සුජිත් හේවාජුලිගේ
විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට ගෙන එන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සිය විරෝධතා ක්‍රියාමාර්ග වේගවත් කිරීමට විපක්ෂය සහ සිවිල් සංවිධාන තීරණය කර ඇත.
ඒ අනුව සියලු දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ලබන සතියේ රැස්වී ඉදිරි සටන් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පොදු තීරණයකට එළඹීමට නියමිතය.
එසේම, මෙම තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර සංවිධාන දැනුවත් කිරීමට කටයුතු යොදා ඇති බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී, නීතිඥ දයාසිරි ජයසේකර පැවසීය.
යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත මාගරට් සටර්ත්වයිට් මහත්මිය ද සිය නිල දැඩි කනස්සල්ල සහ විරෝධය පළ කර තිබේ.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කළේය.
පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඊට එරෙහිව අධිකරණයට යාම සඳහා දින 14ක කාලයක් හිමි වේ. එම කාලය තුළ පනත් කෙටුම්පතට එරෙහිව වැඩිම පෙත්සම් ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය, දේශපාලන පක්ෂ ඇතුළු සංවිධාන තීරණය කර ඇත.
මෙම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වා ද, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වා ද ඉහළ නැංවෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd