මෙදින මොහු නගරයට පිටත් වුණේ සිය වෙළඳසලට අවශ්‍ය බඩු කීපයක් රැගෙන ඒමේ අදහසිනි. වෙනදා ත‍්‍රී රෝද රථයෙන් බඩු රැගෙන ඒමට යන මොහු පැවති හදිස්සිය නිසාම සිය යතුරු පැදියේ නැග නගරය බලා පිටත්වූයේ ද අධික වේගයෙනි.
මාර්ගයේ අධික වේගයෙන් ගමන් ගනිමින් සිටි මොහුගේ ගමන නතර වූයේ මාර්ග රාජකාරියේ නියුතුව සිටි පොලිස් නිලධාරින්ගේ සංඥාවෙනි. නිලධාරින් අසල යතුරු පැදිය නතර කර ‘‘ඇයි සර් මාව නතර කළේ.” යන්න ඔහු නිලධාරින්ගෙන් විමසීමේ දී නිලධාරියා පැවසුවේ ‘‘මොකෝ මේ ඊයේ යන්න තිබුණු ගමනක් අද යනවා වාගේ වාහනයෙන් ඉගිල්ලිලා යන්නේ. කෝ තමුන්ගේ හිස් වැසුම යැයි නිලධාරියා පවසා ‘‘කෝ ගන්නවා තමුන්ගේ ලයිසන් ඉන්සුවරන්ස් ඇතුළු අනෙකුත් ලියකියවිලි” යැයි පවසා තිබේ.
නිලධාරියාගේ එම ප‍්‍රකාශයත් සමග ඔහුගේ ඉහ මොළ රත්ව ගියේ යකඩෝ මම හෙල්මට් එක දාගෙන ආවේ නැහැනේ යැයි තමාටම කියා ගනිමිනි. ඒ සමගම ක්ෂණිකව පහළ වුයේ ගණ දෙවි නුවණකි. ‘‘අනේ සර් හරි වැඩේනේ මට වුණේ. මම අසවල් ගමේ කෙනෙක්. බඩු වගයක් ගන්න ගමේ කඩේකට ගියා. කඩේ ළඟ බයිසිකලය නතර කරලා කඩේ ඇතුළට ගිහිල්ලා බඩු අරගෙන ආපහු බයිසිකලය ළඟට එන කොට බයිසිකලයේ රඳවලා ගිය හෙල්මට් එක කවුදෝ හොරකම් කරගෙන ගිහිල්ලානේ. හොරා මම දන්නවා ඒකා පල් හොරෙක්. හෙල්මට් එක නැතිවීම ගැන ඉක්මනින්ම පොලිසියට කියන්නයි මම මේ වේගයෙන් පොලිසියට යන්නේ.
ඕකා හෙල්මට් එක කාට හරි විකුණන්න කලින් මේක පොලිසියට කියන්න ඕන. අනේ සර් මාව ඉක්මනින් පොලිසියට යවන්නකෝ. නැත්නම් රුපියල් පන්දාහක් විතර වටින මගේ හෙල්මට් එක මට නැති වෙනවා. අනේ සර් මට හෙල්මට් එක ගන්න උදව් කරන්නකෝ.” යැයි නිලධාරින් ඉදිරියේ බැගෑපත් වෙමින් තම දුක් ගැනවිල්ල පැවසු නිසා මෙය සැබෑ කතාවක් යැයි සිතා” හා එහෙනම් ඉක්මනින් පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් කරලා හෙල්මට් එක හොයා ගන්නවා.
‘‘හැබැයි පුතෝ අායේ නම් හෙල්මට් නැතිව ගමන් කරලා අහුවෙන්න නම් එපා.’’ යැයි කියමින් අවවාදයක් ද කර නිලධාරිහු ඔහු මුදා හැරියහ. නගරයට ගිය ඔහු සිය කඩයට අවශ්‍ය කළමනා රැගෙන පෙරළා පිටත්ව ගියේ නගරයේ හිතවතකුගෙන් ලබාගත් හිස් වැසුමක් ද පැලඳ ගෙනය.
කඩයට ගිය ඔහු තමන් කළ හපන්කම කඩයට එන හිතවතුන්ට මහා උඡාරුවෙන් පවසද්දී සාමාන්‍ය ඇඳුමෙන් සිටි පොලිස් නිලධාරියකු වහාම පොලිසියට තොරතුරු පවසා උජාරුකරුට දඩ කොළයක් ලියවිය.
හසලක සුනිල් ඒකනායක
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd