
ශ්‍රී ලංකාවේ සාර්වආර්ථික තත්වය වඩාත් යහපත් අතට පත්වුවත්, එය මෙතෙක් ජනතාව අතරට ගොස් නැතැයි DCSL සමාගමේ සභාපති හසිත එස්. ජයවර්ධන මහතා පවසයි. ඒ අනුව ජනතාව අතර වියදම් කිරීම් තවදුරටත් සිමා වී තිබෙන බවත්, ඒ හේතුවෙන් සිය DCSL හි මත්පැන් ව්‍යාපාරය වෙත වඩාත් සංකීර්ණ මෙහෙයුම් පරිසරයක් නිර්මාණය කර තිබෙන බවත් ඒ මහතා සඳහන් කරයි.
2026 මාර්තු 31 වැනිදායින් අවසන් වූ 2025/26 මූල්‍ය වර්ෂය සඳහා නිකුත් වුණු DCSL වාර්ෂික වාර්තාව වෙත අදහස් දැක්වීමක් සිදු කරමින් සභාපතිවරයා මෙම කරුණු සඳහන් කර තිබේ.
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය සමගින් ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ තවදුරටත් ක්‍රියාත්මක වීම නිසා ඇති වූ වඩාත් යහපත් විනිමය අනුපාත ස්ථාවරත්වය, උද්ධමනයේ ලිහිල්වීම සහ ආයෝජක විශ්වාසය ශක්තිමත් වීම යන කාරණාවල සහයෝගයෙන් ගත වූ මෙම වසර තුළ ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික තත්වය ක්‍රමයෙන් දියුණුවට පත් වුණා. කෙසේ වෙතත්, සාර්ව මට්ටමේ මෙම වැඩිදියුණු වීම් බොහෝ නිවාස සඳහා ඉහළ මට්ටමේ ඉවත දැමිය හැකි ආදායමක් බවට සම්පූර්ණයෙන්ම පරිවර්තනය වී නැහැ. තවමත් පවතින ඉහළ ජීවන වියදම සහ බදු ගැලපීම් යනාදිය නිසා පාරිභෝගික වියදම් කිරිම් තවදුරටත් විමසිල්ලෙන් තමයි සිදු වෙන්නේ. එතැනදී පාරිභෝගික අභිමතය මත, මිල සංවේදතාව පවතින නිෂ්පාදන කාණ්ඩයක් වන අපගේ නිෂ්පාදන වෙත වඩාත් සංකීර්ණ මෙහෙයුම් පරිසරයක් නිර්මාණය කර තිබෙනවා.“
මෙම මූල්‍ය වාර්තාවට අනුව 2025/26 මූල්‍ය වර්ෂයේදී DCSL සමාගම රුපියල් මිලියන 164,380ක දළ පිරිවැටුමක් හිමි කරගැනීමට සමත්ව ඇති අතර, එය 2024/25 මූල්‍ය වර්ෂයේ වාර්තා කළ රුපියල් මිලියන 138,940 ක දළ පිරිවැටුමට සාපේක්ෂව කැපී පෙනෙන අගයක ඉහළ යාමකි. එසේම 2025/26 මූල්‍ය වර්ෂයේදී සමාගම රුපියල් මිලියන 102,898 ක සුරා බදු ගෙවීමක් සිදු කර ඇති අතර, පෙර වසරේදී එය රුපියල් මිලියන 85,257 කි. මෙම තත්වයත් සමගින් 2025/26 මූල්‍ය වර්ෂයේදී DCSLබදු පසු ලාභය රුපියල් මිලියන 16,844කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd