මංගල උත්සවයකට සහභාගි වී තමා කවුරුන්දැයි හඳුනා ගැනීමට පෙර අපූරු උපක්රමයකින් ජාමය බේරාගත් පුද්ගලයකු පිළිබඳ පුවතක් වාර්තා වන්නේ දකුණු ලකිනි.
ඔහු රජයේ ඉහළ නිලධාරියෙකි. මොහු තුළ ඇති චතුර කථිකත්වය හා මනා සංවිධාන ශක්තිය නිසාවෙන් තම ගමෙහි මෙන්ම අවට ගම්වලද මංගල අවමංගල උත්සව මෙන්ම පිරිත් පිංකම් හා වෙනත් උවමනාවන් සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ අයෙකි.
පසුගිය දිනෙක තම ඥාති දියණියකගේ විවාහ උත්සවයකට ආරාධනා ලැබු ඔහු හට මංගල පෝරුවේ චාරිත්රද මෙහෙය වීමට ද පැවරී තිබුණි. තම ගම් ප්රදේශය නිසාවෙන් ඔහුද මෙම ආරාධනය සතුටින් පිළිගත් අතර එදින උදයෙන්ම ඔහු එම නිවස බලා පිටත් විය.
ඔහු එහි යන විටත් මනාලියගේ පාර්ශවයේ අය මනාලයා ඇතුළු පිරිස පැමිණෙන තෙක් මග බලා සිටිනු දක්නට ලැබුණි. නියමිත වේලාවට තම දෙමාපියන් සමග මනාලයා පැමිණි අතර මොහුට ඉතා හුරුපුරුදු කාන්තා රුවක් එම පිරිස අතරින් දිස්විය. මනාලයාගේ මව යයි සිතිය හැකි ඇය දෙස නෙත් නොපියා බලාසිටි අතර ඇය මීට වසර ගණනාවකට පෙර සරසවියේ පෙම්වතිය වී සිටි බව හඳුනාගත් ඔහුට සරසවියේදී ඇයට පිටුපෑ තත්වය සිහිපත්වි දෙලොව රත් විය.
කළ හැකි කිසිවක් සිතා ගන්නටවත් බැරි වූ ඔහු හට සිහියට නැගුනේ මෙතැන සිටියහොත් මංගල සභාවේ දී තමා කවුරුන්දැයි යන්න මනාලයාගේ මව හඳුනාගන්නා බවත් ඉන් තමාගේ සමාජ තත්වයට මෙන්ම පවුල් ජීවිතයට බලපෑමක් විය හැකි බවත්ය.
එහෙයින් ක්ෂණයකින් බොරු ලෙඩක් මවා ගත් ඔහුට තදටම හෙම්බිරිසාව හැදිලා. මේ වැඬේට ඇරෙන්න බැරි නිසාමයි ආවේ. මනාල ජෝඩුවට මේ ලෙඩේ වැලඳුනොත් හරි කරදරයක් තමයි වෙන්නේ. ඒ නිසා ඉක්මනට මට මුඛ ආවරණයක් ගෙනවිත් දෙන්න යයි පවසා එය පැලඳ ගත්තේ තමා කවුරුන්දයි ඇයට හඳුනා ගැනීමට නොහැකිවන පරිද්දෙනි.
නැකැත් වේලාවට අනුව මංගල පෝරුවේ චාරිත්ර සිදුකිරීම එළඹීමත් සමග මුව ආවරණය පැලඳ, තම කොණ්ඩය පීරා තිබූ ආකාරය වෙනස් කර එතනට පැමිණි ඔහු තම කටහඩේ ස්වරය වෙනස්කර අෂ්ඨක කියා නිමකර දිවා ආහාරයද නොගෙන එතනින් පිටත්ව ගියේ දැඩි අසනීප තත්වයක් මවා පාමිනි.
කඹුරුපිටිය විශේෂ කේ. අජිත්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd