ශ්‍රී ලංකාවේ නාගරීකරණයේ අඛණ්ඩ විකාශනය නිසාවෙන් මහා පරිමාණ නිවාස ව්‍යාපෘති මඟින් හුදෙක් නිවාසයකට වැඩි පරිපූර්ණ, අනාගතවාදී සජීවී පරිසර පද්ධතියක් ඔවුන් බලාපොරොත්තු වෙයි. පරිමාණය සහ ඉදිරි දැක්ම එකට කැටි කරමින් Marina Square – Uptown Colombo කොළඹ සුඛෝපභෝගී ජීවන රටාව යලි හැඩගැස්වීමේ මෙම පරිවර්ථනයේ පෙරමුණ ගෙන සිටියි. මෙම සුවිශේෂී සම්මුඛ සාකච්ඡාවේදී විධායක අධ්‍යක්ෂ කෝසල වික්‍රමසිංහ මහතා මෙම ව්‍යාපෘතිය පිටුපස ඇති තම දැක්ම, ඒ සඳහා මගපෙන්වූ ප්‍රතිපත්ති මෙන්ම Marina Square – Uptown Colombo මඟින් රට තුළ ප්‍රතිනිර්මාණය කරන  නවීන නාගරික ජීවිතය කෙබඳුද යන්න පැහැදිලි කරයි.

තනි අදියරකින් නිම කළ ශ්‍රී ලංකාවේ විශාලතම වරාය ඉදිරිපස මිශ්‍ර-භාවිත (mixed-use) සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස Marina Square – Uptown Colombo නවීන නාගරික ජීවිතය ප්‍රතිනිර්මාණය කර ඇත. දිවයිනේ අනෙකුත් නිවාස ව්‍යාපෘති වලින් Marina Square – Uptown Colombo වෙනස් වන්නේ කුමන අංග වලින්ද සහ එමගින් 2026 දී පරිපූර්ණ සුඛෝපභෝගී නාගරික ජීවන සංකල්පය උසස් තත්වයකට ගෙන එන්නේ කෙසේද?

Marina Square – Uptown Colombo එහි ඇති ජීවන රටා පහසුකම් පෙළ සහ තත්ත්වය නිසාවෙන් කැපී පෙනෙන අතර කොළඹ සුඛෝපභෝගී නේවාසික ජීවිතය සඳහා නව මානයක් එක් කරයි. බොහෝ සංවර්ධන ව්‍යාපෘතීන් මඟින් තෝරාගත් පහසුකම් ප්‍රමාණයක් පමණක් ලබාදෙන අතර Marina Square – Uptown Colombo සිනමා ශාලාවක්, යෝග්‍යතා සහ සුවතා මධ්‍යස්ථාන (fitness and wellness centres), පිකල් බෝල පිටියක් (pickleball court) සහ ක්‍රීඩා පහසුකම්, ඉහළ මහලයේ විවේක අවකාශයන්, නිර්මාණය කළ විනෝදාත්මක අවකාශයන් (landscaped recreational areas), ළමා ක්‍රීඩා කලාප මෙන්ම පුළුල් පරාසයක සමාජයට නැඹුරු අවකාශයන් ඇතුළු වඩාත් පුළුල් පහසුකම් ප්‍රමාණයක් එකම ස්ථානයක් තුළ නිර්මාණය කර ඇත.

අන්තර්ජාතික ඉදිකිරීම් ප්‍රමිතීන්ට අනුකූලතාවයන්, වරාය ඉදිරිපස අගනා පිහිටීම සමඟ සබැඳුණු සුපරික්ෂාකාරීව තෝරාගත් ගෝලීය සන්නාමයන් Marina Square – Uptown Colombo නිවැසියන්ට ජීවත් වීමට, වැඩ කිරීමට සහ විවේක ගැනීමට හැකි අංග සම්පූර්ණ පරිසරයක් (live-work-leisure environment) ලබා දෙයි. මෙම සංවර්ධනය ඔස්සේ අපගේ සමස්ත අරමුණ වන්නේ දෛනික පහසුකම්, ජීවන රටාවන්හි ගුණාත්මකභාවය, දිගුකාලීන වටිනාකම වැඩිදියුණු කිරීම සහ පරිපූර්ණ සුඛෝපභෝගී නාගරික ජීවන සංකල්පය ඉහළ නැංවීමයි.

ජීවන රටාවේ විවිධාංග සමඟ බැඳුණු අන්තර්ජාතික සන්නාම සහ ප්‍රමුඛතම  සේවා සැපයුම්කරුවන් රැසක් සමඟ Marina Square – Uptown Colombo අත්වැල් බැඳගෙන ඇත. මෙම සංවර්ධනයේ සමස්ත වටිනාකම් යෝජනාව සංවර්ධනයට සහ ජීවන අත්දැකීම පොහොසත් කරමින් ආයෝජකයන්ට ඉහළ වටිනාකමක් නිර්මාණය කිරීමට මෙම සහයෝගීතාවයන් ගැළපෙන්නේ කෙසේද?

Marina Square – Uptown Colombo හි වටිනාකම් නිර්මාණය කිරීම පිටතින් පෙනෙන ජීවන රටා සහ අභ්‍යන්තරික සන්නාම වලට පමණක් සීමා නොවේ. ගෝලීය වශයෙන් උසස් සන්නාම වන Yale, Panasonic, KOHLER, Häcker Kitchens සහ Beko වැනි සන්නාමයන් දෛනික ජීවන අත්දැකීම ඉහළ නංවන අතරම ඉංජිනේරු සහ යටිතල පහසුකම් පද්ධති සඳහා දී ඇති අවධානය ව්‍යාපෘතියේ දිගුකාලීන ක්‍රියාකාරිත්වයට හේතු වෙයි.

TKE සෝපාන (TKE elevators), සීමන්ස් විදුලි පද්ධති (Siemens electrical systems), ස්ටැම්ෆඩ් ජනක යන්ත්‍ර (Stamford generators), ග්‍රන්ඩ්ෆොස් ජල කළමනාකරණ පද්ධති (Grundfos water management systems), විශේෂිත ජනේල සහ ආරක්ෂක වැට පද්ධති, ඒකාබද්ධ ආරක්ෂක සහ නිරීක්ෂණ ජාල, උසස් ගිනි හඳුනාගැනීමේ සහ ගිනි නිවන පද්ධති ඇතුළු ප්‍රසිද්ධ සන්නාම සහ තාක්ෂණයන් මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ගොඩනැගිලි පද්ධතියට ඇතුළත් කර ඇත. සුපරික්ෂාකාරීව තෝරාගත්  මොනාලිසා ටයිල් (Monalisa tiles) සහ අනෙකුත් උසස් අමුද්‍රව්‍ය වැනි නිමාවන්  ව්‍යාපෘතියේ ඉහළ  ගුණාත්මකභාවයට අඛණ්ඩව දායක වෙයි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස නේවාසිකයන්ට ඉහළ සුවපහසුව, ආරක්ෂාව, විශ්වසනීයත්වය මෙන්ම මානසික නිදහස හිමි වේ. එමගින් ආයෝජකයන්ට මෙම දේපළෙහි අන්තර්ජාතික ප්‍රමිති තහවුරුව, කාලයක් පුරාවට වටිනාකම පවත්වා ගැනීමට, නඩත්තු අවධානම අවම කරගැනීමට සහ වෙළඳපොළ වඩාත් ආකර්ෂණයක් දිනාගැනීමට උපකාරී වෙයි. මෙම උසස් ජීවන රටා අංග සහ ශක්තිමත් ඉංජිනේරු යටිතල පහසුකම්වල එකතුව රටේ සුඛෝපභෝගී නිවාස වෙළඳපොළ තුළ Marina Square – Uptown Colombo කැපී පෙනෙන ප්‍රධාන සාධකයකි.

කොළඹ නගර මධ්‍යයේ වරාය ඉදිරිපිට දුර්ලභ හා අද්විතීය ස්ථානයක් Marina Square – Uptown Colombo වෙතින් හිමි වෙයි. මෙම ස්ථානගතවීම ව්‍යාපෘතියේ ආකර්ෂණයට සහ දිගුකාලීන ආයෝජන වර්ධන හැකියාවට දායක වන්නේ කෙසේද?

Marina Square – Uptown Colombo හි මෙම වරාය ඉදිරිපස පිහිටීම මඟින් වෙරළබඩ ජීවන රටාව, නාගරික ජීවන රටාවේ පහසුව සහ අනාගත සංවර්ධන හැකියාව යන සියළු අංගවල එකතුවක් හිමිවෙයි. කොළඹ නගරයේ ඇත්තේ ඉතා සීමිත සංසන්දනාත්මක වෙරළබඩ ඉඩම් ප්‍රමාණයක් බැවින් මෙන්ම  පෝර්ට් සිටි (Port City) සහ සියලුම ප්‍රධාන ගමනාගමන පර්යන්තයන්ට සමීපව පිහිටා ඇති බැවින් ජීවන රටා ආකර්ෂණයට මෙන්ම දිගුකාලීන ආයෝජන වටිනාකම් වැඩිවීමට මෙම භූමිය උපකාරී වෙයි.

සංවර්ධක ඉදිරිදැක්මෙන් ගත්කළ Marina Square – Uptown Colombo හි ව්‍යූහාත්මක කටයුතුවල සිට අභ්‍යන්තර නිමාව දක්වා සෑම අංගයකම ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ ක්‍රියාවලියේ අන්තර්ජාතික ප්‍රමිති අඛණ්ඩව පවත්වාගැනීමට කුමන වර්ගයේ පද්ධති, ක්‍රියාවලි සහ පාලන ක්‍රම භාවිත කළේද?

Marina Square – Uptown Colombo හි පරිපූර්ණ තත්ත්ව සහතිකය ඉදිකිරීමේ ගුණාත්මකභාවය පමණක්ම නොවෙයි. එය පාරිභෝගිකයාට නිවාසය බාරදීම, මූල්‍ය සහ ක්‍රියාවලි නිශ්චිතභාවය යන විවිධ දිශාවන් ආවරණය කිරිමේ කාර්යයකි. ගැනුම්කරුවන් ආයෝජනය කරන්නේ ඉදිකිරීමේ ගුණත්වය සහ පහසුකම්, මිලදී ගැනීමට පෙර සිටම දැක බලාගැනීමට සහ අත්විඳීමට හැකි, පදිංචියට සූදානම් අංග සම්පුර්ණ ව්‍යාපෘතියකි. මෙහි කිසිඳු අනපේක්ෂිත ගැටළුවක්, දේපළ බාර දීමේ අවිනිශ්චිතතාවයන් හෝ ඉදිකිරීම් සම්පූර්ණ නොකිරීමේ අවධානම් නොමැත. දැඩි තත්ත්ව පාලනයන්, උසස් ඉදිකිරීමේ පද්ධති සහ අන්තර්ජාතික තලයේ ඉංජිනේරු ප්‍රමිතීන් හේතුවෙන් Marina Square – Uptown Colombo හි ගැනුම්කරුවන්ට ඔවුන් මිලදීගන්නා වත්කම සහ එහි දිගුකාලීන වටිනාකම පිළිබඳ විශ්වාසයක් ගොඩනැගෙයි.

Marina Square – Uptown Colombo දැනටමත් පදිංචියට සූදානම් ව්‍යාපෘතියක් ලෙස, අනාගත නිවාස හිමිකරුවන්ගෙන් සහ ආයෝජකයින්ගෙන් ලැබී ඇති ප්‍රතිචාරය කුමක්ද, සහ ගැනුම්කරුවන් ඉහළ උනන්දුවක් දක්වන්නේ එහි කුමන අංශයන් කෙරෙහිද?

දැකීම යනු විශ්වාස කිරීමයි. ඔබ Marina Square – Uptown Colombo සියැසින්ම දැකීමෙන් පසු, මෙම වරාය ඉදිරිපස ජීවන රටාව, පුළුල් පහසුකම් සහ ගුණාත්මක නිමාව ඔබට පසක්වෙයි.

Marina Square – Uptown Colombo ව්‍යාපෘතිය සංවර්ධනය කර තිබෙන්නේ ඉංජිනේරුකරණයේ සහ නව්‍ය ඉදිකිරීම් ක්‍රමවේද වල නායකත්වයක් දරන Access Engineering විසින්ය. ප්‍රවාහනය සහ වරාය වැනි මහා පරිමාණ යටිතලපහසුකම් පිළිබඳ එහි පුළුල් අත්දැකීම් මෙම නිවාස ව්‍යාපෘතියට අනුකූලව යෙදවූයේ කෙසේද?

Access Engineering හි යටිතල පහසුකම්, ඉදිකිරීම් සහ විවිධ සහායක විෂයයන් එකම ඒකාබද්ධ වේදීකාවකට එකතු වීමෙන් අද්විතීය ස්ථානයක් හිමිකර ගනියි. මෙම ඉදිරි සහ පසු ඒකාබද්ධතාවය සහ ගොඩනැගිලි තොරතුරු ආකෘතිකරණය (BIM - Building Information Modelling) මත පදනම් වීම මගින් ගුණාත්මකභාවය, කාර්ය සාධනය සහ සම්බන්ධීකරණය පිළිබඳ සුවිශේෂී පාලනයකින් යුතුව Marina Square – Uptown Colombo ක්‍රියාත්මක කිරීමට හැකියාව ලබා දී ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස  මෙම ව්‍යාපෘතිය සුඛෝපභෝගීත්වය පමණක් නොව උපරිම වටිනාකමක් සඳහා ඉංජිනේරුකරණය,  සුරක්ෂිතබව සහ කල්පැවැත්මෙන් යුක්ත වෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛපෙළ ආයතනික දැවැන්තයන්ගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක මහා පරිමාණ සංවර්ධනයේ සන්ධිස්ථානයක් ලෙස Marina Square – Uptown Colombo කොළඹ දේපළ වෙළඳපොළ වෙත උනන්දු ජාත්‍යන්තර ආයෝජකයින් අතර විශ්වාසය වැඩිදියුණු කරන්නේ කෙසේද?

Marina Square – Uptown Colombo යනු ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය සහ ඉතා උසස් ව්‍යාපෘති සංවර්ධනය කිරීමේ හැකියාව පිළිබඳ විශ්වසනීයත්වය සඳහා ප්‍රබල ප්‍රකාශනයකි. ශක්තිමත් ආයතනික පසුබිම, අගනා වරාය ඉදිරිපස පිහිටීම, අන්තර්ජාතිකව මිණුම් කළ ගුණත්වය සහ පුළුල් ජීවන රටා පිරිනැමීමක් සමඟ එක්වූ එය රටෙහි වඩාත් සුවිශේෂී අංග සම්පූර්න මිශ්‍ර-භාවිත සංවර්ධන අතරට එක් වෙයි.

වඩාත් වැදගත් කරුණ වන්නේ Marina Square – Uptown Colombo ‍යනු ඔරොත්තු දීමේ හැකියාව සහ ක්‍රියාත්මක කිරීමේ විශිෂ්ටත්වය පිළිබඳ සාක්ෂියක් වීමයි. COVID-19 වසංගතය, ගෝලීය සැපයුම් ජාල බිඳවැටීම් මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ වුවද ගුණත්වය, ආරක්ෂාව හෝ දිගුකාලීන දැක්ම පිළිබඳව අසම්මුතියකින් තොරව පිරිනැමීම මගින් මෙය පසුපස ඇති සංවිධානයන්හි කැපවීම සහ ශක්තිය පිළිබිඹු වෙයි.

ගුණාත්මකභාවය, දේපළ බාරදීම හෝ දිගුකාලීන වටිනාකම පිළිබඳව අවිනිශ්චිතතාවයකින් තොරව අභියෝගාත්මක තත්වයන් යටතේ එහි ඔරොත්තු දීමේ හැකියාව දැනටමත් ඔප්පු කර ඇති වර්ථමාන දේපළ වෙළඳපළ තුළ  වර්ධනාත්මක වටිනාකමක් ඇති අංග සම්පූර්ණ වත්කමක් Marina Square – Uptown Colombo විසින් විදේශ ආයෝජකයන්ට පිරිනමයි.

Marina Square – Uptown Colombo ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී දේපළ වෙළඳපළට නව හඳුන්වාදීම් කිහිපයක්ම සිදුකර තිබෙයි. ඔබ සිතන ආකාරයට ශ්‍රී ලංකාවේ අනාගත මිශ්‍ර-භාවිත ව්‍යාපෘති නිර්මාණයේදී ඉන් වඩාත් බලපෑමක් එල්ල කරන්නේ කුමන නව අංගයන්ද?

Marina Square – Uptown Colombo යනු තවත් එක් නව නිර්මාණයක් පමණක්ම නොවේ. එය නව නිර්මාණාංග එකතුවක් එකම ව්‍යාපෘතියක් තුළට ගෙන ඒමකි.  එහි ඒකාබද්ධ මිශ්‍ර-භාවිත සංකල්පයේ සහ පුළුල් ජීවන රටා පහසුකම්වල සිට අගනා වරාය ඉදිරිපිට පිහිටීම දක්වා  උසස් ඉදිකිරීමේ පද්ධති සහ අන්තර්ජාතිකව මිණුම් කළ ඉංජිනේරුකරණය රටේ අනාගත නිවාස ව්‍යාපෘති සඳහා නව  සලකුණක් එක් කරයි.

Marina Square – Uptown Colombo ශ්‍රී ලාංකේය දේපළ වෙළඳාම් ක්ෂේත්‍ර පරිණාමයේ තීරණාත්මක ඉදිරි පියවක් ලෙස ඒකාබද්ධ නිර්මාණ සහ ඉංජිනේරු විශිෂ්ටත්වය එකට කැටි කරමින් සුඛෝපභෝගී ජීවන දැක්ම වඩාත් උසස් තත්වයකට පත් කර ඇත. එය, සිහින මැවූ අනාගත කොළඹ නගරය යථාර්ථයක් බවට පත්කරන වැදගත් හැරවුම් ලක්ෂයකි.