ඩයලොග් ආසියාටා පීඑල්සී (Dialog Axiata PLC), 2026 අයෝචි-නගෝයා ආසියා ක්‍රීඩා උලෙළට (2026 Aichi-Nagoya Asian Games) සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩක කණ්ඩායම වෙනුවෙන් සිය අනුග්‍රහය ලබා දී ඇත. 

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව සමඟ අත්වැල් බැඳගත් ඩයලොග් ආසියාටා ආයතනය ආසියා ක්‍රීඩා උලෙළ නියෝජනය කරන ශ්‍රී ලාංකේය දිරිය දූ පුතුන්ට අනුග්‍රාහක ශක්තිය ලබාදෙන්නේ අපේ රටේ රන් ඉලක්කය කරා යන ජාතියේ පැතුම බලගන්වන ජවයක් එකතු කරමින්.

දශක ගණනාවක් පුරා අප රටේ ක්‍රීඩාව වෙනුවෙන් පෙනී සිට ඇති මෙරට අංක එකේ ක්‍රීඩා ප්‍රවර්ධකයා මෙන්ම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී, 2028 දක්වා ජාතික ඔලිම්පික් කමිටුවේ නිල විදුලි සංදේශ සහකරු ලෙසද කටයුතු කරයි. 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උලෙළ දිගුකාලීන ඉලක්කයක් ලෙස තබා ගනිමින් රට තුළ ක්‍රීඩාව සංවර්ධනය කිරීමට උපකාර කිරීමේ පුළුල් කැපවීමක කොටසක් ලෙස මෙම අනුග්‍රහය ලබා දී ඇත.

අයෝචි-නගෝයා ක්‍රීඩා උලෙළ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබන අත්දැකීම් එම ඉලක්කය කරා ළඟා වීමට තැබෙන වැදගත් පියවරක් වනු ඇතැයි ඩයලොග් ආයතනය විශ්වාස කරයි.

ඩයලොග් සමාගම  ක්‍රිකට්, වොලිබෝල් සහ ඊ-ස්පෝර්ට්ස් (Esports) යන ජාතික කණ්ඩායම්වල ප්‍රධාන අනුග්‍රාහකයා වේ. ජාතික පැරා ක්‍රීඩා උළෙල සහ පැරාලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම බලගැන්වීමට මෙන්ම ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් තරගාවලිය සහ පැරාලිම්පික් ක්‍රීඩා සඳහා වන ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ද සමාගම කටයුතු කරනු ලබයි. තවද, හෙට දින ශූරයන් බලගැන්වීමේ සිය දැක්මට අනුකූලව, ඩයලොග් සමාගම ජනාධිපති රන් කුසලාන වොලිබෝල් ශූරතාවලිය, ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නෙට්බෝල් තරගාවලි, පාසල් රග්බි තරගාවලි  බලගන්වන අතර, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ නිල සන්නිවේදන සහකරු ලෙස 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල කරා යන ශ්‍රී ලංකාවේ ගමනට ද ශක්තිය සපයයි.