හසලක - සුනිල් ඒකනායක
මුහුණුපොතෙන් අහඹු ලෙස හමුවී ආදරවන්තියක් වූ තරුණිය තම දියණියගේ හොඳම මිතුරිය බව දැනගත් මොහොතේ වෙන්නට ගිය මහා විනාශයක් වැළකී ගියේ තැනට සුදුසු නුවණ පාවිච්චි කළ නිසා බව බින්තැන්න පුරවරයේ නගරයක පදිංචි තිදරු පියකු තම හිතවතුන්ට පවසන්නේ මෙවන් නොහොබිනා වැඩ මින් මතු නොකරන්නට තීරණය කළා යැයි කියමිනි.
පෞද්ගලික ආයතනයක සේවය කරනු ලබන 46 හැවිරිදි තිදරු පියකු වන මොහු තම ජංගම දුරකතනයට නව අංකයක් සහිත සිම්පතක් යොදා රෝස මලක් සහිත ලාංඡනය යොදා මුහුණුපොත පරිශීලනය කරමින් සිටියේය.
එහිදී ඔහුට අහඹු ලෙස ලස්සන මල් පොකුරක් සහිත සත්ව රුවක් නෙත ගැටුණි. එම රුව සහිත මල් පොකුරට කැමැත්තක් පළකර ඔබගේ මල් පොකුරට මම කැමතියි යන්න සඳහන් කළේය. ඇයද එයට පිළිතුරු ලබා දී තිබේ.
ඔහු සඳහන් කර තිබුණේ තමන් මහනුවර ප‍්‍රදේශයේ පදිංචි රජයේ ආයතනයක රැකියාව කරන අවිවාහකයකු බවත්ය. ඇය පවසා ඇත්තේ පාසල් ගමන නිමා කර උසස් අධ්‍යාපනයක නිරත වන කෙනකු බවය.
මුහුණුපොතේ හමුවෙන් පසු දිනපතාම මොවුහු දෙදෙනා දිනකට දෙතුන් වතාවක් විවිධ සටහන් යොදමින් මුහුණුපොත පරිශීලනය කළහ. මාස තුනක පමණ කාලයක් මෙසේ සටහන් තැබූ මොවුන් දෙදෙනා යම් ආදර කතාවකද පැටලී ඇති බව ඔවුනොවුන්ට දැනුණි.
ඔහු ඇයට යෝජනා කළේ ඔබ හමුවන්නට අවශ්‍ය බවයි. ඇයගේ පිළිතුර වූවේ “හා” කියාය. ඒ අනුව දිනයක් වේලාවක් හා ස්ථානයක් ඔහු විසින් යෝජනා කරනු ලැබීය. ස්ථානය මහියංගණ පූජා භූමියේ එක්තරා ස්ථානයක් වන අතර වේලාව පෙරවරු දහයටය. තමන් හඳුනාගැනීම සඳහා මුහුණුපොතේ සඳහන් කර තිබෙන මල් පොකුර අතැතිව පැමිණෙන බවද ඇය පවසා තිබේ.
නියමිත දින නියමිත වේලාවට ඔහු අදාළ ස්ථානයට සිය යතුරුපැදියේ නැගී ඉගිළ ගියේ නව පෙම්වතිය හමුවීමේ අපේක්ෂාවෙනි. අදාළ ස්ථානයට මීටර් පනහක පමණ දුරින් සිය යතුරුපැදිය නවතා ඇය එන මග බලා සිටියේ දහසක් බලාපොරොත්තු කරපින්නාගෙනය. ගත වූයේ පැය භාගයක පමණ කාලයකි. සිය විසි දෙහැවිරිදි වැඩිමහල් දියණියගේ රුව ඔහුට දිස්විය. ඒ සමගම ඔහු දැක්කේ රෝස මලක් අතැතිව තම දියණිය සමග අදාළ ස්ථානය කරා පියනගන දියණියගේ හොඳම මිතුරිය ද පැමිණෙන බවයි.
යකඩෝ මම මෙච්චර දවස් විවිධ කතා කියමින් ඇසුරු කර ඇත්තේ දියණියගේ මිතුරිය සමග නේදැයි තමන් මෙතන තවදුරටත් රැඳී සිටියහොත් වෙන්නේ මහා විනාශයක් යැයි තමන්ටම කියාගෙන වහා යතුරුපැදියේ නැගී නිවෙස බලා ඉගිළ ගියේ ජංගම දුරකතනයේ තිබූ සිම් කාඩ්පතද ගලවා අසල කුණු කානුවකට විසිකර දමමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd