෙනාට සමාව දෙන ලෙසත් පවසා තිබේ. එම වදනින් පසු සිව් දෙනාටම සිනහව නතර කර ගැනීමට විනාඩි කිපයක් ගතවූ අතර සැමියා ද බිරිඳට එසේ බැණ වැදිම පිළිබඳව ඇයගෙන් සමාව ලබාදෙන ලෙසත් ඉල්ලා ඇත. සිද්ධිය සමථයෙන් පසු පෙර පරිදි පුංචි පවුල සතුටින් සිටියේලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd