
(ජේ.ඒ.එල් ජයසිංහ)
බන්ධනාගාර ගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් ඊයේ මහනුවරින් ආරම්භ කළ අධිෂ්ඨන පූජාව සහ නිදහසේ පාද යාත්‍රාවේ දෙවන දිනය අද කඩුගන්නාවෙන් ආරම්භ වේ.
මහනුවර දළදා මාලිගාව අසල වාරියපොල ශ්‍රී සුමංගල හිමි පිළිරුව අබියස අධිෂ්ඨාන පූජාවක් ද පවත්වා සෙනසුරාදා (10) පෙරවරුවේ පා ගමන
පා ගමනේ පළමු දිනය කඩුගන්නාවෙන් ඊයේ පස්වරුවේ අවසන් කෙරුණු අතර එය අද දිනයේ කඩුගන්නාවේ සිට ගමන් ආරම්භ කිරීමට නියමිතය.
පාගමන කෑගල්ල, වරකාපොල, නිට්ටඹුව, කඩවත යන නගර පසු කරමින් එළැඹෙන 15 වැනි දින කොළඹට ළගා වීමට නියමිත බවද උලපනේ සුමංගල හිමියෝ පැවැසූහ..
සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ආශීර්වාද පතා මහනුවර ශ්‍රී දළදා මාළිගාව මහ මළුවට රැස්වූ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝයා වහන්සේලා ,හිටපු දේශපාළනඥයන් ,හිටපු ආණ්ඩුකාරවරියක් ඇතුලු සිවිල් සංවිධාන සහ බෞද්ධ සංවිධානවල ගිහි පිරිසක් වාරියපොල ශ්‍රී සුමංගල හිමි පිළිරුව අභියසින් මෙම පාගමන ආරම්භ කළහ
මිහින්තලේ රාජමහා විහාරාධිපති වලවාහැංගුණ වැව ධම්මරතන , උලපනේ සුමංගල ,තල්පොත ධම්මජෝති, සන්සුන්ගම ඥාණරතන බලන්ගොඩ කස්සප ,ලියන්වල ශාසනරතන ,විතාරන්දෙනියේ නන්ද යන හිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම පාගමනට පෙරමුණ ගෙන සිටිති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්කෝලේ පාගමන් මතක් උනා. ජිවිතේ ඒකාකාරී නීරස නැති කරන්න හොඳම බෙහෙත
එක් රටක් එක නීතියක් කියපු අයට, තමන්ට නීතිය ක්රියාත්මක වෙනකොට විතරක් ඒක ප්රශ්නයක් වෙලා. නීතියට ඉහළින් කවුරුත් නෑ. බුදු දහම විකුණන් කන නාඩගම් දැන්වත් නතර කරන්න
නීතියට සරදම් කල අයෙකුට නිදහස දෙන්න කියන චීවරධාරීන් රටේ නීතියට උඩින් ඉන්නවද?ඒක රටක පැවැත්මට හානිකර නේද? නැවතත් වල්වැදුන යුගයකට රට ගෙනයන්න දූෂිත දේශපාලනයට ඈඳුන චීවරධාරීන් කණ්ඩායමක උත්සාහය නොවේද?
අධිකරණ තීන්දුවකට විරුද්ධව තමයි මේ ඇවිදින්නේ. මේක අධිකරණට අපහාසයක්.
සරමේ එල්ලී ගොඩයන්න හදන සුන්බුන් අයගේ බලල් අත්.