කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි
තමන් කර බැඳි රන්මාලය ගලවා වැඩි පරිස්සමට ලේලියට දී දුවගේ ගෙදර ගිය මවකට පුතුගෙන් අමතක නොවන තෑග්ගක් ලැබුණු බව කියන පුවතක් පුත්තලම උතුර දිසාවෙන් අසන්නට ලැබිණි.
ඇය විවාහක දෙදරු මවකි. මැදිවියේය. මෙම මවගේ දරුවන් දෙදෙනාම විවාහවී සිටින අතර ඇය සහ ඇගේ ස්වාමි පුරුෂයා දරුවන්ගෙන් වෙන්ව ජීවත් වන්නේ මහගෙදර නිවසේය.
පාරම්පරික ගොවිතැන සිය ජීවනෝපාය මාර්ගය කරගත් මෙම අඹුසැමි යුවළ තම දරුවන්ගේ වැඩකටයුතුද නිසි වයසේ සාර්ථකව අවසන් කර මේ වනවිට මුනුපුරු මිනිබිරියන්ගේද සුරතල් බලමින් සතුටින් සමාදානයෙන් කිසිවකුටත් බරක් නොවී තම සුපුරුදු වැඩකටයුතු කරගෙන නිදහසේ ජීවත්වන්නෝ වෙති.
මෙම අඹුසැමි යුවළගේ දියණියගේ විවාහය දුර පළාතකින් සිදුවූ එකක් වූ අතර ඒ අනුව ඇයගේ පදිංචියද එම පළාතේම විය. පුතු විවාහය ළඟපාත එකක්විය. ඒ අනුව ඔහු මහගෙදර වත්තේම සාදාගත් නිවසක අඹුදරුවන් සමග පදිංචි වී සිටී.
මෙවන් පසුබිමක් තුළ පාසල් නිවාඩු කාලයේ සිය දියණියගේ වැඩිමහල් පුතු ඔවුන්ගේද බලවත් ඉල්ලීම මත අඹු සැමි යුවළ ටික දවසකට සිය නිවසට කැඳවාගෙන ඒමට තීරණය කළේය. මේ සඳහා අදාළ කාන්තාව සිය සැමියා සමග එම ගමන පිටත්වූවාය. ගමන පිටත්වීමට පෙර තමන් තරුණ කාලේදී හැර ඉන්පසු කිසි දිනක ගමනකටවත් නොපැලඳි පවුම් එකහමාරක් පමණ වන රන් මාලය නිවසේ සඟවා තිබූ තැනින් ගෙන වැඩි පරිස්සමට කියා යාබද නිවසේ සිය ලේලිය අතට දී ඇත.
ගමන දින තුනක් විය. තුන්වැනි දින මුනුපුරා කැටුව ඔවූහු සිය නිවසට පැමිණියහ. තවත් දවසක් පුතු හා ලේලිය සමග ගමනේ ආගිය තොරතුරු කතා බහ විය. ඔය අතරේම ‘එහෙනම් දුවේ අර මම තියන්න දීපු මගෙ මාලෙත් ඔය ගමන්ම දෙන්නකො මට අරන් යන්න’ යැයි නැන්දම්මා ලේලියට පවසා ඇත. ඊට ප්‍රතිචාර ලෙස ලේලිය ඒ ආසන්නයේ සිටි සිය සැමියාගේ මුහුණ බලා ‘ අම්මේ ඒ ගැන පුතාගෙන්ම අහන්නකො‘යි කියා එම ස්ථානයෙන් ඉවත්වී ඇත. ලේලියගේ එම කතාවත් සමග තුෂ්ණිම්භූත වූ මව‘ ඇයි පුතේ මොකක් හරි ප්‍රශ්නයක්ද? මව’ පුතුගෙන් විමසුවාය.
තමන් කරගෙන යන යම් ආර්ථික කටයුත්තකට හදිසියේ මුදල් අවශ්‍යතාවයක් ඇතිවූයෙන් ඒ සඳහා කඩිනමින් තමන්ට ගතහැකි ක්‍රියාමාර්ගය වූයේ මවගේ රන්මාලය උකසට තබා මුදල් ලබා ගැනීම බවත්, ඒ අනුව පුතු මවගේ රන්මාලය උකසට තබා මුදල් ලබා ගත් බවත් එහිදී අනාවරණය විය.
‘‘අම්මේ මම ඒක මාස දෙක තුනකින් බේරල දෙන්නම්’ යැයි පුතු මවට පවසා රන්මාලය උකස් කළ රිසිට්පත මවට පෙන්වා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd