හසලක සුනිල් ඒකනායක



කොස් ගෙඩියකින් සිය බිරියගේ අනියම් පෙමක් හෙළිකර ගැනීමට සැමියකුට හැකිවු පුවතක් ඌව ප‍්‍රදේශයේ ගම්මානයකින් වාර්තා විය.
දෙදරු පියකු වන 36 හැවිරිදි ඔහු අගනුවර ප‍්‍රදේශයේ ඉදිකිරීම් ආයතනයක රැකියාව කරන අයෙකි. මාසික වැටුප් ලද පසු මාසයකට වරක් නිවසට පැමිණීම ඔහුගේ පුරුද්දක් වී තිබේ.
 නිවසේ පසුවන්නේ බිරිය හා පාසල් යන කුඩා දරු දෙදෙනා පමණි. ඇය පිළිබඳව විවිධ කට කතා ඔහුට ලැබී තිබුනත් ඒවා විශ්වාස කරන්නට තරම් සාක්කි ඔහුට නොතිබුණු නිසා ඇය ගැන කිසිදු සැකයක් ඔහු ඇති කර ගත්තේ නැත.
මෙදින ඔහු සේවය කරන ආයතනයේ ප‍්‍රධානියා ඔහු කරා පැමිණ ඌව පළාතේ ප‍්‍රදේශයේ පදිංචි ඥාතියකුගේ අවමංගල්‍යයකට සහභාගිවීමට යන හෙයින් ඔහුටත් ගමට යන්නට පුළුවන් වහාම සූදානම් වී පැමිණෙන ලෙස එම ප‍්‍රධානියා දැනුම් දී තිබේ.
 තමන් ගමට පැමිණෙන බව බිරියට පැවැසීමට තරම් වේලාවක් නොතිබු අතර ඒ වෙනවිට ජංගම දුරකතනයේ බැටරිය බැස තිබීම නිසා එයද ක්‍රියා විරහිතව තිබි ඇත. 
ඥාතියාගේ අවමංගල්‍යයට සහභාගි වීමෙන් අනතරුව ආයතන ප‍්‍රධානියා පෙරළා එන ගමනේදි මොහුට පැවසුවේ දැන් නිවසට ගොස් හෙට දින අලු‍යම සේවයට පැමිණෙන ලෙසය. ඒ අනුව මොහු පදිංචි ගමට ආසන්නයේ නගරයට පැමිණ රථයෙන් බස්සවා පිරිස කොළඹ බලා ගමන් කර ඇත.


නගරයට ආසන්නයේ පදිංචි මොහු පා ගමනින් නිවස බලා පැමිණෙන විට රාත‍්‍රි 11.30 පමණ වි තිබිණි. නිවසට පැමිණ දොරට තට්ටුකර මම ආවා දොර හරින්නැයි කියා බිරියට කතා කර තිබේ. හා පොඩ්ඩක් ඉන්න යැයි කියමින් නිවස තුළින් බිරිය ඇමතීමක් කරනවාත් සමගම පිටු පස දොර විවෘත වෙන හඬක්ද ඔහුට ඇසුණි. ඒ නිසා යම් සැකයක්ද ඇති විය.
නිවසට ගොඩ වන විට බිරියගේ හැසිරීමේ වෙනසක් දැක ගන්නට ලැබීමෙන් පසු ඔහු කුස්සිය පැත්තට ගියේ කවුද මේ ? කුස්සිය පැත්තෙන් එළියට ගියේ යැයි විමසමිනි. 
පිටු පස දොර විවෘත කොට නිවසේ පිටු පස කොටසේ විදුලි පහන දල්වා පිටුපස මිදුලට ගොස් විපරම් කරන විට අසල තිබූ කොස් ගහේ ගෙඩි කීපයක් බිමට වැටෙන අයුරු දැක ගත හැකි විය.
 වහා නිවස තුළට දිව ගොස් විදුලි පන්දම රැගෙන විත් කොස් ගසට විදුලි පන්දම දල්වා බැලීමේදි ගසේ කිසියම් අයකු සිටිනවා දැක අසල් වැසි නිවසේ පදිංචිව සිටින බිරියගේ සහෝදරයින්ට වහා නිවසට පැමිණෙන ලෙස හඬ නගා පවසා ඇත. එම ඉල්ලීමට වහා නිවසට පැමිණි සහෝදරයින් කීප දෙනෙකු සමග පැමිණි එම පවුලේ අයට මේ ගසේ හොරෙක් ඉන්නවා ඔහු වහා ගසෙන් බිමට ගන්නා ලෙස පවසා ඇත. 
පැමිණි ඥාතීන් ගසේ සිටි අය ගසෙන් බස්සවා ගෙන විස්තර විමසීමේදි ගසේ නැගී සිටි පුද්ගලයා අසල ගමක පදිංචි තිදරු පියකු වන 39 හැවිරිදි අයකු බව හෙළි වී තිබේ. 
එසේම එම තැනැත්තා නිවැසි ගෘහනියගේ හිතවතකු බවට තොරතුරු ලැබීමෙන් පසු ඔහුව නිවසට රැගෙන ගොස් කළ සාකච්ඡාවෙන් පසු නිවෙස් හිමියා පවසා ඇත්තේ තමන් මේ මොහොතේම බිරිය අත හරින බවත් නිදා සිටින දරුවන් අවදි වීමට පෙර වහා දැන්ම ඇය රැගෙන නිවසින් පිටවන ලෙසත් අනියම් සැමියාට පවසා ඇත.
 ඇය තම පවුලට අවනම්බුවක් කළ නිසා එම තීරණයට තමන්ලාද එකඟ වන බවත් දරුවන් දෙදෙනාගේ රැකවරණය තමන්ලා භාර ගන්නා බවත් මේ ගමේවත් නොසිට ඈත පිට පළාතකට යන ලෙසද දැඩිලෙස අවවාද කොට ඔවුන් දෙදෙනා නිවසින් පිටමන් කිරීමට මැයගේ සහෝදරයෝද කටයුතු කළහ. පසු දින සිට කොළඹ සේවයට නොගොස් දරු දෙදෙනා රැක බලා ගෙන ගමේ සිටිමට ද දරුවන්ගේ පියා මෙහිදි තීරණය කරන ලදි.
පසු දින ගම පුරා පැතිර ගිය කතාව වූයේ කොස් ගෙඩියක් අනියම් පෙමක් හෙළි කළ අපුරු කතාවකි.