
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් රියදුරු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය සඳහන් කරයි.
එම පොත් තොගය සැකකරු කිලෝ 1600 ක බරට විකුණා ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. එම පොත් තොගය බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත බාර නොදී මේ ආකාරයට පරණ බඩු කඩයකට විකුණා ඇතැයි මූලික පරික්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.
නැගෙනහිර පළාතේ මධ්‍යස්ථාන 12 ක් වෙත බාරදීම සඳහා සැකකරු භාරගෙන තිබූ එම පොත් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 08 ක් පමණ වේ.
ක්‍රියාකාරකම් සහ පෙළපොත් 19,892 ක් එලෙස බාර නොදී ඇතැයි පවසමින් ඉසුරුපාය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (නිෂ්පාදන හා බෙදාහැරීමේ) එන්. ඩබ්ලිව්. ඩි. හිරෝෂි ගුණවර්ධන මහත්මිය ඉකුත් 12 වැනි දින කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා සැකකාර රියදුරු අත්අඩංගුවට ගෙන ඇත්තේ දොම්පේ කුඩාමාපිටිගම ප්‍රදේශයේ නිවසේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd