වියලුව වාර්තාකරු
තමාගේ හොර ඇල්ලීම සඳහා පසු පසින් එන බිරිඳට අපූරු පාඩමක් ඉගැන්වූ සැමියකු පිළිබඳ පුවතකි.
සිද්ධිය මෙසේය.
ඔහු කුලී රැකියාවෙන් පවුල නඩත්තු කරන්නෙකි. ලැබෙන කුලියෙන් වැඩි ප්‍රමාණය වැය කළේ මත්පැන් පානය කරන්නටය. කුලියක් නැතිදාට උදෑසනින්ම ගමේ කසිප්පු තිප් පොළට ගොඩවෙන ඔහුට හොඳ හැටි මත්පැන් පානය කොට නිවසට පැමිණෙන්නේ හතර ගාතෙන්ය.
කුලියක් නැතිදාට ජැන්ඩියට හැඳ පැලඳගෙන නිවසින් එළියට බහින ඔහු නවතින්නේ ගමේ තිප්පොළේ බව දන්නා බිරිඳ කීප විටක්ම ඔහු පසු පසින් ගොස් කසිප්පු මුදලාලිට මෙන්ම සැමියාට ද හොඳවැයින් කියන්නට අමතක නොකළේ තමාත් දරු දෙදෙනාත් පත්වන අපහසුතාව පිළිබඳව පවසමිනි.
කිසිදු කුලියක් නොලැබුණු පසුගිය දිනෙකද ඔහු ඉතිරි කර ගත් මුදලද රැගෙන නිවසින් එළියට බැස්සේ පොඩි ගමනක් යන්නට අවශ්‍ය යැයි පවසමිනි. පොඩි ගමන කුමක්දැයි දන්නා බිරිය ඔහුට කියා සිටියේ ‘හා තමුසෙ යනවකෝ, මමත් දන්නව ඔය පොඩි ගමන යන තැන’’ කියාය.
කිසිත් නොදොඩා නිවසින් ඔහු පිට වූයේ තමුන් ඊට පෙර ක්‍රියාත්මක කළ සැලසුම ගැන මෙනෙහි කරමින්ය.
සැමියා යන්නට හැරි ‘ඉදපංකෝ අද මම හොඳ වැඩක් කරන්නම්’ යැයි පවසමින් ඇය නිවසට රිංගුවේ ඇඳුමක් මාරු කරගෙන සැමියා පසුපසින්ම දිව යන්නටය. එහෙත් ඇයට දැක ගන්නට ලැබුණේ ඇගේ සියලුම ඇඳුම් ඒ වන විටත් සැමියා විසින් වතුර බේසමක ගිල්වා ඇති බවකි.
ඇඳගෙන යන්නට ඇඳුමක් නොතිබුණු ඇය කිසිවක්කර කියාගන්නට නොහැකිව තම සැමියාටත් ගමේ කසිප්පු මුදලාලිටත් හෙණ ඉල්ලමින් පුපුර පුපුරා බලා සිටියේ නොසන්ඩාල කම සිදුකළ සැමියා යළි නිවසට පැමිණෙන තුරුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd