
(යොහාන් භාසුර)
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තිය සමිති 26ක් ආරම්භ කළ වැඩවර්ජන හේතුවෙන් දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කර ඇති අතර දුම්රිය ස්ථානවලින් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ද අත්හිටුවා තිබේ.
දුම්රිය ස්ථානවලට පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවල ආරක්ෂාව යොදා ඇති අතර මන්දගාමී දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කිරීම නිසා මගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.
කෙසේ වෙතත් පිට පළාත්වල සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරන කාර්යාල දුම්රිය රැසක් ධාවනය කළ අතර මන්දගාමී දුම්රිය කීපයක් මේ වන විටත් අවලංගු කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd