- ටොන් 98,395ක ඉහළම කරදිය මත්ස්‍ය නිෂ්පාදනය දකුණු පළාතෙන්
- උතුරු මැද පළාතෙන් ටොන් 15,414ක ඉහළම මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනයක්
පසුගිය 2025 වසරේදී මෙරට මත්ස්‍ය නිෂ්පාදනය ටොන් 364,190ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2024 වසරේදී වාර්තා කළ ටොන් 410,760 ක මත්ස්‍ය නිෂ්පාදනයට සාපේක්ෂව සියයට 11.33 ක අඩුවීමකි.
මහ බැංකුව නිකුත් කළ ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2026 වාර්තාවේ මෙම කරුණු ඇතුළත්ව තිබේ. මෙහිදී 2025 වසර තුළ සමස්ත කරදිය මත්ස්‍ය නිෂ්පාදනය ටොන් 308,205ක් සහ මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 55,985කි.
පළාත් අනුව ගත් විට 2025 වසරේදී වැඩිම කරදිය මත්ස්‍ය නිෂ්පාදනය වන ටොන් 98,395ක් දකුණු පළාතෙන් වාර්තා වී තිබේ. එසේම උතුරු සහ නැගෙනහිර පළාත්වලින් ටොන් 68,360ක් සහ ටොන් 61,910 ක් බැගින් ලැබී තිබේ. බස්නාහිර පළාතේ කරදිය මත්ස්‍ය නිෂ්පාදනය ටොන් 45,555 කි. වයඹ පළාතේ එය ටොන් 33,985 කි.
මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනයෙන් වැඩිම ප්‍රමාණය වන ටොන් 15,414 උතුරු මැද පළාතෙන් වාර්තා වී තිබේ. එසේම නැගෙනහිර සහ වයඹ පළාතෙන් පිළිවෙළින් ටොන් 13,774 ක් සහ 12,383ක් ලැබී තිබේ. අඩුම අගය වන බස්නාහිර පළෘතේ මිරිදිය මත්ස්‍ය නිෂෟපාදනය ටොන් 1,130කි.
මේ අතර 2018 වසරෙන් පසුව අඩුම මත්ස්‍ය නිෂ්පාදනයක් වාර්තා වූ වසර ලෙසින්ද 2025 සැලකෙයි.
ඒ අනුව 2018 දී ටොන් 527,060ක්, 2019 දී ටොන් 505,830ක් ලෙස සටහන් වූ එම නිෂ්පාදනය 2020 දී ටොන් 428,740ක් දක්වා අඩු වී තිබේ. කෙසේ වෙතත් 2021 දී ටොන් 435,910ක් ලෙස ඉහළ ගිය නිෂ්පාදනය සහ 2022 දී ටොන් 397,230ක් ලෙස පහත වැටී තිබේ. අනතුරුව 2023 දී සහ 2024 දී පිළිවෙළින් ටොන් 407,070ක් සහ 410,070ක් ලෙස මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ ගොස් තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd