කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත
119 පොලිස් හදිසි ඇමතුමකට අනුව පුස්තකාලයක් තුළට පොලිස් නිලධාරීන්ගේ පැමිණීමත් සමගම එම පුස්තකාලයේ කාර්ය මණ්ඩලය තුෂ්ණිම්භූත වූ අපූරු පුවතක් ගාලු දිසාවේ නගරයක පුස්තකාලයකින් අසන්නට ලැබේ.
ගාලු දිසාවේ නගර මධ්‍යයේ පිහිටි පුස්තකාලයකි. සෑම දිනකම පාහේ උදෑසනින්ම විවෘත වන පුස්තකාලයක් ලෙසට ද ප්‍රචලිත එකකි. වැඩත් පිළිවෙළයි. එන සෑම පාඨකයකුටම එක සමානව සුහදව සලකයි.
මේ ඊයේ පෙරේදා ත්‍රිරෝද රථයකින් පොලිස් නිලධාරීහු තිදෙනෙක් මේ පුස්තකාලයට කඩා වැදුණෝය. කිසිදු හේතුවක් නැතිව පොලිස් නිලධාරීහු පුස්තකාලයට කඩා වැදීමත් සමගම එහි කාර්ය මණ්ඩලය තුෂ්ණිම්භූත වූහ.
සර් මොකක්ද ප්‍රශ්නය, යැයි එහි සේවකයෝ ඇසූහ. ප්‍රශ්නය මේ පුස්තකාලයේ නිලධාරීන් පාඨකයකුට පහර දෙනවා යැයි ආ පැමිණිල්ලක් අනුවයි අපි මේ කඩාගෙන අාවේ. කෝ මේ පොලිස් 119 ට කතා කළ අය, යැයි පොලිස් නිලධාරීහු එහි සිටි පාඨකයන්ගෙන් ඇසූහ.
එහිදී එක් අයෙක් ඉදිරිපත් වූවේය. සර් මම තමයි පොලිස් 119 ට කතා කළේ. කෝ ඉතිං මෙතන ප්‍රශ්නයක් නැහැනේ. ඇයි නිකං බොරුවට පොලිස් හදිසි ඇමතුම් ඒකකයට කතා කළේ යැයි පොලිස් නිලධාරීහු ඔහුට ගතු කීහ. මොකද සර් නැත්තේ, පාඨකයා කීවේය. කෝ ඉතිං මෙතන ප්‍රශ්නයක් වෙලා නැහැනේ උන්නැහේ, පොලිස් නිලධාරීහු කීහ.
ප්‍රශ්නය තමයි සර් මට මෙතන පුවත්පත් බලන්න බැහැ, පුස්තකාලයේ අය ඇතුළේ ඉඳන් කතා කරනවනේ. ඒකයි ඒක පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දුන්නේ. ඒක නතර කරගන්න තමයි කතා කළේ, ඔහු කීවේය. ඒ සමගම පොලිස් නිලධාරීහු අන්දමන්ද වූහ. මෙතෙක් කලක් මෙවැනි 119 හදිසි ඇමතුමකට තමන් නොගිය බව පැමිණි පොලිස් නිලධාරීහු කීහ.
අනේ සර් අපිත් එක්ක වැඩ කර කර සිටි සේවකයෙක් අකාලයේ එකපාරටම මිය ගිහිල්ලා. අපි කාටවත් ඇහෙන නෑහෙන තරමටම දුක බෙදා ගත්තා. මේ පාඨකයාගේ ඇස්වලටත් වඩා දෙකන් හොඳින් වැඩ කරනවා වගෙයි, එම පුස්තකාලයේ සේවකයෝ පොලිසියට කීහ. කෙසේ නමුත් එකෙක් දෙකෙක් කුදලාගෙන එන්න ගිය පොලිසිය තෙලුත් පුච්චාගෙන නිකම්ම ආවේ ඇමතුම දුන් පාඨකයාගේ මවුපියන් සිහි කරමින්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd