
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය නාවල පිහිටි එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක් අද (10) දහවල් පැවැත්වීය.
පොලිසිය සහ සන්නද්ධ හමුදා කැලණිය සහ කොළඹ විශ්වවිද්‍යාලවලට කඩාපැන එල්ල කළ ප්‍රහාරය සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් වන කැලුම් මුදන්නායක සහ දිල්ෂාන් හර්ෂණ මාස දෙකක් සිරගත කිරීමට විරෝධය දක්වමින් එම විරෝධතාව පැවැත්විණි.
‘ශිෂ්‍ය මර්දනය නවතනු’ සහ ‘රනිල් රාජපක්‍ෂ ජුන්ටාව පන්නමු’ ආදි සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශන කරමින් එහිදී විවෘත විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විරෝධතාවයේ නිතර වූහ
(ඡායාරූප: ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd