- අගෝස්තු මාසයේදී පමණක් රු.බි. 19.5 ක විදෙස් ආයෝජන ඉවත් කරගෙන
- මුල් මාස හතේදී මාසයකට රු.බි. 5ක ආයෝජන ඉවත් කරගැනීමේ සාමාන්‍යයක්
- දෛනික පිරිවැටුමට විදෙස් ආයෝජක දායකත්වය සියයට 3ක් දක්වා අඩුවෙයි
2026 වසරේ ජනවාරි සිට අගෝස්තු 24 වැනිදා දක්වා ගත වූ කාලසීමාවේදී කොළඹ කොටස් හුවමාරුවෙන් පිටතට ගලා ගිය ශුද්ධ විදෙස් ආයෝජනවල වටිනාකම රුපියල් බිලියන 55.8 ක් ලෙස සටහන්ව තිබේ.
විශේෂයෙන්ම රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ශක්තිමත්වීම, පොලී අනුපාත අපේක්ෂා, මැදපෙරදිග යුද ගැටුම් නිසා ඇතිවූ ගෝලීය අවදානම් යනාදිය මෙලෙස විදෙස් ආයෝජන පිටතට ඇදීයාමට හේතුවක් වී ඇතැයි මේ පිළිබද වාර්තාවක් ගෙන එන කොටස් තැරැව්කාර සමාගමක් වන Senfin Securities පවසයි.
එහිදී වසරේ මෙතෙක් වැඩිම ශුද්ධ විදෙස් ආයෝජන පිටතට ගලායෑම ලෙස අගෝස්තුමාසයේදී පමණක් රුපියල් බිලියන 19.5ක් වටිනා ආයෝජන ඉවත් කරගැනීමක් සිදුව තිබීමත් විශේෂත්වයකි. ඒ අනුව අගෝස්තු මාසයේදී පමණක් මෙලෙස පිටතට ගලාගිය විදෙස් ආයෝජන ප්‍රමාණය වසරේ මේ දක්වා පිටතට ගලාගිය විදෙස් ආයෝජන අතරින් සියයට 35ක ප්‍රතිශතයක් ගනී. එසේම අගෝස්තු මාසයේ සෑම ගනුදෙනු දිනකම පිටතට ගලාගිය ආයෝජනවල වටිනාකම රුපියල් බිලියන 1.22කට ආසන්න වන බවත් පැවසෙයි.
මේ අතර ජනවාරි සහ ජූලි දක්වා කාලය තුළ මෙම පිටතට ගලායෑම් රුපියල් බිලියන 36.3ක් ලෙස සටහන්ව තිබූ අතර, එය මාසයකට රුපියල් බිලියන 5ක ආයෝජන ඉවත් කරගැනීමේ සාමාන්‍යයක් ලෙස සටහන්ව තිබේ.
ඒ අනුව ජනවාරියේ සිට ජූලි දක්වා මෙම ශුද්ධ ගලායෑම් රුපියල් බිලියන 7ක්, රුපියල් බිලියන 16ක්, රුපියල් බිලියන 20ක්, රුපියල් බිලියන 25ක්, රුපියල් බිලියන 33ක්, රුපියල් බිලියන 34ක් සහ රුපියල් බිලියන 36ක් ලෙස සටහන් විය.
මෙම තත්වයත් සමගින්ම අද වනවිට දෛනික පිරිවැටුම සඳහා වන විදෙස් ආයෝජක දායකත්වය සියයට 3ක් පමණක් බවට පත්ව තිබෙන බවත්, වසර තුළ එය සියයට 16.4ක ප්‍රතිශතයක් ගත් බවත් සඳහන් වෙයි.
ඒ අනුව මෙලෙස අලෙවි කළ කොටස් මිලදී ගැනීම සඳහා වැඩි වශයෙන්ම දේශීය ආයෝජකයන් ඉදිරිපත්ව තිබෙන බවත් Senfin Securities සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd